IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


බැසිල්ගේ නඩුව වෙනත් උසාවියකට යොමු කිරිමේ තීන්දුව බදාදා

(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා වෙනත් උසාවියකට යොමු කිරීම සම්බන්ධයෙන් වු තීන්දුව බදාදා (15) ප‍්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (13) දැනුම් දුන්නේය.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇත.

මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා කරුණූ ඉදිරිපත් කරමින් නඩුව මෙම අධිකරණයේ විභාග නොකොට එය විභාග කිරීම සඳහා වෙනත් අධිකරණයකට යොමු කරන්නැයි කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් විනිසුරු එලෙස නියම කළේය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.

මෙම විත්තිකරුවන් දෙදෙනාටම එරෙහිව නීතීපතිවරයා විසින් මෙම චෝදනාවම යටතේ මුලින් නඩුවක් පවරා තිබු අතර තාක්‍ෂණික දෝෂයක් බව කියමින් නීතීපතිවරයා විසින් එම නඩුව ඉල්ලා අස්කර ගත් අතර ඉන් දින දෙකකට පසුව එම තාක්‍ෂණික දෝෂය නිවැරදි කරමින් නිතීපතිවරයා විසින් යළිත් වරක් නඩු පවරනු ලැබීය.



අදහස් (12)

බැසිල්ගේ නඩුව වෙනත් උසාවියකට යොමු කිරිමේ තීන්දුව බදාදා

rohana Monday, 13 November 2017 12:04 PM

අනේ මේ මේ ගොල්ලෝ හොරකම් කලෙත් නැහැ.. කරන්නෙත් නැහැ.. මේ ගොල්ලෝ පව් අහිංසක අය... අපි මේ ගොල්ලන්ට තව සැරයක් බලය දෙමු. ගිය සැරේ හොරකම් කලේ නැතිනිසා ඊළඟට බලය දීලා හොරකම් කරන්න කියමු. පව්නේ මෙයාලා.

:       130       158

dahamMonday, 13 November 2017 01:11 PM

ලිප් බෙදපු එක, යකඩ බට බෙදපු එක, සිල් රෙදි බෙදපු එක හොරකම් නෙමෙයි. සල්ලි කවුරුවත් ගෙදර ගෙනිහින් නැහැ. හැබැයි මහා බැංකු මන්කොල්ලෙන් නම් මිලියන ගණන් ජනතාවගේ සල්ලි ඇදලා ගත්තා. ඒවා යසරඟට ඔප්පු වෙලා. හැබැයි එ් හොරු ඔක්කොම නිදහසේ ඉන්නවා. නියම යහපාලනය නේද?

:       234       198

kasunTuesday, 14 November 2017 04:57 AM

ගෙදර ගෙනියන ඒවා විතරක් නෙමයෙි හොරකම්. ගෙදරින් වියදම් කරන්න ඕන ඒවා මහජන මුදලින් වියදම් කරන එක තමයි ලෝක හොරකම සහ විලිලැජ්ජා නැති හොරකම්

:       36       117

deepalTuesday, 14 November 2017 04:59 AM

තමන් කැමති දේශපාලන පක්ෂය මොනව කලත් හොදයි කියන මිනිසුන් සිටිනාතාක් මේ රට දියුණු වෙන්නේ නැහැ. කවුරු කළත් හොරකම හොරකම ලෙස දකින්න බැරි ඇයි? පහුගිය කාලෙත් කම්බා හොරු. මහ බැංකු කොල්ලයත් එසේමයි ලෙස නොදකින්නේ ඇයි?

:       0       81

පිටිගල මිලානෝ Monday, 13 November 2017 12:20 PM

අයිතිකාරයා නැති මාළිගාව පොත ලිව්වේ මෙයා තමයි.

:       1       170

වින්සන්ට් Monday, 13 November 2017 02:59 PM

දහම් මහතා, අර මල්වානේ මාලිගයට අයිතිකාරයෙක් නැතිව ගියේ ඒක ගෙනියන්න බැරි නිසා වෙන්න ඇති නේද? බැඳුම්කර හොරුන්ට හොරු කියන්නත්, වෙනත් හොරු නොවෙන්නත් හේතුව තේරුම් ගත නොහැකිය. අපේ රටට වාසනාව ගෙනඑන්නේ මේ කොයි කෙනාටත් හොරා කියන්න ජනතාව තේරුම් ගත් දවසකය.

:       1       185

pethumTuesday, 14 November 2017 05:01 AM

වාසි පැත්තට , කමන් කැමති පැත්තට හෝයියා කියන මැට්ටන්ට “මහත්තයා“ කියන්න එපා.

:       0       0

sumalperera Monday, 13 November 2017 03:08 PM

මීට වඩා හොඳයි බැසිල්ටම නඩුව අහගන්න දෙන්න..

:       1       64

parakkrama Monday, 13 November 2017 04:55 PM

මේ නඩුව ඇමරිකාවේම උසාවියකට භාර දුන්නා නම් නඩුත් අහලා දඬුවමුත් දීලා, නිෂ්පාදකවරයෙක් චිත්‍රපටියකුත් ගහලා, මේ වෙනකොට ලෝකේ පුරාම ප්‍රදර්ශනය කරලත් ඉවරයි.

:       1       40

Rohana Tuesday, 14 November 2017 12:12 AM

රටේ සම්පත් මංකොල්ලකන සියලු දෙනාට නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙනවා, නඩුව 2020 මාර්තු මාසයට කල් තබයි. ඔබලාට සතුටුද ?

:       0       8

rohana Tuesday, 14 November 2017 01:57 AM

දහම්, සත්‍යයා, සත්‍යපාල, බමුණු මේ හැමෝම එක්කෙනෙක් ඒ වගේම පා.ම. මහින්දට කඩේ යන කෙනෙක්.. මැද මුලනේ කට්ටිය හොරකම් කලේ නැද්ද ඒ ගොල්ලෝ කම්බා හොරු. මට තාම හිතාගන්න බැරි මෙයාගේ අයියට අයිති මාගම්පුර පොර්ට්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් ගැන කිසිම තැනක කිසිම දිනක සඳහන් නොවන්නේ ඇයිද යන්නයි. මොකද මේ ගැන කවුරුවත් දන්නේ නැහැ . හම්බන්තොට වරාය, වරාය අධිකාරියට අයිති නැහැ. එක අයිති 30% මාගම්පුර කාරයට එයා කවුද?අයි මේවා එලියට එන්නේ නැත්තේ.

:       0       24

sadissa Tuesday, 14 November 2017 03:12 AM

මෙව්වා ඔක්කොම ආටක නාටක! අවසානේ නටපු තොවිලයකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. මේවට හුරේ දාන එවුන්ගේ ලේ පිච්චෙනවා විතරයි!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 222 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1080 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site