(ඩයනා උදයංගනී)
බස්නාහිර පළාතේ පළාත් සභා පාසල්වල අනුමත ගුරු සංඛ්‍යාව සිටින නමුත්, ඔවුන්ගෙන් 3000 ක් පමණ විවිධ හේතු මත සේවයේ යෙදවිය නොහැකි බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එස්. ජේ විජේබන්දු මහතා අද (7) පැවසීය.
බස්නාහිර පළාතේ පළාත් සභාවට අයත් පාසල්වල ගුරුවරුන්ගෙන් කොටසක් ගුරු උපදේශන සේවාවේ නියැලී සිටින අතර තවත් පිරිසක් ප‍්‍රසූත නිවාඩු ලබාගෙන සිටී.
තවත් ගුරුවරුන් පිරිසක් විදෙස්ගත වීම නිසාද ඇතැම් අයට තිබෙන මානසික සංකූලතා හේතුවෙන්ද සේවයෙහි යෙදවීමට නොහැකිවීම නිසා බස්නාහිර පළාතේ 3000ක පමණ ගුරු හිඟයක් පවතින බවද විජේබන්දු මහතා පැවසීය.
බස්නාහිර පළාත් පාසල්වල සිටිය යුතු ගුරු සංඛ්‍යාව 36,000ක් වන අතර මේ අනුව ප‍්‍රතිශතයක් ලෙස සියයට 6ත් 7ත් අතර ගුරු හිඟයක් පවතින බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.
ප‍්‍රසූත නිවාඩු මත වසරේ සෑම දිනකම ගුරුවරියන් 1200ක් සේවයෙන් බැහැරව සිටින බව කී ලේකම්වරයා ඔවුන්ගෙන් බහුතරය දින 84 නිවාඩුවට අමතරව, අර්ධ වැටුප් සහිතව මාස 3ක්, වැටුප් රහිතව මාස 6ක් වශයෙන් ලැබිය හැකි සම්පූර්ණ නිවාඩු ලබාගන්නා නිසා දරු ප‍්‍රසූතියකදී වසරකට අධික කාලයක් සේවය අහිමි වන බව ප‍්‍රකාශ කළේය.
එමෙන්ම ගුරු උපදේශකවරුන් ලෙස සේවය කරන 800ක පමණ පිරිස හා පන්ති කාමරයෙන් බැහැරව විවිධ කාර්යාල සේවාවල නිරතව සිටින 100ක පමණ ගුරු පිරිස ද ගුරු කාඩරයට ඇතුළත් වන නමුත් ගුරුවරුන් ලෙස සේවය නොකරන බව ලේකම්වරයා කියා සිටියේය.
ඊට අමතරව තවත් ගුරුවරුන් 400ක් පමණ මානසික සංකූලතා හේතුවෙන් පුස්තාකල ආදියේ සේවා සඳහා යොදවා සිටින බවත්, වසර 5කට නිවාඩු ලබාගෙන විදෙස්ගත වූ ගුරුවරුන් 100ත් 120ත් අතර ප‍්‍රමාණයක් සිටින බවත් කී අමාත්‍යාංශ ලේකම් විජේබන්දු මහතා ඒ සියලූ දෙනා වැටුප් ලබන බැවින් සේවා පුරප්පාඩු ලෙස සලකන්නේ නැතැයි සඳහන් කළේය.
මේ හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වන බව කී ලේකම්වරයා විදෙස්ගත වී සිටින පිරිසගේ සේවය වසර 5කටම නොලැබෙන බැවින් එය හෝ පුරප්පාඩුවක් ලෙස සළකා ඒවා පිරවීමට කටයුතු කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව කියා සිටියේය.
එසේත් නැතිනම් මෙවැනි පුරප්පාඩු සදාකාලික බැවින් ගණිතය, විද්‍යාව සහ සෞන්දර්ය යන වෙනත් ගුරුවරයෙකුගෙන් පිරවීම අසීරු පුරප්පාඩු වෙනුවෙන් සියයට 3ක ගුරු සංචිතයක් පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටින බව ඔහු කීවේය.
එය වැය බරක් නොව අනාගත ආයෝජනයක් බව ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්නාහිර පලාතට අවශ්‍ය ගුරුවරු සංඛාව 36000 ක් නම්, ඔවුන්ට වැටුප් ගෙවන්නේ නම් ඉන් 3000 ක් නොයෙකුත් හේතුන් මත පන්ති කාමරයට නො පැමිණෙන්නේ නම් මේ වෙනුවට ආදේශ කල හැකි විකල්ප යෝජනා නැත්ද? කැබිනට් අනුමැතියක් ඇතිව සහන ගුරුවරුන් 3000 ක් අලුතින් බඳවා ගැනීමේ බාධා තිබේද? ලෝකයේ විශාලම අමාත්‍ය මණ්ඩලයක් නඩත්තු කරන රටකට දරුවන් වෙනුවෙන් මුදලක් වෙන් කල නොහැකිද?
දැන් තේරෙනවාද කාන්තා පාර්ශවය සේවයේ යෙදෙව්වහම රටකට තිබෙන පාඩුව. මාස ගණනාවකම පින් පඩි. වැඩක් කෙරෙන්නේ නැත.
අධ්‍යක්ෂකතුමනි ! ඔබතුමා කියන ප්‍රශ්නය ගැන තේරුම් ගන්න පුළුවන් කීදෙනෙක් දියවන්නාවේ හා බ.ප.ස. ඉන්නවද? පොදුජනයට නම් ඔබගේ කියමන සක්සුදක් සේ පැහැදිලිය. අපේ කරුමෙට ඔල මොට්ටයෝම තමා පත්වන්නේ.
බමුණු මහත්තයෝ, ඔබේ අදහස මම මුළුමනින්ම පිලි ගන්නවා. සමස්තයක් වශයෙන් මුළු රජයේ සේවයම බිඳ වැටිලා තියෙන්නෙත් ආණ්ඩුවේ කන්තෝරු වල කිසිම වැඩක් නොකෙරෙන්නෙත් මේවා කාන්තා පක්ෂයෙන් පුරෝලා තියන හින්දයි. වැඩ ගන්න බැරි පිරිසකට මහා ජනයාගේ මුදල් වලින් පඩි ගෙවන්නේ මොකටද? ප්‍රසුත නිවාඩුවලට වැටුප් රහිත නිවාඩු දිය යුතුය.
රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු කාන්තාවන්ට වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලබාදීම ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ උදාර කටයුත්තකි. අප ජනගහනයෙන් 52%ක් වූ කාන්තාවන් දරුවන් වැදීමේ පාපයට මෙවැනි විරෝධතා දැක්වීම සතිපූජා පැවැත්වීම අනුමත කළ බමුණන්ගේ අදහසකි. රජයේ කාර්යාලවල ප්‍රමාණවත් වැඩ ප්‍රමාණයක් නොකෙරෙන්නේ නම් එය පරිපාලන දුර්වලකමක් මිස වෙන යමක් නොවේ.