(ක.ග. කරුණාරත්න)
මැති ඇමති වරුන්ගේ වැටුප් සත පහකින් වත් වැඩි කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) පොලොන්නරුවේදී ප්‍රකාශ කලේය.
පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩ සටහන යටතේ පොලොන්නරුව නගරයේ ඉදිකල නව වෙළද සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජන හමුව ඇමතූ ජනාධිපතිවරයා මන්ත්‍රී වරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල විට කිසිදු හේතුවක් නිසා එය අනුමත නොකරන බවද කීවේය.
මෙය මැති ඇමති වරුන්ගේ වැටුප් වැඩිකරන කාලයක් නොවේ යැයි ද 2015 සිට මේ වන විට මැති ඇමති වැටුප් සහ දීමනා අවස්ථා කීපයක් වැඩි කර තිබෙන බවද ජනාධිපති වරයා කීවේය.
ජනාධිපති වරයාගේ වැටුප මිලියන ගණනක් විය හැකි යැයි ඇතැමුන් සිතන්නට පුලුවන්. නමුත් දීමනා කිසිවක් නැතිව තමන්ට ලැබෙන්නේ මසකට රුපියල් අනූ පන්දාහක වැටුපක් බවද ජනාධිපති වරයා මෙහිදී කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.