IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහි නඩුව කල් යයි

ඔගස්ටින් ප්‍රනාන්දු                                         
 
විදුලි ඉංජිනේරුවරයකුට දුරකතනයෙන් බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කතුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා මහතාට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම  අගෝස්තු මස 28 වැනිදා දක්වා කල් තැබීමට හලාවත මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (07) නියෝග කළේය.

 
මන්ත්‍රීවරයාගේ නිවසට නීති විරෝධීව විදුලිය ලබා ගෙන ඇති බවට ලද තොරතුරක් අනුව 2015 වසරේ දිනක දී හලාවත විදුලි ඉංජිනේරු ප්‍රසාද් ජුඩි රත්නායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගොස් මන්ත්‍රීවරයානේ නිවසේ විදුලිය විසන්දි කර තිබේ.
 
එම සිද්ධියෙන් පසු මන්ත්‍රීවරයා විදුලි ඉංජිනේරුවරයාට දුරකථනයෙන් බැන තර්ජනය කළ බවට විදුලි ඉංජිනේරුවරයා   හලාවත පොලිසිය කළ පැමිණිල්ලක් අනුව මන්ත්‍රීවරයාට එරෙහිව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු පවරා තිබුණි.
 
මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී  මන්ත්‍රීවරයා අධිකරණය හමුවට නොපැමිණ සිටි අතර ඔහු ඒ වන විට හලාවත මහාධිකරණයෙහි විභාග වන නඩුවකට පෙනී සිටින බව අනාවරණය වීම නිසා මෙම නඩුව කල් තැබිණි.
 
 
මන්ත්‍රීවරයාගේ නිවසට නීති විරෝධීව විදුලිය ලබා ගැනීමෙන් විදුලි බල මණ්ඩලයට සිදුව තිබූ හානීය ලෙසින් රුපියල් ලක්ෂ පහලොවකට අධික මුදලක් දඩ වශයෙන් මන්ත්‍රීවරයාගෙන් අය කර ගෙන තිබේ.



අදහස් (0)

මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහි නඩුව කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site