IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


‘බලයට එන්න සිම්බාබ්වේ විපක්ෂයේ සූදානමක්‘

 

සාරාංශය

  • ජනාධිපති රොබට් මුගාබේ තවමත් නිවාස අඩස්සියේ.
  • ජනපතිවරයාගේ අනාගතය ගැන සාකාච්ඡා පැවැත්වේ.
  • හරාරේ නගරයේ වීදිවල හමුදා සෙබළු රැඳි සිටිති.
  • මෙම ක්‍රියාදාමය හමුදා කුමන්ත්‍රණයක් නොවන බව හමුදාව කියයි.
  • රජයේ සමහර ඇමතිවරුන් ද රඳවාගෙන සිටින බවට වාර්තා.

 

15:13 බීබීසී ඇසුරෙනි

 

සිම්බාබ්වේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා වූ ව්‍යාපාරය(එම්ඩීසී) මෙම හමුදා ක්‍රියාදාමය හමුවේ බලයට පැමිණීම ගැන සලකා බලන බව එහි මහ ලේකම් ඩග්ලස් වොන්සෝරා මහතා පවසයි.නමුත් එසේ කරන්නේ කොන්දේසි කිහිපයක් මත පමණක් බවද ඔහු කීය.


14:50 බීබීසි ඇසුරෙනි

සිම්බාබ්වේ රජයේ ඇමතිවරයකු වන පෝල් චිමෙද්සා මහතා දකුණු අප්‍රිකාවට පළා යන අතරතුරදී මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගෙන ඇතැයි සිම්බාබ්වේ පෞද්ගලික පුවත්පතක් වාර්තා කර තිබිණි.

ඔහු බූබිහීදි අත්අඩංගුවට ගෙන ඇතැයි ද එහි සඳහන් වේ.


14:07 බීබීසී ඇසුරෙනි

සිම්බාබ්වේ තුළ ඇති චීන සමාගම් ගැන සහ සිම්බාබ්වේ තුළ චීනය කළ ආයෝජන ගැන චීන රාජ්‍ය මාධ්‍ය කනස්සල්ල ප්‍රකාශ කර තිබේ.

චීනය සහ සිම්බාබ්වේ අතර දිගු කලක සිට සම්බන්ධතා පැවතිණි.එමෙන්ම මෙම හමුදා ක්‍රියාදාමය පිටුපස සිටින හමුදා ප්‍රධානි ජනරාල් කොන්ස්ටන්ටිනෝ චිවෙන්ගා මීට සතියකට පෙර චීනයේ සංචාරයක නිරත විය.එම සංචාරය සාමාන්‍ය සංචාරයක් පමණක් බවට චීන විදේශ අමාත්‍යංශය නිවේදනය කළේය.


14.05 රොයිටර් ඇසුරෙනි

මුගාබේ ජනපතිවරයාගේ පවුලට සමීප කතෝලික පියතුමකු හමුදා පාර්ශ්වය හා ජනපතිවරයා අතර සාකච්ඡා සඳහා මැදිහත් වී ඇතැයි සිම්බාබ්වේ ආරංචිමාර්ග පවසයි.

ෆිඩෙලිස් මුකොනෝරි නම් පියතුමකු මෙලෙස මැදිහත් වී ඇත.එම පියතුමා 1970 වසරේ සිට ජනපතිවරයා සමග සම්බන්ධකම් පවත්වා ඇති බවට හෙරල්ඩ් පුවත්පතේ පළ වී තිබිණි.


14:00 බීබීසී ඇසුරෙනි

සිම්බාම්වේ ජනපති ආර්යා ග්‍රේස් මුගාබේ නැමීබියාවේ සිටින බවට පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කරන බව නැමීබියාවේ නියෝජ්‍ය අගමැති නෙටුම්බෝ නන්දි පවසයි.

