(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකාවට අයිතිය තබාගෙන හවුල්කාර ව්‍යාපෘතියක් ලෙස ඉන්දියාවත් සමඟ කටයුතු කරනවා මිස මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට විකුණන්නේ නම් තමන් ඊට දැඩි විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.
ක්ෂණිකව ලාභ නොලැබුවත් මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය ලංකාවේ ආර්ථිකයට දිගුකාලිනව තීරණාත්මක ශක්තියක් දෙන්න පුළුවන් තැනක් යැයි ද දිසානායක මහතා කීය.
මානසික රෝගයක් හැදිල වගේ අහුවෙන සියල්ල විකුණා දමන්නට ආණ්ඩුව කටයුතු කරන බවත් එයට එරෙහි විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
‘‘මත්තල ගුවන්තොටුපල ගැන මම දරන අදහස තමයි මම 1970 විශ්ව විද්‍යාලයේ ඉන්න කාළේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ දේශන සඳහා එන්නේ ආර්ථික විශේෂඥයෙක් වන ආචාර්ය නෙවිල් කරුණාතිලකයි.
ඔහු හැමදාම කියන දෙයක් තමයි මේ හම්බන්තොටට හැතැම්ම හතක් අටක් එහායින් ලෝකයේ තියෙන ලොකුම නාවික ගමනාගමනය වැටිල තියෙනවා. නැව්වලට වතුර ටිකක් දෙන්න පුළුවන් නම් මේ ආණ්ඩුවේ හරකුන්ට ලංකාවට පොහොසත් වෙන්න ඒ ටිකම ඇති කියලයි එතුමා කිව්වේ.’’ යැයි ද දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පුංචි බොරුල්ල පිහිට නිදහසේ කේන්ද්‍රයේ පැවැති 16 කණ්ඩායමේ මාධ්‍ය හමුව අමතමිනි.
COMMENTS
ඉන්ධන හලක් මාර්ගයක් අසල තැනු විට, ඉන්ධන ගැනීම සඳහා වාහන එම ස්ථානයට පැමිනේන්නාක් මෙන්, වරායක් හැදු කල එතනට නැව් ඒමට පටන් ගන්නේ නැහැ. නැව් අද බොහෝවිට ඔවුන්ට අවශ්‍ය බංකරින් සේවා ලබා ගන්නේ ඔවුන් ප්‍රවාහනය කරන බඩු පටවන හෝ ගොඩබාන ස්ථානයෙනි. අද ඇති නවීන නාවික යාත්‍රා නිෂ්පාදනය කර ඇත්තේ ඉතා දුර ගමන් කල හැකි අයුරින් නිසා, අතරමැදි ස්ථානයකින් බංකරින් සේවා ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. එබැවින් මත්තල ගුවන් තොටුපලට හා හම්බන්තොට වරායට රටේ ආර්ථිකයට දායක විය හැක්කේ හම්බන්තොට ප්‍රදේශයේ කර්මාන්ත ශාලා ඇති වුවහොත් පමණි.
බලය නැති වුනාම කියන කතා බව ජනතාව දන්නවා.
ඔයා විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ කොමිනිස්ට් කාරයෙක් කියල අපි අහල තියනවා. ප්‍රති පත්තියක් නැති අරෙහෙට මෙහෙට පැන පැන බුරනවා නේද?
මාර වැඩේ...මෙයා විරුද්ධ නම් මොකවත් කරගන්ට බැරි වේවි...
මත්තල ඉන්දියාවට විකුණන එක හරිද වැරදිද කියන එක නොවෙයි මගේ ප්‍රශ්නය. "මම විරුද්දයි" කීම පිළිගැනීමට ජනතාව ඉදිරියේ ඔබ කවද?
මුළු හදවතින්ම,අකම්පිතව විද්‍යාත්මක සොයාබැලීම් කල අතීත දේශපාලන නායකයින් පිළිබඳ අපේ ඉතිහාස සටහන් අල්ප වෙත්දී අනාගතය දුටු මිනිස්සු ලෝක ඉතිහාසයේ අනන්තවත් සිටියහ. මත්තල වේවා හම්බන්තොට වේවා එවැනි සොයා බැලීම් කල, අනාගත පරපුරට ආඩම්බර විය හැකි ධන නිධානයක් වන ව්‍යාපෘති නොවන බව මගේ විශ්වාසයයි. ඒවා හුදු දේශපාලන විජ්ජා පමණක් වූ විට විනාශ වන්නේ ජනතාවගේ මුදල්ය. ඉතිරිවන්නේ සමරු පාලක පමණි. ජනතාවගේ ජීවිතවල සෞභාග්‍යය වෙනුවෙන් ඉටුකළ සේවය අර්ථවත්භාවය බවට පත්වන්නේ එම කාර්යය නිසි ක්‍රමවත් වූයේනම් පමණකි.
ඉස්සෙල්ලා හේවාහැට පළාතේ මිනිසුන්ට තියෙන අඩුපාඩු ටික බලල වැඩක් කරන්න. ගම හදාගන්න බෑ, රට හදන්නයි කතාව..
එතකොට හම්බන්තොට වරාය චීනයට දෙනකොට කොහේද හිටියේ?
මෙයා පැරදුනානේ. හැබැයි ජාතික ලැයිස්තුවෙන් අරන් ඇමතිකමකුත් දුන්නා. ජනතා පරමාධිතප්‍ය බලය අපිට නෑ නේද ? අපි කතිරේ ගැහුවට ඒකේ කිසිම බලයක් නෑ නේද? කල්පනා කරන්න වෙලාව.