මුදිතා දයානන්ද
බස්නාහිර පළාත් සභාවේ සැප පුටු ගනුදෙනුවේ සිට එහි සියලූ ඉදිකිරීම් හා මිලදී ගැනීම් තුළ දුෂණයන් ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ සියල්ල සම්බන්ධයෙන් විගණන පරික්ෂණයක් කරන ලෙස විගණකාධිපතිට පැමිණිලි කරන බව ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා අද (16) පැවසීය.
විගණන පරික්ෂණ වාර්තාව ලැබුණු පසු දූෂණයක් සිදුව තිබෙන බව තහවුරු වන්නේ නම් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරිමට ද අප බලාපොරොත්තු වෙනවා යැයි ද නිපුණආරච්චි මහතා පැවසීය.
නිපුණආරච්චි මහතා මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී වන අතර තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.
බස්නාහිර පළාත් සභාවේ සිදුව තිබෙන එකම දූෂණය සැප පුටු ගනුදෙනුව නොවේ. ශබ්ද විකාශන යන්ත‍්‍ර ඇතුළු කැමරා පද්ධති සැපයීමට රටේ සුප‍්‍රසිද්ධ, වැඩකර මනා පළපුරුද්දක් සහිත ආයතනයකින් මිලියන 72කට අයදුම්පතක් ඉදිරිපත් කර තිබියදී එහි අත්සන් තිබුණේ නැතිකම තාක්ෂණික ප‍්‍රශ්නයක් සේ ඉදිරිපත් කරමින් මිලියන 109කට අයදුම්පතක් ඉදිරිපත් කළ සමාගම තෝරාගෙන සභා ගොඩනැගිල්ලේ පිට පොත්ත විතරයි. ඇතුල හිස්. මදේ නැහැ. කැන්ටිමේ වයර් එල්ලෙනවා.
එහි තිබෙන්නේ මන්ත‍්‍රීවරුන්ගේ පරණ භෝජනාගාරයේ පුටු. නමුත් පුටුවලට ඇස්තමේන්තුවේ මුදල් වෙන්කර තිබෙනවා. සභාපති පිවිසුම් දොර, මෙහි මිල බැලූවාම ඒකට දෙර කියන්න බැරි නිසා මම කියන්නේ ද්වාරය කියලා. මේ පිවසුම් ද්වාරයට කෝටියකට අධික මුදලක් වැය වි ඇති බව තමයි මට ලැබී තිබෙන තොරතුර අනුව තහවුරු වන්නේ.
COMMENTS
සපත්තු දාලද ඉන්නේ දන්නේ නැහැ.
ඔක්කොම කිල්ලෝටවල තියන හුණු ටික අර ගත්තම බුලත් විට කන්න බැරිවෙයි. ටික ටික ගන්න, ඡන්දේ ළං වෙනකොට මුළු පළාත් සභා ගොඩනැගිල්ලේම ගාන්න හුණු එක්කහු කරගන්න පුළුවන් වෙයි.
කාලෙකට පස්සෙ කන්න හම්බ වූ වෙලාවේ බදාගෙන කන්නේ නැතිව ලෙව කන්නද කියන්නේ?
බස්නාහිර පළාත් සභාවේ වර්තමාන මහ ඇමැතිවරයාගේ කාලයේ පමණක් නොව හිටපු මහ ඇමැතිවරයා වන ප්‍රසන්න රණතුංගගේ කාලයේ සිදුවූ ගණුදෙනු සම්බන්ධයෙන්ද විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර පළාත් සභා ක්‍රමය ආරම්භයේ සිටම දූෂිත හා අකාර්යක්ෂම ආයතන ලෙස ක්‍රියාකළ බවට ඉතිහාසය පුරාවටම සාක්ෂි ඇත.
ලොකු පොඩි විදිහට හැමතැනකම තියෙනවා. නමුත් ඔබගේ උත්සාහයට උණුසුම් සුභ පැතුම්...!!!
මේ මහත්තය නරකද ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස අනාගතයේදී තරග කරන්නට?
මෙහෙමයි මන්ත්‍රීතුමෝ. ලංසුවක් ඉදිරිපත් කරද්දි ලංසු ලේඛනයේ අත්සන් තබා තහවුරු කිරීම අනිවාර්ය දෙයක්. මිල අඩු වෙච්ච පමණින් දෝෂ සහගත ලංසු පිළිගන්න බෑ. මේ අත්සන් රහිත ලංසුකරුට පිරිනමලා ඒ ආයතනය පසුව මිල වෙනස් කරන්න පවා හැකියි මොකද අත්සන් තබා තහවුරු කර නැති නිසා.