(ඩයනා උදයංගනී)
රජය මාධ්‍යවේදීන්ට නීති හෝ ආචාරධර්ම පැනවීමට පියවර නොගන්නා නමුත් ස්වයංව නීති රීති පනවාගෙන ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීමේ වගකීමක් මාධ්‍යවලට තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ආණ්ඩුවේත් වංචා දූෂණ හෙළිදරව් කිරීම මාධ්‍ය විසින් කළ යුතු බව කී අමාත්‍යවරයා එසේ වුවත් ජනාධිපතිතුමා විසින් අලූත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අත්තිවාරම දමා ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදීකරණය, සංහිඳියාව හා සංවර්ධනය යන කුළුණු තුනට හානිවන ආකාරයේ ප‍්‍රවෘත්ති කලාවකට නොයන නව මාධ්‍ය සංස්කෘතියක් බිහිවිය යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි හා සමහර පුවත්පත් අසත්‍ය ප‍්‍රවෘත්ති නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා බවට පත්ව ඇතැයි ද අමාත්‍යවරයා කියයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පැවැත්වූ ‘පුවත්පත් කලාව හා සන්නිවේදන අධ්‍යයනය‘ පාඨමාලාව හැදෑරූවන් 22 දෙනෙකුට ඩිප්ලෝමා සහතිකපත් ප‍්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අද (02) මෙම උත්සවය පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 04
554
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
489
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මංගල මාධ්‍ය කලාව ගැන කියයි
Senarath Thursday, 03 August 2017 09:04 AM
තව කලාවන් තියෙනවනේ. ඒවා ගැන කියාදෙන්නේ නැත්ද? ඒවා ගැනත් කියාදෙන්නකෝ මාධ්‍යවේදීන්ට.