(නිමල කොඩිතුවක්කු)
විපක්ෂනායක කම, පක්ෂ නායක කම ඇතුලූ කිසිදු තනතුරක් තමන් බලාපොරොත්තු නොවන බවත් මන්ත‍්‍රීවරු පිරිසක් පැමිණ තමන්ට ඒ ගැන කරදර කරන බවත් ජනාධිපතිවරණයෙන් පසු සජිත් පේ‍්‍රමදාස මහතා මහා සංඝ රත්නයට දැනුම් දුන් බවත් එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමියෝ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද(16) පැවසූහ.
තමන් ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් මිලියන 260ක් ණය වී ඇති බවත් එම ණය ගෙවීම පිළිබද කල්පනා කල්පනා කරමින් සිටින බවත් සජිත් පේ‍්‍රමදාස මහතා පැවසූ බවත් උන්වහන්සේ සදහන් කළහ.
බෙදී වෙන්වනවා වෙනුවට එකමුතුව කටයුතු කර පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවෙන්නයි එක්සත් ජාතික පක්ෂයේ සියලූම මන්ත‍්‍රීවරුන්ට උපදෙස් දෙන බවත් පැවසූ තිනියාවල පාලිත හිමියෝ ඒ වෙනුවෙන් එක්සත් ජිතික පක්ෂ මන්ත‍්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ටියුෂන් ගත යුතු බවත් පැවැසූහ.
එක්සත් භික්ෂු පෙරමුණ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිනියාවල පාලිත හිමියෝ මෙසේද කීහ.
‘‘මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදයක් හටගෙන තිබෙනවා. අපට ඡුන්දය ලබාදුන්න පනස් පන්ලක්ෂයකට අධික ජනතාවගේ යහපත වෙනුවෙන් සමගියෙන් සමාදානයෙන් මේක විසදන්න අපි
උත්සාහ කළා. ටොන් ගණන්වලින් අවවාද කළත් මිලිග‍්‍රෑම් වලින්වත් අපේ අවවාද අනුශාසනා භාරගන්නවාද කියලා අපිට පේන්නෙ නැහැ.
බල්ලට හුඟක් යාලූවො ඉන්න හේතුව තමයි බල්ලා දිව වෙනුවට වලිගය වනනවා. අපිට බොහො වෙලාවට මිනිස්සු තරහ වෙන්නයි, යාලූවො නැති වෙන්නයි එක හේතුවක් තමයි අපි වලිගය වෙනුවට දිව වනනවා. ඒ නිසා අපි කියන්න ඕන කාරණය බය නැතුව ප‍්‍රකාශ කරනවා.
ඞී. එස් සේනානායක මහත්තයගේ ඉදන් 2019 දක්වා එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ පදනම වෙනස් වුනේ නැහැ. එජාපයට හැම විටම ලියාපදිංචි ඡුන්ද සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක් බෞද්ධ ඡන්ද ලැබිලා තියෙනවා.කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට, කරුණෑගල දිස්ත‍්‍රීක්ක පහෙන් 2005 දී රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව අවුරුදු 14 කට පස්සේ සජිත් මහත්තයට ලබාගන්න පුලූවන් වෙලා නැහැ. එජාපයේ ඉන්න ජනපි‍්‍රයතම සුදුසුම අපේක්ෂකයා කවුද කියලා පාක්ෂිකයන් විමසිලිමත් විය යුතුයි. අපි මේ දෙන්නටම ආදරෙයි.
මමත් බෝපිටිය ධම්මිස්සර හිමියන් ඇතුලූ අපි දහනමක් විතර ගිහින් සජිත් ප්‍රේ‍්‍රමදාස මහතා මුන ගැහුණා. අපි කිව්වා සමගියෙන් සාමදානයෙන් ඉදිරියට යන්න කියලා. එතුමන් කිව්වා මට කිසිම තනතුරක් එපා, මට මන්ත‍්‍රීකමත් එපා, විපක්ෂනායකකමත් එපා, පක්ෂ නායක කමත් එපා, මට මිලියන දෙසීහැට ගාණක් ගෙවන්න තියෙනවා මම ඒක ගෙවාගන්න බැරුව තමයි මම ෆෝන් ඕෆ් කරගෙන ඉන්නේ කියලා.‘

රොමේෂ් ධනුෂ්ක සිල්වා - ඡායාරූපය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අසරණයා. වේලපහින් මම එනවෝ කිව්වේ.., මේ මොකුත් ඕන නැති නිසාද? විපක්ෂ නායකකම ඉල්ලුවේ සෙල්ලමට වෙන්න ඇති... දැන් හත් පොලේම ගාගෙන බබා කතා. ඉස්සෙල්ලම විනයක් කියන එක ඉගෙන ගන්න ඕනෑ... කණ්ඩායමක් එක්කයි ඉදිරියට යන්නේ කියලත් දැනගන්න ඕනෑ.
