
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් මැන්ඩි වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653 මිලිග්‍රෑම් 380 ප්‍රවාහනය කළ බව කියන සුරාබදු නියාමක වරයකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය.
ඒ ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු වැටලීම් ඒකකයට අනුයුක්තව සේවය කළ සුරාබදු නිලධාරියෙකුගේ බව කියයි.
මොහු තවත් පුද්ගලයකු සමඟ මැන්ඩි වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමග කොස්ගම කලුඅග්ගල ප්‍රදේශය හරහා මෝටර් රථයක යමින් සිටියදී සිදුකළ වැටලීමකදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි .
ඒ අනුව සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු හංවැල්ල පහත්ගම ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සිදුකළ වැඩිදුර විමර්ශනයේදී සුරාබදු නියාමකවරයා මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට තම නිලය භාවිතා කරමින් ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වී ඇතැයි පැවසේ.
අදාළ සිද්ධිය පිළිබඳව සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුවට වාර්තා වීමත් සමග ඒ පිළිබඳව වහා ක්‍රියාත්මක වූ සුරා බදු කොමසාරිස් ජෙනරාල් ඒ බෝදරගම මහතා නියෝග කළේ ,අදාල සුරාබදු නියාමක වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ලෙසයි .
ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු වැටලීම් ඒකකයට අනුයුක්තව සේවය කළ සුරාබදු නිලධාරියාගේ සේවය (29) දා සිට ක්‍රියාත්මක වන පරිදි සේවය අත්හිට වූ බව සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය .
COMMENTS
අප තරයේ විස්වාස කරනවා මොහුගේ සියලු විස්තරත් ඡායාරූප සමගම මාධ්‍ය මගින් පල කරන්නේ නම් සමාජයට මුනදීමේ අපහසුතාවයන් සමගම අනෙකුත් නිලධාරීන්ටද එය වැදගත් පාඩමක් ලෙස දැක්විය හැකි බවට...
වැඩිම වුණොත් ස්ථාන මාරුවක් ලැබේවි...!!!