
(ජයන්ත සමරකෝන්)
බූස්ස විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගනයේ පාතාල හා මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වමින් දිගු කාලයක් එකම සේවා ස්ථානයක රැඳී සිටින ජේලර්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් වෙනත් සේවා ස්ථාන වෙත මාරුකරු යැවීමට බන්ධනාගාර මූලස්ථානය තීරණය කර ඇත.
මේ වනවිට අදාල නිලධාරීන් පිළිබඳ බුද්ධි අංශ විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව වලට අනුව විමර්ශනයක් සිදුකර ගෙනයන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද (28) පැවසීය.
දැනටමත් එවැනි සැක කටයුතු නිලධාරීන් 20 කගේ පමණ තොරතුරු බුද්ධි අංශ විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
මෙම නිලධාරීන්ගේ වැඩිදෙනා එකම සේවා ස්ථානයක දීර්ඝ කාලයක් සේවය කර ඇතැයි ද දැනගන්නට තිබේ.
පාතාල රැඳවියන්ගේ පණිවිඩ පිටට රැගෙන යාම පවා ඇතැම් නිලධාරීන් සිදුකර ඇතැයි ද බන්ධාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
691
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බූස්ස බන්ධනාගාරයේ දිගු කාලයක් සිටි නිලධාරීන්ට ස්ථාන මාරු