(රෝවන් පෙරේරා,ජයරත්න වික්‍රමරාච්ච්)
මංගල උත්සවයක් සඳහා අවශ්‍ය මස් සපයා ගැනීමට තබ්බෝව අභය භූමියේ දඩයමේ ගොස් ගැබ්බර මුව දෙනක් වෙඩි තබා ඝාතනය කර නවීන පන්නයේ යතුරු පැදියකින් තබ්බෝව වැව් පිටියෙන් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙක් අද (12) අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජිවී නිලධාරින් පවසයි.
මොවුන් අවුරුදු 20-25 අතර පසුවන තබ්බෝව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් සතුව තිබියදී බලපත්‍ර රහිත ගිනි අවියක් , විදුලි පන්දමක්, ජීව පතුරම්, හිස් කොපු 3 ක් නවීන පන්නයේ යතුරුපැදියක් ජංගම දුරකථන දෙකක් වනජීවී නිලධාරීන් බාරයට ගෙන තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ටනම් හෙන ගෙහුවත් මදි කාලකන්නි මිනිස්සු
මේ දේ කරපු පව අනිවාර්යෙන්ම පලදෙනවාමයි........... ලෝක ධර්මතාවයට අනුව හරි දුකයි මේ මුව අම්මව දැක්කහම..............
පොලිසිය මොනවත් දන්නෙ නැහැ... වනජීවී එකයි වැටලීම කලේ. සියල්ල වනජීවී බාරයේ තිබෙන්නේ. පොලිසියට නම් නිකම් ලකුණු...
මෙම අකුසලයට දායක වූ සැමට දින හතක් තුළ විපාක ලැබේවි... මිනිසුනි, අහිංසක සතුන් මරාගෙන කන්නේ ඇයි?
මොවුන්ට දැඩි දඬුවම් අවශ්‍යයි.
අභය භූමියක ඉන්න සතෙකුටවත් ඉඩක් නොදෙන මෙවැනි අයට කිසිම අනුකම්පාවක් නොදැක්විය යුතුයි.
මේ කාලකන්නි 3 දෙනාට දෙන දඬුවම මොකක්ද?
ධර්මයෙන් පිරිහුණු කාලකන්නි රටක්...
අන්තිම සතාවත් මරාගෙන කාලා. අන්තිම ගහත් කපපල්ලා. ලෝකයේම ජනගහනය පාලනය කලයුතුයි. සම්පත් පරිභෝජනය වැඩියි. අර අහවල් ජාතිය වගේ ළමයි හදන හින්දා අනිත් ජාතිනුත් ඒ රැල්ලට එක් වෙලා. ඒ ජාතිය පාලනය කරන්න ඕනේ.
රජයේ නොහැකියාවේ තවත් එක් පැතිකඩක්...
අනේ පව් අහිංසක සතා...
අසරණ මුව අම්මාගේ, පින්තුරය පල නොකළොත් හොඳයි කියා සිතෙනවා. සංවේදී සිතක් තිබෙන අයට, අමාරුයි මෙවැනි දසුන් බැලීමට....
මෙහෙම සතෙක්ව මරාගෙන කාල ගන්න දේ යා දෙනවද? මුව මස් ඕනෑ කියල ඇණවුම් කලේ මනමාලයද මනමාලියද? මේ දෙන්නටම මේක නම් මහම සාපයක් වෙනවා. නිරෝගී දරුඵල නම් හිතන්නවත් එපා. අනේ කිසිවෙකුටවත් හිංසාවක් නොකළ අහිංසකාවිය ඔබට මේ මිනිස් වෙස් ගත් පාපතරයන් ගෙන් මිදී හොඳ තැනක උසස් භාවයක් ලැබේවා.!!!
සැකකාරයන්ගේ පින්තූර ටිකත් දැම්මා නම් අපිට බලාගන්න..
ඔය පව් ගැන, අවිහිංසාව ගැන කතාකරන උපාසක මහත්වරු ගම් පැතිවලට සංචාරවලට ගියාම හෝටල් වලින් අහන්නේ කෑමට දඩමස් එහෙම නැද්ද කියලයි !
එයාලට දඩමස් කියලා ලැබෙන්නේ වෙන දේවල්... කොහොම වුණත් අවුරුදු 10කටවත් හිරේ දාන්න ඕනේ.. තුරුලතා හා වන සම්පත් පනත තවත් ශක්තිමත් කරන්න ඕනේ..
මෙතන ඉන්නවද මස් මාලු නොකාපු කෙනෙක් කියලා හිටන්...
වන ජීවින් මරාදමන අයට මිට වඩා දැඩි දඩුවම් දිය යුතුයි. නිතරම දුර්ලබ ගනයේ සතුන් ඝාතනය කරනවා වගකිව යුත්තන් අපරාදයක් වුනාට පස්සේ ගිහින් අල්ලනවා ඇති වැඩක්ද එය.
තව ටික දවසකින් ලංකාවේ මිනිසුන් එකිනෙකා මරාගෙන ආහාරයට ගන්නවා කියලා ප්‍රවෘත්තියක් පල උනොත් මම නම් පුදුම වෙන්නේ නැහැ. මේක ඒ තරමටම මනුස්සකම් වලින් පිරිහුණු මිලේච්ජ මිනිස්සු බහුතරයක් ඉන්න රටක්. හැබැයි ඉතින් කතා කරද්දී නම් හැමෝම බෝධි සත්වයෝ. බුදුන්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ, මහම්මත් තුමාටත්, ධර්මය උගන්වයි මේ ඉන්න අය
එතකොට මෙය දුටු වහාම එම මස් කුණු වෙන්න අරිනවද ?