(බන්දු තඹවිට/තුසිත කුමාර ද සිල්වා )
මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන ජෝසප් කුමාර නොහොත් ජෝසා නැමැත්තා සහ ඔහුගේ ගෝලයන් තිදෙනෙකු විදේශ රටක නිපදවූ රිවෝල්වරයක් , ජීව උණ්ඩ,සහ මත්කුඩු සමඟ කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය වැලිපැන්න සිහිලැල්තැන්නේදී අත් අඩංගුවට ගෙන ඇත.
ඝාතන සිද්දියකට සිරගතවී සිට මීට මාසයකට පෙර ඇපමත නිදහස්වී පැමිණ ඇති මෙම ජෝසා නැමැත්තාට අයත් සිහිලැල්තැන්නේ පිහිටි නිවසේ දී වෙඩිතබා පුද්ගලයෙකු පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ එම අවස්ථාවේදී ඔහුගේ දරුවෙකුට තුවාල සිදුකිරීමට තොරතුරු සැපයීම පිළිබඳව කොස්ගොඩ සුජීගේ හිතවතුන් දෙදෙනෙකු ඝාතනය කිරීමට සුදානමින් සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
ඔහු සමග රත්මලාන,උඩවලව,සහ වලපනේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තිබී මිලිමීටර් 9 වර්ගයේ විදේශ රටක නිෂ්පාධිත රිවෝල්වරයක් ,ජීව උණ්ඩ 10 ක් සහ හෙරොයින් ග්‍රෑම් 05 ක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් භාවිතා කළ රෙන්ට් , කාර් ආයතනයකට අයත් මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද බලාගෙන ඉන්නේ? වෙඩිතියන්න හැදුවා කියලා මරණ දඬුවම දෙන්න තියෙන්නේ.
පාතාලය මර්ධනට සහය වන සියලු දෙනාට යෝධ බල,ධෛර්ය, ශක්තිය හා වාසනාව උදා වේවා!!!
අදම ඇප දෙනවැයි?