( මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු අද (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා දෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ කටයතු කරන බවත් පැවසූහ.
මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔවුහූ මෙම තීරණය මාධ්‍ය වෙත ප්‍රකාශ කළහ.
මෙම මාධ්‍ය හමුවට පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ආර්.එම්.එස්.බී රත්නායක, පළාත් සභා මන්ත්‍රිවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, නිමල් පියතිස්ස , ගුණතිලක රාජපක්ෂ , කමල් බෙලිගොල්ල , වීරසිංහ අලුත්ගමගේ , ටී.ජී ජයතිස්ස , ජී . ජයසිංහ , තිලක් බණ්ඩාර , පරාක්‍රම දිසානායක යන පළාත් සභා මන්ත්‍රීවරුන් මෙලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා දෙන බව ප්‍රකාශ කළහ.
COMMENTS
වාසිය සඳහා මැතිවරණ ආසන්නයේ පිල් මාරු කරන මන්ත්‍රීවරු ගැන බලා ගන්න එක ඡන්ද දායකයාට බාරයි. මොවුන් මේ පිල් මාරු කරන්නේ ඔබට සේවය කිරීමටද? මෙතෙක් ඔබට හෝ පලාතට සේවය කලාද? ජනතා ගැටළු විසඳුවාද ?
කවුරු පොහොට්ටුවට ගියත් ජනතාව ඉන්නේ ගරු අගමැතිතුමා හා ජනපතිතුමා සමඟයි....
ඩුබායි වලම ඉන්න හොදේ ..
හීන දකිනවද ? එහෙම නැත්නම් මෝඩකමද? එහෙමත් නැතම් අර කැපුවත් ලේ තියෙන කෙනෙක් ද ? මෝඩකමට බෙහෙත් නැහැ ........
ඩුබායි ඉන්න එක ගැන පුදුම වෙන්න දයක් නැහැ ඔය තියෙන මොලේට.
ඔය මැදපෙරදිග ඉන්න ඔක්කොටම දවසක් ලංකාවට එන්න වෙනවා.. වෙන යන්න තැනක් නැහැනේ.. මොකද ඔය රටවල දිගටම ඉන්න බැහැනේ. ඉතින් එයාලත් දැනගන්න ඕනේ ලංකාවේ නියම තත්වය.. මෙය හොඳ රටක්.., දියුණු රටක් කරන්න. නියම නායකයෙක් හොයාගන්න උනන්දු වෙන්න ඕනේ... ඔය ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව වගේ ඉන්න අයට නම් ඒ රටවල පදිංචිවෙලා දිගටම ඉන්න පුළුවන්. ගොඩක් අයට ඒ රටවල පුරවැසිකමත් ඇති.. නමුත් මැදපෙරදිග ඉන්න අය හොඳට ලංකාව ගැන උනන්දු වෙන්න ඕනේ. ඡන්දයට සහභාගි වෙන්න පුළුවන් නම්.... නමුත් ලංකාවේ නියම තත්වය තේරුම් ගන්න උනන්දු වෙන්න.