(මනොප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
සෙවිලි තහඩු බෙදාදීමේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමෙන්තු මුදලින් රුපියල් කෝටි 3 1/2කට ආසන්න මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කළැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු සිව්දෙනකුට එරෙහි නඩුව ලබන දෙසැම්බර් 12 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (28) නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දෙන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් නදීකා සංජීවනී මහත්මියගෙන් වැඩිදුර හරස් ප‍්‍රශ්න විමසීම එදින තෙක් කල් තැබීමට මෙහිදී නියෝග කෙරිණ.
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු නියෝජ්‍ය අධක්‍ෂක ජනරාල් බන්ධුල තිලකසිරි යන මහත්වරුන්ට එරෙහිව නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරනු ලැබ ඇත.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා සාක්කිකාරියගෙන් තවදුරටත් හරස් ප‍්‍රශ්න විමසීමට අවශ්‍ය බව දැනුම් දුන් අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස නියම කළේය.
2015 නොවැම්බර් මාසයේදී දිවිනැඟුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බෙදා දීමේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමෙන්තු මුදලින් රුපියල් මිලියන 29.91ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම සහ රජයේ මුදල් අවභාවිතා කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබ තිබේ.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැසිල්ගේ සෙවිලි තහඩු නඩුව 12 වැනිදාට කල් යයි
Bamunuarachchi Wednesday, 29 November 2017 12:44 AM
ඇත්තටම සෙවිලි තහඩු බෙදා දුන්නනම් මොකක්ද ප්‍රශ්නය? මොකෝ බැසිල්ගේ සාක්කුවෙන් දෙන්න කියලාද කියන්නේ? මොන දෙසපාලකයාද එහෙම කලේ? මේ ගොල්ලෝ සපත්තු දෙන්න හදන්නේ ඒ කාගේ සල්ලි වලින්ද?