IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මීතොටමුල්ලට ආ ලිපි, තැපැල් භණ්ඩ කොලොන්නාව තැපැල් කාර්යාලයේ හිරවෙයි

විනීතා එම් ගමගේ
 
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී විපතට පත් ජනතාව වෙත බෙදිය යුතු ලිපි හා  තැපැල් භාණ්ඩ සියල්ල කොලොන්නාව තැපැල් කාර්යාලයේ රඳවා ගෙන ඇතැයි වාර්තා වේ. 

මීතොටමුල්ල කලාපයට  ලිපි බෙදීම සඳහා තැපැල් කරුවන් දෙදෙනෙකු සිටින නමුත් ඔවුන් දෙදෙනා මේ දිනවල  තැපැල් කාර්යාලයට වී සිටින බව ද විපතට පත් ප්‍රදේශයේ ජනතාව පවසති.
 
දේශිය ලිපි, විදේශිය ලිපි, ලියාපදිංචි තැපැල්, මෙන්ම පාර්සල් ද එහි තිනෙ බවත් ඔව්හු කියති.
 
විපතට පත් ජනතාව මේ වන විට රැඳී සිටින අවතැන් කඳවුරු ව‍ෙත ගොස් ලිපි ලබා දීමේ හැකියාව ඇතත් එවැක්නක් සිදු නොවන බව ද ඔව්හු පවසති.     
 
 මේ පිළිබඳව කොළොන්නව තැපැල් කාර්යාලයෙන් කළ විමසීමක දී එහි නිලධාරිකෙු සඳහන් කලේ ලිපි සියල්ල තැපැල් කාර්යාලයේ ඇති බැවින් හිමිකරුවන්ට පැමිණ ඒවා ලබා ගත හැකි බව ය..
එහෙත් රාජ්‍ය ආයතන වලට උපදෙස් දෙමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ සියලු රාජ්‍ය ආයතන මෙම වපතට පත් ජනතාව වෙනුවෙන්සේවා සැපයිය යුතු බව ය.



අදහස් (2)

මීතොටමුල්ලට ආ ලිපි, තැපැල් භණ්ඩ කොලොන්නාව තැපැල් කාර්යාලයේ හිරවෙයි

sam Monday, 24 April 2017 11:31 PM

ලිපියේ හෝ පාර්සලයේ සඳහන් ලිපිනය ඇති නිවසට ගොස් ඒවා ලබා දීමේදී ඒවා නියම හිමිකරුට ලැබීම සහතික විය හැකි නමුත් "පිටරටකින් ආපු පාර්සලයක් " වැනි දෙයක් අවතැන් කඳවුරකට රැගෙන ගොස් නියම අයිතිකරු සොයා එය ලබාදීමට තැපැල් නිලධාරියාට හැකියාවක් නැති බව තේරුම් ගත යුතුයි .

:       0       4

mahee Tuesday, 25 April 2017 12:35 AM

අව්වේ කරවෙන්නේ නැතුව ෆැන් එකක් යටට වෙලා නිකම් ඉන්න ලැබිච්ච චාන්ස් එක නැති කරගන්නේ කවුද? කියල තියෙන හැටියට හැම කෙනාම තැපැල් කන්තෝරුවට ගිහින් 'මට ලියුම් තියෙනවද, මට ලියුම් තියෙනවද' කිය කියා කෙළවරක් නැතුව කරදර කරන්න පටන් ගත්තොත් සමහරවිට ස්ථානාධිපතිට හිතෙයි මේ ලියුම් ටික ගිහින් බෙදල දැම්ම නම් ලේසියි කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1061 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site