“එහි ඇති සත්‍යයක් නැහැ.එවැනි තොරතුරක් මට ලැබී නෑ.මට දැනගන්නට ලැබුණේ නම් සිම්බාබ්වේ ජනපති ආර්යාව සහ පවුල ඔවුන්ගේ නිවසේ ආරක්ෂිතව සිටින බවයි.අපි මේ ගැන අවධානයෙන් සිටිනවා“


13.29 බීබීසී ඇසුරෙනි

කඩ සාප්පු සහ ව්‍යාපාර කටයුතු සුපුරුදු පරිදි සිදුකෙරෙන අතර පවතින තත්ත්වයට සිම්බාබ්වේ අනුගත වෙමින් පවතින ආකාරයක් දැකිය හැකි බවත් සිම්බාබ්වේ ජනපතිවරයා බේරාගැනීමට කිසිවකු ඉදිරිපත් වී නැති බවත්  වාර්තා වෙයි.
මේ වන විට පාලනය සියතට ගෙන සිටින යුද හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන්ද මෙම තත්ත්වය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවට ලෝකයාට ඒත්තු ගැන්වීමට උත්සහ කරමින් සිටින අයුරු දැකිය හැකිය .
 


13:25 බීබීසී ඇසුරෙනි

හරාරේ අගනගරයේ තවමත් යුද හමුදාව රැඳි සිටී.

පාර්ලිමේන්තුව අසල යුද්ධ ටැංකියක් නවතා තිබෙන අයුරු ඡායාරූපය-රොයිටර්


13:20 බීබීසී ඇසුරෙනි


ජනාධිපති රොබට් මුගාබේ මහතා තවමත් නිවාස අඩස්සියේ බවත් ඔහුගේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයක පවතින බවත් වාර්තා වෙයි.

මෙම අර්බුදයට හේතු වී ඇතැයි කියන ජනාධිපති ආර්යාව සිටින්නේ කොහේද යන්න මේ වන තෙක් නිසි තොරතුරක් වාර්තා නොවෙයි.


2:01 බීබීසි ඇසුරෙනි

සිම්බාබ්වේ හමුදාවේ කොටසක් සිම්බාබ්වේ ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පර්යාය කඩාකප්පල් කිරීම වෙනිසියුලාව දැඩි ලෙස හෙළා දකින බව වෙනිසියුලා විදේශ අමාත්‍ය ජෝර්ජ් ඇරේසා ට්විටර් පණිවුඩයක් පළ කරමින් පවසයි.


00:41 බීබීසි ඇසුරෙනි

සිම්බාබ්වේ තුළ සිදුව ඇති හමුදා ක්‍රියාදාමය සැමරීමට ලන්ඩනයේ සිටින සිම්බාබ්වේ ජාතිකයින් එක්වූ බව වාර්තා වෙයි.ඉන් බොහෝ අය සිම්බාබ්වේ ආණ්ඩුවට එරෙහිව විරෝධතා පවත්වන සංවිධානයක සාමාජිකයින් බව කියැවේ.

බීබීමී ඡායාරූපය-බීබීසී

 

00:40 බීබීසි ඇසුරෙනි

“මෙම ක්‍රියාදාමය කොමාවක් පමණයි.එය නැවතීමක් නොවෙයි.අපිට සත්‍ය වෙනසක් අවශ්‍යයි.“යැයි සිම්බාබ්වේ මානව හිමිකම් සංවිධානයේ සභාපති චිපෝ පරිරෙන්‍යත්වා පැවසීය.

“මම දන්නේ නෑ හමුදාව කොහොම කරයිද කියලා.නමුත් අනිවාරෙන් සාමකාමී අයුරින් සහ අන්තර්ජාතික ප්‍රජාවේ සහභාගීත්වයෙන් මැතිවරණ පැවැත්විය යුතුයි.මම හිතනවා එහෙම වෙන්න පුළුවන් සම්භාවිතාව 50ට 50 තියෙනවා කියලා“යැයි සභාපතිවරයා පැවසීය.

වැඩිදුර කියවන්න http://www.lankadeepa.lk/latest_news/520320

 


 



අදහස් (12)

‘බලයට එන්න සිම්බාබ්වේ විපක්ෂයේ සූදානමක්‘

පිටිගල මිලානෝ Thursday, 16 November 2017 08:27 AM

අර කල්ලිය කලින්ම ගෙදර යවන්න බැරිවුණා නම් මේ රටේත් මේ වගේ හෝ මීට වඩා භයානක විපතක් වෙන්න තිබුණා.

