IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මධුෂ්ගේ ගෝලයින් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
කඹූරුපිටියේදී  අත්අඩංගුවට ගත් මා කඳුරේ මධූෂ්ගේ ගෝලයින් සිව්දෙනා දිනහතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට දෙයියන්දර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ඉන්දික ජාතුංග මහතා  නියෝග කළේය.

පදලංගල පදිංචි කස්තුරිආරච්චිගේ කසුන් තරංග නොහොත් පදලංගල රාලහාමි, මොනරාගල දොඹගහවෙල අමරසිංහ දීගලගේ අමිල සම්පත්, බුද්ධම මරක්කල කලු ගෙදර පෝෂිත ධනුෂ්ක හා ගතාර අසංක ඉඳුනිල්යන එම සැකකරුවන් සිව් දෙනා මෙලෙස රඳවා  ප්‍රශ්න කෙරෙති.

මෙම පුද්ගලයින්  සිව්දෙනොම කඹුරුපිටියට පැමිණ මදුෂ්ගේ ඥාතියෙකුගේ නිවසේ රැදී සිටියහ.  ඔවුන් එලෙස රැඳී ඇත්තේ මධූෂ්ගේ ඥාතියකුටම තර්ජනය කරමින්, මදුෂ්ට බය නැති යයි බැණ වැදුණු බව කියන පුද්ගලයෙකු ඝාතනය කිරිම සදහා දැයි   පරීක්ෂණයක් පවත්වන බව උසස් පොලිස්නිලධාරියෙක් පැවසීය.

මෙම පුද්ගලයින්  සිව්දෙනෙකු  කඹුරුපිටියට පැමිණ මදුෂ්ගේ ඥාතියෙකුගේ නවසේ රැදී සිටිමින් ඔහුගේ ඥාතියකුටම තර්ජනය කර මදුෂ්ට බය නැති බවට බැණ වැදුණු බව කියන පුද්ගලයෙකු ඝාතනය කිරිම සදහා දැයි පිළිබඳව  පරීක්ෂණයක් පවත්වන බව උසස් පොලිස්නිලධාරියකු පැවසීය.
මීට දින කිහිපයකටපෙර බීමත් පුද්ගලයෙකු මදුෂ්ගේසමීපතම ඥාතියකු සමග ආරවුලක් ඇති කර ගෙන තිබු අතර එහිදී ඔහු “අඩෝ මම ඔය මදුෂ්කයටවත් බය නැහැ. පුලුවන් දෙයක් කරහන්.”කියා තර්ජනය කර තිබෙන බව කියති.
කෙසේ වෙතත් එම අවස්ථාවේදීම කිසිවකු විසින් ඒ බව ඩුබායි හී සැගවී සිටින බව කියන මදුෂ්ට දුරකතනයෙන් දැනුම් දී තිබෙන අතර ඔහු ඒ සැණින්ම තම ඥාතින්ට කතා කර ඒ ගැන විමසා තිබෙන බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් ඊට පසු දින බීමතින් තර්ජනය පුද්ගලයා පැමිණ තමන් අතින් පෙරදින සිදුවු වැරැද්ද පිලිබඳව මදුෂ්ගේ ඥාතින්ට කණගාටුව පළ කර වැද සමාව ගෙන ඇති බවටද පොලීසියට තොරතුරු ලැබී තිබේ.
ඊට සම්බන්ධපුද්ගලයා ඝාතනය කිරිමේ අරමුණින් “පදලංගලරාලහාමි”ඇතුළුපිරිස පැමිණ ඇත්ද යන්න විමර්ශනය කරන බව පොලීසිය කියයි.
කෙසේ වෙතත් ඉකුත් 17 වැනිදා  කඹුරුපිටියපොලීසියේ ස්ථානාධිපතිඕ.යූ.ජයශාන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින්  කඹුරුපිටිය ගතාරේ මදුෂ්ගේ ඥාතියාගේ නිවසේ රැදී සිටියදී ඔහුගේගෝලයින් සිව් දෙනා පොලිස්අත්අඩංගුවටපත් විය.
ඔවුන්ට අදාලකොන්ත්‍රාත් ඒ වන තෙක් භාරදී නොතිබුබවත් එය භාර දීම සදහා “සුදු මාමා”නැමැති පාතාල සාමාජිකයා පැමිණීමට  නියමිතව තිබු බවත් සැකකරුවන් පොලීසියට ප්‍රකාශකර තිබුණි.
ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සදහා එම සැකකරුවන් මාතර කොට්ඨාසයභාර පොලිස් අධිකාරීජී.එච්.මාරපන මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙනු ලැබීය.
ඉකුත් 07වැනි දින කොළඹ 12 කෙසෙල්වත්තේ දී කොස් මල්ලී නැමැති පාතාල සාමාජිකයාගේ ගෙල කපා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන්ද එම සැකකරුවන්ගෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි වී ඇත.



අදහස් (0)

මධුෂ්ගේ ගෝලයින් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site