අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරේ තව දුරටත් රැඳී සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීම ගැන ශ්‍රී ලංකා පක්‍ෂයට එකඟ විය නොහැකි බැවින් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා කැමැත්ත දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු එම ධූරයට පත්කර නව රජයක් පිහිටුවිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.
පළාත් පාලන මැතිවරණයේදී ලද ඡන්ද සංඛ්‍යාව කෙරෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගත් ඇතැම් තීන්දු ඍජුව බලපෑ බව ද ඔවුන් සිය ලිපියේ සඳහන් කර තිබේ.
එහි වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.
“ පසුගිය මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුතිවාදී රජයකට එකඟ වූයේ වර්ෂ 2ක් සඳහාය. එම කාලය දැන් ඉකුත් වී ඇත. පසුගිය වසර 2 1/2ක කාලය තුළ සම්මුති රජයේ ආර්ථික, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, විදේශ කටයුතු, අධිකරණය, නීතිය හා සාමය වැනි ප්‍රධාන විෂයයන් පිළිබඳ වගකීම දරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන්, ගනු ලැබූ සමහර තීරණ සම්බන්ධව ප්‍රතිපත්තිමය එකඟතාවලට එළඹීම දුෂ්කර වුවද, සාමූහික වගකීමට අප මැති ඇමැතිවරු ගරු කරන ලදී.
එහෙත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූ වංචා දූෂණ මැඩපැවැත්වීම වෙනුවට මහ බැංකු බැඳුම්කරය වැනි මහා පරිමාණ වංචා අග්‍රාමාත්‍යතුමාගේ දැනුම මත සිදුවී ඇති බව රටට රහසක් නොවේ. ආර්ථික කළමනාකරණ හා යහපාලන මූලධර්මවලට පිටුපෑම ඇතුළු අපටද එකඟ විය නොහැකි දේශීයත්වය රැකගන්නා වැඩපිළිවෙළකට යාම වෙනුවට එහි ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක් මත පිහිටා ගනු ලබන තීරණ නිසා පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වර්තමාන ජනමතය පිළිබිඹු කර ඇත.
එම නිසා එක්සත් ජාතික පක්ෂය ලද ඡන්ද සංඛ්‍යාව මත ගරු අග්‍රාමාත්‍යතුමා එම තනතුරේ තවදුරටත් රැඳී සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීම අප පක්ෂයට එකඟ විය නොහැක. එම නිසා පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාසය දිනා ගත හැකි මන්ත්‍රීවරයකු අග්‍රාමාත්‍යධුරයට පත් කර නව රජයක් පිහිට විය යුතු යැයි අප අදහස් කරමු.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවස්ථාව ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු”.
COMMENTS
සමහර අයට තමන් ඉන්නේ කවුරු නිසාදැයි මතක නැත. කන්න දීපු අත හපා කනවා. නැග්ග ඉනිමගට පයින් ගහනවා. මේ අය ආපුවහම ප්‍රශ්න වැඩියි. මේ මිනිස්සු දෙන්නා මහින්දට කඩේ ගිය මිනිස්සු... යහපාලනයේ ඉඳගෙන එකිනෙකා ඇනකොටා ගත්තා. ජනතාව ඡන්දෙ දුන්නේ මෛත්‍රි ජනාධිපති, රනිල් අගමැති වෙන්නයි. ශ්‍රී ලංකා එකට ආණ්ඩුව දෙන්න නෙමෙයි.
මේක නම් ඉතා හොඳ අදහසක්...
ඔබ කැමති හෝ අකමැති වුණාට පසුගිය මහා මැතිවරණයේදී බහුතරයකගේ විශ්වාසය දිනා ගත්තේ රනිල්. පළාත් පාලන මැතිවරණ වලින් අගමැතිවරු තෝරන්නේ නැති බව ඔබලා නොදන්නවාට මහා ජනතාව දන්නවා. ඔබලාට යන එන මන් නැති වුණාට නීති වෙනස් කරන්න බැරි බව තේරෙන්නේ නැද්ද?
ඒක නම් අනිවාර්යෙන්ම සිදුවිය යුතු දෙයක්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දුමින්ද දිසානායක මහතා මෙම ඉල්ලීම නොකරන්නේ එම මතය නොදරන නිසාද? එසේම මෙය පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල නිසා ඇතිවූ ඉල්ලීමක් නම් ලොකුම පරාජය ලැබූ ජනාධිපතිවරයාටද අදාල නොවන්නේ ඇයි?
දැන් ඔය කියන මඩවගුරේ ගෞරවය සහ විශ්වාසය දිනාගත්ත කෙනෙක් ඉන්නවද කියලා මව්බිමට ආදරය කරන පුරවැසියන් හැටියට අපට නම් පෙන්නේ නැහැ. ඉන්න හැම කෙනාම ඔබගේ, අපගේ මුදල්වලින් කිසිදු කරදරයකින් තොරව සුර සැප විදින බව පුරවැසියන් සියල්ලෝම දන්නා කරුණකි.
මේ අයට අමු කැවිලා වත්ද?
තමාගේ ආසනය පැරදී ඇති ඇමතිලා පළමුව අස්වී ආදර්ශයක් දෙන්න.