:       6061       5322

kamalThursday, 16 November 2017 09:36 AM

පිටිගල අර කල්ලිය කිව්වේ ගිය ආණ්ඩුවද? පේනවනේ වෙලා තියන වින්නැහිය ඔබට සතුටුද? සනීපද?

:       3626       4065

sahanThursday, 16 November 2017 11:43 AM

අනේ ඔව් කමල්, ඔයාගේ අප්පොච්චා, බාප්පොච්චා ඇතුළු පිරිස තමයි...

:       817       608

MuhanThursday, 16 November 2017 02:33 PM

අපිට සතුටයි. අපේ රට සිම්බාබ්වේ වැටිලා තියෙන වලේ වැටුණු නැති එක ගැන....

:       718       500

PriyanthaThursday, 16 November 2017 05:19 PM

ඒ කල්ලිය ප්‍රභා ගෙදර යැව්වේ නැත්නම් ඔයා නෙමේ මෙහෙ ඉන්නේ... ඔයාලගේ නෑදෑයෝ ඔක්කොම ප්‍රභාගේ සිර අඩස්සියේ මෙලහකටත්. ඔයාට ඒකට දුකයි ද පිටී?

:       0       0

ලුම්බිණි Thursday, 16 November 2017 10:17 AM

මැරෙනකම් බලයේ ඉන්න හදන මිනිසුන්ට මේක තමා අත්වෙන ඉරණම...

:       298       384

JayaThursday, 16 November 2017 02:05 PM

අනිවාර්යෙන්ම, දැන් බලන්න අපේ අගමැතිතුමා, සිව් පාරක් අගමැති වෙලත් එපා වුනේ නෑ. 29 පාරක් පරාද වෙලත් පරාද වෙන බව දැන ගෙන ඔය ඉන්නේ ලස්සනට.

:       3       702

KamalThursday, 16 November 2017 03:53 PM

අගමැතිකමේ මොන බලයක්ද අනේ.?

:       0       0

KumarathilakaFriday, 17 November 2017 01:41 AM

මෙම කුමන්ත්‍රණය මෙහෙයවූ එංගලංතේ ‍රැජිනටත් එසේම වේවා.

:       0       63

Kamal Thursday, 16 November 2017 02:11 PM

මුගාබේ සමගම නැගිටිමු. සුළඟට එක්වන්න.

:       42       195

Sampath Friday, 17 November 2017 02:14 AM

තනතුරු වල ඉන්න ම්නිස්සු තතමන්ගේ වැඩේ හරියට කරන්නේ නෑ වගේම තමන්ගේ නෑයන් හිතවතුන් බලයට ගේන්න උත්සහ කරනවා....මේවා ප්‍රජාතන්ත්‍රවාදය නොතිබ්බ රාජාණ්ඩු කාලෙත් සාර්ථක උණේ නෑ....මේවා සියලු දෙනාට හොඳ පාඩම්... බොහෝ ආයතන වලත් මේ වගේ දේවල් සිද්ධ වෙනවා....

:       0       51

ranjith subasinghe Friday, 17 November 2017 06:16 AM

අපේ යුද හමුදාව වීරෝදාර සේවයක් කලා දරුණු කොටි එක්ක යුද්ද කරද්දී. නමුත් ඔවුන් දැන් බල්ලෝ වගේ වල්ගේ වන්නනවා අපේ ජරා දේශපාලකයෝ ඉදිරියේ. සිම්බාබ්වේ හමුදාවේ ආදර්ශය අරගෙන මේ රට මේ බලු දේශපාලකයෝ ගෙන් නිදහස් කරගන්නේ ඉදිරියට එන්න. ප්‍රජාතන්තවාදය බල්ලට දමල රට බේර ගන්න හමුදාවේ 20 දෙනෙක් නැද්දෝ මේ ජරා නාදය පාර්ලිමේන්තුවෙන් සහ ජනාදිපති මැදුරෙන් ආතුගලා දම්මන්න. අපේ හමුදාවට වීරිය ලැබේවා.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1783 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1460 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 522 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site