අනේ දෙවියනේ, අපිට සේවය කරන්න ඕනෑ නිසා නේද මේ උත්තමයා මිලියන 260ක් ණය වෙලා තියෙන්නේ. අනේද කියන්නේ හදිසියේවත් මෙතුමා දිනලා ජනාධිපති වුනා නම් අපේ බදු සල්ලි වලින් නේද මේ මිලියන 260 ගෙවන්නේ...? එක අතකින් පැරදුණු එකම තමයි හොඳ. එතකොට අර ගෙවල් හදපු සල්ලිත් ණයට ගත්තුවද දන්නේ නැහැ. සමහරවිට මෙහෙමත් වෙන්න පුළුවන්... ලංකාවේ ඓතිහාසික සිද්ධස්ථාන තව කොච්චර තියනවාද? ඒවායේ තව නිධන් කොච්චර තියනවද දිනුවා නම් ඔය සල්ලි ගෙවන එක මහදෙයක් නෙවෙයි. අනෙක එහෙම ඕනත් නැහැ. දිනුවා නම් ඔය දෙමළ සංධානෙයි, බදුර්දීන්ලයි එකතුවෙලා ඔය ණය ටික බේරලා දාවි. නමුත් පැරදුණු නිසා එහෙම කරන්න විදියකුත් නැහැ. පව් අහිංසකයා දෙවියන්ම බලාගන්න ඕනෑ.
විපක්ෂනායක කම, පක්ෂ නායකකම ඇතුලු කිසිඳු තනතුරක් තමන් බලාපොරොත්තු නොවන්නේ නම් ඒ ගැන ප්‍රසිද්ධියේ පවසා සිටින්න. සජිත්ව මේ තත්වයට පත්කළේ පක්ෂයේ ඉන්න බොළඳ දේශපාලනය හරි අවබෝධයක් නොමැති කණ්ඩායමක්... සජිත් දේශපාලනයෙන් සමුගතහොත් (එසේ පෙනෙන්නට තිබේ) සජිත්ව අනාථකළ කණඩායමේ, කී දෙනෙක් දැන් ගෙදර යාවිද? පාක්ෂිකයා බලා සිටියි.
ඇයි සජිත්, රනිල් එක්ක හැප්පෙන්න ගියේ කියලා තමයි අහන්න තියෙන්නේ? රනිල් කියන්නේ තවමත් සක්‍රීය න්‍යෂ්ටික අවියක්. සජී හිතුවේ තමන්ගේ ප්ලෑන් A නැත්තන් B නැත්තන් C ගහලා, එහෙමත් නැත්තන් A - Z හරි ගහලා ගේම දිනන්න. හැබැයි පොරට අමතක කළා රනිල් ළඟ හෝඩියම ඩබල් කරලා අකුරු තියෙනවා කියලා. රනිල්ට ඕනෑ වුනෙත් මේ මල කරදරේ මේකෙන් අයින් කරගන්න. කාටවත් ප්‍රශ්නයක් නෑනේ දැන්. තමන්ම ඉල්ලන් කෑවා. සජිත් පුළුවන් නම් ගැලවෙන්නකෝ මේ ගැටයෙන්. ඇත්තම කිව්වොත් රනිල් කියන්නේ වර්ල්ඩ් ක්ලාස් මාස්ටර් මයින්ඩ් පොරක්. සාමාන්‍ය පෙළවත් නැතුව මිනිහෙකුට හැප්පෙන්න නෙමේ හිතන එකත් අපරාදේ. රනිල්ට රටක් පාලනය කරන්න බෑ. හැබැයි ලාංකීය දේශපාලනයට රනිල්ගේ නායකත්වය අනිවාර්යයෙන් අවශ්‍යයි. මේ ලණුව කාලා තියෙන්නේ මීට අවුරුදු දහයකට විතර කලින්... එ්කේ ප්‍රතිඵලයක් තමයි අපි දැන් මේ දකින්නේ... දැන් සජිත්ට අතාරින්නත් බෑ.. අල්ලන් ඉන්නත් බෑ. ලංකාවේ දේශපාලනය හරිම වැදගත්. බලන් ඉඳිමු. හොඳ හොඳ සෙල්ලන් තව ඉස්සරහට... ජයවේවා ලංකාවට..!
