අජන්ත කුමාර අගලකඩ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හෙට (16) උදේ කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුව හදිසියේ අවලංගු කර ඇතැයි වාර්තාවේ.
ජානාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් හෙට උදේ 8.00ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන බැවින් ඊට සහභාගි වන්නයි ජනාධිපති කාර්යාලය මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව ආරාධනා කර තිබිණි.
COMMENTS
තනි වචනයක් නැති. වචන වෙනස් කරන ජානාධිපතිවරයෙක්..
මොකක් හෝ විශේෂ හේතුවක් නොමැතිව මෙවැනි වැදගත් හමුවක් ජනාධිපතිතුමා හදිසියේ අවලංගු කිරීම විමතියට කරුණක් වෙනවා! සමහරවිට එතුමාට අලුතෙන් ප්‍රකාශ කිරීමට දෙයක් නැති නිසා මේ හමුව අවලංගු කරාද දන්නෙත් නැහැ නේ. එතුමාත් පළපුරුදු පුවත්පත් කලාවේදියෙක් හෙයින් කලින් අහපු දේවල් නැවත නැවත කියවනවිට අමිහිරි මෙන්ම ප්‍රයෝජනවත් නොවන නිසා, මෙහෙම තීරණය ගත්තා වෙන්න ඇති.
මාධ්‍ය ඉදිරියේ කතාකරන්න නැති වෙන නිසා ලැජ්ජාවට කැන්සල් කරන්න ඇති.......
පාර්ලිමන්ට් ජෝක්ස් ....
ඒක හොදයි මෙතුමා මොනවද කතා කරන්නේ කියා නොදනී
කවුරු සමග සාකච්චා කලත්, ජනපති මේ වෙලාවේ ජනතා සතුරන්ට විරුද්ධව දැඩි පියවරක් ගත යුතුමය. මෙතෙක් දේශපාලන සාධක බලපෑවේ තමන්ගේ පැවැත්මට තර්ජනාත්මකව නම්, වහාම ඒ තර්ජන බලය යොදා හෝ ඉවත් කරන්න. මාධ්‍ය වේදීන්ගේ හිත දිනා ගන්නවා කියන්නේ ජනතාවගේ හිත දිනා ගැනීමයි. ජනපති කතා කරනවා පමණයි කියන තැනට ජනපතිව තල්ලු කරනු ලැබුයේ තමාගේ දේශපාලන සතුරන් කියා ඔහුට ඇඟ බේරා ගත නොහැක. ආරක්ෂණ වැඩපිළිවෙලක් යොදා ගෙන බය නැතුව "සැනෙන්" වැඩ පටන් ගන්න. කඩුවක් අරගෙන දේශපාලන හොරුන් පස්සේ පන්නන වා වෙනුවට සැත්කම් වෛද්‍ය වරයෙක් ලෙස සැත්කම් සැතකින් ලංකා දේශපාලනයට මහා විනාශයක් ව තිබෙන දුෂණ නමැති මොළ පිළිකාව වහාම ඉවත් කරන්න! ඒ සඳහා බලා ඉන්න ඔබට හෙටක් ඉතුරු වී නැත.
අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනැල්ල මහ බැංකුවට පත් කරපු එකා වහාම අර්ජුන් මහේන්ද්‍රන් ගෙනල්ලා ලංකාවේ උසාවියට ඉදිරිපත් කල යුතුවෙනවා නේද ? මිනිහ තමයි අර්ජුන් මහේන්ද්‍රන්ගේ ඇප කාරයා උනෙත් . එහෙම කෙනෙක් කොහොමද රටේ අගමැති වෙන්නේ ?
කරුමෙටවත් ආවනම් මොනවා කියන්ඩද අප්පේ?
අද ජනතාව ජනාධිපතිගෙන් බලාපොරොත්තු වන්නේ කතා නෙවෙයි. පළමු වැඩේ පළමුව කිරීමයි.
පැය 144ක් ගතවී රට ගැන තීරනයක් ගන්න බැරි විධායක ජනාධිපතිකමෙ තේරුම කුමක්ද? හරි තීරනයක් ඉක්මනින් ගැනීමට ඇති නොහැකියාව නියම නායකයකුගෙ ලක්ෂණයක් නොවේ.
කට උත්තර නැතිව ඉන්නෙ.. පඹගාලක පැටලිලා...
හැම වෙලාවේම අපිව අන්දන එක තමා කරන්නේ
එක හොදා ලංකාවේ ඉන්න අවංක දේශපාලුවන්ට මහජනමුදල් හොරා කන්න එපා කියනවට වඩා නිකන් කාලේ නාස්ති කරනවට ,මොකද මුළු සෞග්‍රහ මණ්ඩලයේම වැඩ බලන්නත් තියනවනේ.
කටින් බතල හිටවන්නා.................
නමට කොම්ඹු දෙකයි. දිවේ කැබළි දෙකයි.
තවත් මොනවද කතා කරන්නේ?
රට විනාශය කරා ඇදගෙන යාමට පෙරමුණ ගත් දේශද්‍රෝහීකමකි. කිසිම අවස්ථාවක විශ්වාස කරන්න එපා. ඉපදුණු රටට ලොකු ද්‍රෝහිකම් කළා.