මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ සිදුකෙරෙන ඉදිකිරීම්, ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයට හේතුවන සියලූ කි‍්‍රයාකාරකම් වහාම තහනම් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) අදාල රාජ්‍ය අංශ වෙත දැනුම් දී තිබේ.
එහි යම් ඉඩම් කොටස් ගොඩකිරීම සඳහා යම් රාජ්‍ය ආයතනයක් මගින් දැනට කුමන හෝ අවසරයක් ලබාදී ඇත්නම් ඒ සියල්ල අහෝසි කිරීමට මෙන්ම මෙවැනි පරිසර විනාශයන්ට අනුග‍්‍රහය දක්වන හෝ දැක්වූ රාජ්‍ය නිලධාරින් සිටීනම් ඔවුන්ට එරෙහිව ද විනය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසද ජනාධීපතිවරයා උපදෙස් දී ඇත.
මුතුරාජවෙල අභය භූමිය ආශි‍්‍රතව සිදු කෙරෙන පරිසර විනාශයන් පිළිබඳව අනාවරණයෙන් පසු ඒ පිළිබඳව සෙවිම සඳහා අද (22) එහි නීරීක්ෂණ චාරිකාවක නිරත වු ජනාධිපතිවරයා එහිදී මෙම ප්‍රකාශ නිකුත් කළේය.
මෙම කි‍්‍රයා පිටුපස දේශපාලන බලවේග තිබේ නම් ඒවාට එරෙහිව ද නොපැකිළිව කටයුතු කරන බවද එහිදී සඳහන් කළ ජනාධීපතිවරයා මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ සිදුකෙරෙන පරිසර විනාශයන් මැඩලීම සඳහා හා එම ප‍්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහ ප‍්‍රවේශ මාර්ගවලට මාර්ග බාධක යෙදවීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේය.
පරිසර සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙස එහි පවතින සියලූ ඉඩම් වනජීවි සහ පරිසර සංරක්ෂණ කලාප ලෙස ගැසට් කිරීමේ හැකියාව පිළිබඳව නීති උපදෙස් ලබාගැනීමට නිලධාරීන් එහිදී දැනුම්වත් කළ අතර සින්නක්කර ඔප්පු සහිත ඉඩමක වුව ද පාරිසරික බලපෑම් ඇතිකරන්නේ නම් එහි ගොඩකිරීම් සහ ඉදිකිරීම් සඳහා ඉඩදිය නොහැකි බවද ජනාධීපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම මෙම ප‍්‍රදේශය තුළ සිදුකෙරෙන ගොඩකිරීම් සඳහා පස් ලබාදෙන ස්ථානවලට භූ විද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශය මගින් බලපත‍්‍ර නිකුත්කර තිබේ නම් ඒවාද වහාම අවලංගු කරන්නැයි ජනාධීපතිවරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකපාරටම මොකද මේ වෙන්නේ. ටෝක්ස් විතරයි බයවෙන්න එපා. මුතුරාජවෙලට කොරන්න තියෙන ඔක්කොම දැන් කොරලා ඉවරවෙලා තියෙන්නේ. දැන් මොනවා නවත්තන්නද.?
මේකනම් පුදුම ආණ්ඩුවක් එක්කෙනෙක් කියනවා ගොඩකරන්න කියලා තව කෙනෙක් කියනවා නවත්වන්න කියලා
ජනාධිපතිතුමා පත්තරේ බලලා වගේ
ඔබතුමා මේ ලස්සන පරිසරය බේරලා දුන්න එකම ඇති නැවත ජනාධිපති වෙන්න.
හොද වැඩක් නමුත් ප්‍රමාණවත් නැහැ - මෙවාගේම වැව් තාවුලුවල හෝටල් ඉදිකිරිම නවත්වන්න ඕනේ ඒවගේම ඉදිකරලා තියෙන හෝටල් ඉවත් කරන්න ඕනේ විෂශ්යෙන්ම පොලොන්නරුව සහ අනුරාධපුර අවට.
මේ නීතියම විල්පත්තුවටත් දෙන්න බැරි ඇයි
ප්‍රමාදවී හෝ ගත් ඉතාමත්ම හොද තීරණයක්. අප විස්වාස කරනවා තීරණය වෙනස් නොවෙනු ඇති කියා. එලෙස සැමටම මෙම තීරණය එක හා සමානවනු යන්නද සොයා බැලිය යුතුය.
උපදෙස්දීම සහ නියෝගදීම පමණක් ප්‍රමාණවත් නොවේ. වැදගත් වන්නේ ඒවා ක්‍රියාත්මකද බව සොයා බැලීමය. ජනතාවට " පතෝල " ගැන කතා කරන්න අපේ ජනාධිපතිතුමා ඉඩ නොතබන්නේ නම් අපි සතුටු වෙමු.
පොළොන්නරුවේ නෙවෙයි නේද මුතුරාජවෙල තියෙන්නේ ?
ඔන්න ඔහොම කෙලින් වැඩකරන්නකෝ ........... ක්‍රියාත්මක වෙනවදත් බලන්න ඕන
විල්පත්තුව ගැනත් වහාම තීරණයක් ගත්තොත් නරකද?