(රංජන් කස්තුරි)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යාලයක් කොළඹ පිහිටුවීම සඳහා රජය කිසිදු එකඟතාවයකට පැමිණ නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා පැවසීය.
විවිධ පාර්ශව එවැනි චෝදනා එල්ල කළද වත්මන් ආණ්ඩුව මේ දක්වා එවැනි එකඟතාවයකට එළඹ නැතැයි ද පෙරේරා මහතා පැවසීය.
ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් යාන්ත්‍රණයක් තිබෙන අතර අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර ආයතනවලින් තාක්ෂණික සහාය පමණක් ලබාගත යුතු බවද ඔහු කීවේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී පෙරේරා මහතා මේ බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පච කෙල්ලින්න එපා, මේ ආණ්ඩුව ඇවිල්ල අවුරුද්දක් යන්නත් කාලින ඔය කියන කාර්යාලය විවුර්ත කලේ
ඕක කොහෙද තියෙන්නේ.උඩ අදහස් දාල තියනකෙනා කියන්න බලන්න.