(දීපා අධිකාරි,ප්‍රසාද් මුතුකුඩ)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නඩුවක සැකකාරියක වු ඔනෙලා ද සිල්වා අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
ලංකාවේ ඉල්ලීම මත අබුඩාබියෙන් ඊයේ (9) ලංකාවට එවනු ලැබු අතර ආගමන විගමන නිලධාරීන් ඇය අත්අඩංගුවටගෙන මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයට බාර දුන්නේය.
2013 ඔක්තොබර් පළමු වැනිදාත් 2014 අගෝස්තු 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශුද්ධීකරණ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

COMMENTS
අව්ලක් නැහැ හවස් වෙනකොට එලියට එනවා.
එක හොදයි , මේවා හරියට විභාග කෙරෙනවනම් හොදයි.
මෙයා නිල් බලකායෙ ද ?
බන්දනගර රෝහලේ කාන්තා වාට්ටුව සුදානම කරන්න.
බන්ධනාගාර රෝහලක් තියනවා අවුලක් නැහැ.
දන්නේ නැති නිසා මේ අහන්නේ? අර ආසියාවේ ලොකුම බැංකු මංකොල්ලය ඔය කියන පනතට අදාල නැතිද ?
ලෝකයේ ලොකුම මුදල් වංචා කරලා බේරෙන්න පුළුවන් රට කුමක්ද? ලංකාවේ මහා බැංකුවේ මුදල් හොරකම් කල නොහැකි නම් තායිවාන් වලින් දෙනු ලැබේ. මේ සඳහා උපදෙස් අඩු මිලට විශේෂඥ RK හෝ හංසයාගෙන් ලබා ගත හැක. මහා විශේෂඥ MR සහ රාජපක්ෂ වරු මිල අධික වන අතර හමු වීමට මසකට කලින් බූක් කරන්න. ඉක්මන් හමු වීමට GMOA සහය වනු ඇත.
බන්දනාගාර රෝහලේ ඇඳ දැනටම සුදානම්ලු
ඩීල් දාස මහත්තය ඉන්නකාලේ නැති කාලේ කියල වෙනසක් නෑ. ඊට ඉහල කට්ටියගේ ඩීල් වලින් ඔක්කොම කවර් වෙලා යනවා. මෙලහකටත් බන්ධනාගාර තරු පහේ රෝහල් කාමරය සුදානම් ඇති.
එක එක මෙහෙම ලිහෙද්දී. ඊළඟ ආණ්ඩුවට පුලුවන් මහා බැංකු හොරුන් හිරේ දාන්ඩ. නාමල්ගේ නඩුත් ඉක්මනින් අසා දඬුවම් කරන්ඩ නැතිනම් නිදහස් කරන්ඩ.
හැබැයි මිලයන 30 වගේම බිලයන ගණන් වෙන ඒවාටත් සැකකරුවන්ව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි?