(විනීතා එම් ගමගේ)
දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල්යාම ගැන සහ එම මැතිවරණය ඉක්මන් කරවා ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමට සියලූ මැතිවරණ නිරික්ෂණ සංවිධාන එක්ව තීරණය කර ඇත.
සාකච්ඡාවක් සඳහා වේලාවක් ලබාදෙන්නැයි ඉල්ලා නිරික්ෂණ සංවිධාන සියල්ල වෙනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා වෙත ලිපියක් යැවූ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
මැතිවරණය ඉක්මන් කරවා ගැනීමට කළයුතු දෑ ගැන මෙහි දී විශේෂයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද හෙට්ටිආරච්චී මහතා තව දුරටත් කීය.
මෙම සාකච්ඡාව සඳහා ඉක්මණින්ම දිනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබෙයි 2020 ජනවාරි විතර....
තවත් මොනවද සාකච්ඡා...? .රාජකාරිය කරන එකනේ තියෙන්නේ... ඔය හදන්නේ තව කල්දාන්න. මොනවා හරි කියාගන්න තමා ප්ලෑන් එක....
මැතිවරණයට දිනයක් තියා මැතිවරණය තිබීම පිළිබඳව සාකච්ඡා කරන්න ඉක්මන් දිනයක් ගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. මොකද එයාලගේ කතාවේ තරමට වැඩ නෑ...
සාකච්ඡා මාර්ගයෙන් කරයි...