IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැති ඇමැතිවරුන්ට වැඩි වැටුප් එපා යයි එජාප මන්ත්‍රීවරු කියති

(අංජුල මහීක වීරරත්න)

පාර්ලිමේන්තුවේ ඉදිරි කාල සීමාව ඇතුළත කිසිම අමාත්‍යවරයකුගේ හෝ මන්ත්‍රීවරයකුගේ වැටුප වැඩි නොවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඒකමතිකව තීරණය කළ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී අද (7) පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්වරුන් ඉදිරියේ මෙම තීරණයට එළඹි බව කී රාජ්‍ය අමාත්‍යවරයා මන්ත්‍රී මණ්ඩලයට තබා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස ඒකමතිකව සම්මත වූ බවද කීය.

2006 වසරේ රාජපක්ෂ රජය විසින් ගෙන ආ නීතියකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප විනිශ්චයකාරවරුන්ගේ වැටුප සමඟ සම්බන්ධ කර තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය විනිසුරු වැටුප් වැඩිකර නැති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප වැඩි කිරීම පිළිබඳව සාකච්ඡාවක් පමණක් සිදුවී තිබෙන බව සඳහන් කළේය.

නමුත් කිසිදු පඩි වැඩි වීමක් නොකිරීමට අරලියගහ මන්දිරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී තීරණය කෙරුණු බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය‍.

පිටකෝට්ටේ සිරිකත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.



අදහස් (5)

මැති ඇමැතිවරුන්ට වැඩි වැටුප් එපා යයි එජාප මන්ත්‍රීවරු කියති

Chaminda Tuesday, 07 August 2018 10:23 AM

ඔක්කොම රගපෑම් විතරයි .දැන් මේගොල්ලෝ එකතු වෙලා නෙමෙයිද වැඩිකළේ

:       1       91

ranga Tuesday, 07 August 2018 10:36 AM

මේ වගේ පොකට් මනි වලින් ඇති වැඩේ මොක්කක්ද? අවරුදු 5 ට ගතමන් ටික ගත්තාම පරම්පරා 2ක් ගොඩනේ.......

:       0       0

kalani Tuesday, 07 August 2018 11:45 AM

අම්මෝ ! මිදී තිත්තයි.

:       0       11

Raveendra Tuesday, 07 August 2018 11:45 AM

දැන් රගමඩලේ තිබෙන්නේ වැටුප් පිළිබද ජවනිකාවයි. එමගින් මහා බැංකු හොරකම, බදු වැඩිකිරීම්, යන එකී මෙකි නොකී සියලුම ජවනිකා "අහිංසක මහජන නරඹන්නන් විසින් අමතක කරනු ඇත.

:       0       15

Bandula. Wednesday, 08 August 2018 06:00 AM

අනේ මන්ද දැන් එතකොට පඩි වැඩිකරගන්න කියන්නේ ජනතාවද? පව් නේද !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site