(සිරංගිකා ලොකුකරවිට)
මිතුරකුගේ නිවසක පැවැති අවුරුදු සාදයක දී ජීවිතයේ මුල්වරට මත්පැන් පානය කළ බව කියන 30 හැවිරිදි එක්දරු පියෙකු මධ්‍යසාර විෂවීමෙන් මියගොස් ඇතැයි කරාපිටිය රෝහලේ දී පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයකින් තහවුරු වී ඇත.
වෛද්‍යවරුන් පවසන්නේ ඇතැම් පුද්ගලයන්ට මේ ආකාරයෙන් මධ්‍යසාර විෂ විය හැකි බවයි. මෙම පුද්ගලයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව හබරාදුව පොලිසිය පවසයි.
COMMENTS
අවුරුද්දට වැඩ අල්ලලා වැඩේ වැරදිලා වගෙයි. කොහෙද? ඉතින්, අපේ රටේ මිනිස්සුන්ට උත්සවයකටවත්, හොඳ වර්ගයේ වයින් ටිකක්, විස්කි, බ්‍රැන්ඩි, ටිකක් තොල ගාන්න පින නැති හැටි? කරලා තියන පව් වල හැටියට ඉස්තරම් වර්ගයේ දේශීය කසිප්පු ටිකක් බොන්න තමයි අපි පින් කරලා තියෙන්නේ. එක අතකට ඔය සුද්දන්ගේ දහ ජරාව බොනවට වඩා, ලංකාවෙ ඉපදුන අපට දේශීය නිෂ්පාදනය හොඳයි, මියගිය මහත්තයාට නිවන් සැප ලැබේවා!!!
ලොකු කම පෙන්නන්න ගිහින් වගේ. "බැරි වැඩ නොකරන් අබරෝ" ... දැන් අර ළමයටයි ගෑණු පරානෙටයි යන කල?