මේක මහ පුදුම කතාවක්නේ? එහෙම කොහොමද? එහෙම වුණොත් රූපවාහිනී නාලිකාවක් මඟින් ලෝකයේ පළමුවෙනි වතාවට අගමැතිවරයෙකු ධුරයෙන් පහකර දැමීමේ සජීවී ක්‍රියාන්විතයට "මොකද වෙන්නේ? අපොයි රටකට ගිය කලක්?
මෙයාලගේ ඇස් ඇරෙන්න ජනතාව දුන් පිළිතුරට ජනතාවට ප්‍රණාමය! තමුන්ගේ ආසනයවත් බේරා ගන්න බැරි මෙයාලගෙන් ජනතාවට කිසිම සෙතක් නැහැ. මොන උප්පර වැට්ටියක් දැම්මත් වැඩක් නැහැ.
රටේ විධායක ජනාධිපතිවරයෙක් තමන්ගේ පක්ෂේ අන්ත පරාජයකට එනම් හතරවෙනි තැනට වැටිලා ඉද්දි පළමුව අස් වෙන්න ඕනේ එයයි. ලැජ්ජාවක් නැති කමට තමන්ව ඔය පුටුවට ගේන්න ඡන්දයක්වත් නොදීපු මහින්ද අමරවීර දෙන උපදෙස් අරගෙන බොරු කරලා වාර්තාවක් තියන්නද යන්නේ?
අර කිව්වා වගේ මේ රටේ අගමැති කමට සුදුසු පුද්ගලයෙක් වර්තමාන දේශපාලනය කරන ඇත්තන්ගෙන්නම් හොයන්න බෑ. යක්කුන් අතරින් ටිකක් හොඳ යකෙකුව තෝරනවා නම් රනිල් කියන චරිතය තමයි තෝරන්න වෙන්නේ. මොකද, අඩුපාඩුකම් තිබුණට නායකත්වයට සුදුසු ගුණාංගත් ඔහු තුළ තියන නිසා. රනිල්ව ටිකක් සංශෝධනය කරල ගන්න ඕනෑ.
තමන් ගැන හිතලාද ඔය අදහස දැම්මේ. කොහොම නමුත් පර්ර්ලිමෙන්තුවේ බහුතර විස්වාසය රටේ ජනතාවට වැඩක් නැත. රටට සේවයක් කල රටේ ජනතාවගේ විස්වාසය දිනා ගත කෙනෙක් අගමැති කොරන්න. ඔය ඉන්න ඇමතිවරුන් අතර රටට වැදගත් දෙයක් කරපු කෙනෙක් ගේ නමක් ඉදිරිපත් කොරන්න බලන්න. ඇමතිවරුන්ගේ දීමනා වැඩි කලාම පාර්ලිමෙන්තුවේ බහුතර විස්වාසය, කැමැත්ත ලැබෙනවා. ඇමතිවරු ගණන අඩුකර දීමනා අඩුකරනවිට රටේ ජනතාවගේ විස්වාසය, කැමැත්ත වැඩිවෙනවා.
තමන් අයත් ඡන්ද කොට්ටාසේ වත්, ආසනයවත් පාලනය කරගන්න බැරි උදවිය රට පාලනය කරන්නේ කොහොමද? ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ?
සේරම එකයි . අවස්ථාවාදීන්. තමන්ගේ අවස්තාව එනකන් ඉන්නේ ගේම ගහන්න. සේරම හදන්නේ තමන්ගේ බඩ කට පිරෙන සැලසුමක් හොයන්න .එකෙක්වත් නැහැ රටට ආදරේට වැඩක් කරන.
ඔය ඉල්ලීම කරන්න තිබුණෙ 2015 ජනවාරි 09. මන්ත්‍රීවරු 41 දෙනෙකුගෙ පමණක් විශ්වාසය තිබුණු අයෙක් අගමැති කළ වෙලාවෙ. දැන් එතුමාට අනිවාර්ය 106 දෙනෙකුගෙ විශ්වාසය තියනවා. ඔබතුමාල ඉවත් වුවොත් තව 16 දෙනෙකුගෙ කොන්දේසි විරහිත සහාය තියනව. බොරුවට අනාගන්නෙ නැතුව නීත්‍යනුකූලව තම සන්ධානයට හිමි විපක්ෂ නායක ධුරය දිනා ගන්න බලන්න.
රනිල් නිසා ඡන්ද අඩුවුවනම් ඉතිරි අවුරුදු දෙකත් රනිල්ට අගමැතිකම කරන්න ඉඩ හරින්න .එහෙම කලහම ඊළඟ මැතිවරණයේදී පොහොට්ටුවට 85% ඡන්ද ගන්න පුළුවන්.බුද්ධිමතුන් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම පමණක් ජනාධිපතිතුමාට දීල (ඡන්ද පොහොට්ටුවට )ජනාධිපතිතුමා තම පැත්තට හරවා ගත්ත වගේ මේ ගොල්ලන්ගේ පදයට නටන අගමැති කෙනෙක් පත්කරගන්නයි මේ ගොල්ලෝ දඟලන්නේ කියා.