මිලියන 260 ගාණක් ඡන්දයට බයනැතුව ණයවෙලා වියදම් කලේ දින්නොත් ගෙවන්නේ ජනතාවගේ සල්ලි වලින් නේද? අනික කොහොමද කිව්වේ? පඩි නැතුව වැඩ කරනවා කිව්වා... දින්නම එතකොට ඔය ණය ගෙවන්නේ පොලිසියෙන්ද?
"අපි වලිගය වෙනුවට දිව වනනවා". එහෙමයි අවසර, හැබැයි, අපි නම් හුඟක් වෙලාවට දැකල තියෙනවා වලිගෙත් වනන බව. ඒක හින්ද වෙන්න ඕනෑ කවුරුත් ඔබ වහන්සේලා ටොන් ගණන් දෙන අවවාද මිලි ග්‍රෑම් ගාණට දාන්නේ...
අනේ පරණ නිධානයක් තියන තැනක් හීනෙන් පෙනේවා... මේ ණය ගෙවාගන්න..
කොහොමත් පරාද වුණාම හැන්ගෙන කෙනෙක් නායකත්වයට සුදුසු නැහැ. ඔබතුමාට ඇමතිකමකට වඩා දෙයක් කරන්න කොහොමත් බැරි බව ඔප්පු කළා.
මෙයා මේ කියන්න හදන්නේ.., මහින්ද වගේ මමත් කට්ටියක් ඇදගෙන අාවා කියලා. මහින්ද කියන්නේ රටක් දිනුවා වීරයෙක්. පණ ඇදපු රටකට ජීවයක් දුන්න ජීවකයෙක්. සජිත් මොකටද ඇදගෙන එන්නේ? නිධන් හාරපු හින්දද? එහෙම නැත්නම් බාගෙට හදපු පූට්ටු ගෙවල්ටික හදලා දෙන්නද? එවැන්නකු මේ රම්‍ය භූමියේ නායකයා කරන්න තරම් ජනතාව දැන් කැවුම් කන යෝධයෝ නොවෙයි!!
සජිත් !! පනින්න පෙර සිතා බලන්න කියලා පැරැන්නන් කිව්වේ කට කහනවාටද? ඔය නොදිරවන ගුලිය දුන්නු කෙනාගෙන්ම ඉල්ලාගන්න ණයවෙච්ච මුදල. ඕනේතරම් සල්ලි තියෙනවා. බේධ භින්න කරලා තම බලය තහවුරු කරගන්න මෑන්ස් දක්ෂයා. යටිකූට්ටු වැඩ කරන්නත් මෑන්ස් හපනා. හැබැයි හැසිරෙන විදියට කිසිකෙනෙක් හිතන්නේ නැහැ. මෑන්ස් ඔයවගේ වැඩ කරයි කියලා.
අහලා බලන්න හාමුදුරුවනේ...
හාමුදුරුවනේ, රනිල් 2005 ගත්තු ඡන්ද සංඛ්‍යාව ගැන කියන ඔබවහන්සේලා, ඇයි මේ රනිල් 2010 සහ 2015දී තරඟ නොකර හැංගිලා ඉන්න එක පිළිබඳව සොයා බැලුවේ නැත්තේ? 1994 සිට අද දක්වා අවුරුදු 25ක් පක්ෂය අසාර්ථක ලෙස මෙහෙයවමින්, සිංහල බෞද්ධ ඡන්ද නැති කලේ රනිල් නේද?
අනේ අපිට සේවය කරන්න බලේ ගන්න මිලියන ගනන් ණයවෙලා. තියෙන උනන්න්දුව නේද. මේ ණය විතරයි.