චාන්දනී දිසානායක
අලව්ව - යාංගල්මෝදර ප්‍රදේශයේදී අද (13) බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් එක් අයෙකු මරණයට පත්ව 32 දෙදෙනෙකු තුවාල ලබා ඇති බව අලව්ව පොලිසිය කියයි.
කදුරුවෙල සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් සහ කොළඹ සිට ගල්නෑව දක්වා ගමන් කළ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇත .
මෙම අනතුරෙන් කොළඹ දක්වා ගමන් කරමින් තිබූ බස් රථයේ ඉදිරි පස මා ඔයට වැටී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ 18 දෙනෙකු කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සෙසු තුවාලකරුවන් අලව්ව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය පිළිබඳව අලව්ව පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් රථ රියැදුරන් තරම් අවිනීත සත්ව කොට්ඨාශයක් වේ නම් ඒ පාර්ලිමේන්තුවේ පමණි.
මේවට තමයි ඉන්දියන් ලොරි බස් කියලා කියන්නේ...
පොලිසියෙන් බස්වලට නීතියක් නැහැ. ඇහුවම පොලිසියෙන් කියන්නේ පොදුසේවා කියලයි. පොදු සේවා කියන්නේ මරණයද?