පුද්ගලයින් 22කට මරු කැඳවමින් මැන්චෙස්ටර්හි සඳුදා රාත්‍රියේ එල්ලවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට එරට පොලිසිය විසින් 23 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.
පොලිසිය සඳහන් කර ඇත්තේ එම නගරයේ සාප්පු සංකීරණයක දී ඔහු අත්අඩංගුවට ගත් බවයි. නමුත් පොලිසිය ට්විටර් පණිවිඩ මගින් සටහන් කර තිබුණේ පෙර දින රාත්‍රී ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගේ සම්බන්ධයක් ඇත්දැයි මෙතෙක් තහවුරු කරගෙන නැති බවයි.