IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බලංගොඩ රෝහලේ පිරිමි ශල්‍ය වාට්ටුව හා එක්ස් කිරණ අංශය විවෘතවෙයි

(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙමින් බලන්ගොඩ රෝහල් ගත වූ කුරුවිට බන්ධනාගාර සේවකයාට කෝවිඩ් ආසාදනය වී නොමැති බවට පී.සී.ආර්. පරීක්ෂණ තහවුරු වීමත් සමගම බලංගොඩ මූලික රෝහලේ පිරිමි ශල්‍ය වාට්ටුව සහ එක්ස් කිරණ අංශය විවෘත කළ බව එම රෝහල් ආරංචි ප්‍රකාශ කරයි.

මෙහිදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් එම වාට්ටුව විවෘත කිරීමට කටයුතු කළ අතර රෝගීන් වෙත දැඩිව අවවාද ලබා දීමටත්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙසත් දැනුවත් කිරීමට පියවර ගත්බව බලංගොඩ මූලික රෝහලේ වෛද්‍ය කේ.ජේ.කේ. කොතලාවල මහතා සඳහන් කළේය.

කුරුවිට බන්ධනාගාරයේ සේවය කරන රජවක ප්‍රදේශයේ පුද්ගලයෙක් 13 වැනිදා අනතුරකට ලක්ව රෝහලට ඇතුළත් ව ඇති අතර තමාගේ සේවා ස්‍ථානය පිළිබඳ විස්තර හා තමා එක් පරීක්ෂයකට මුහුණ දී ඇති බවත් අද (14) තවත් පරීක්ෂණයකට මුහුණ දීමට ඇති බව දන්වා නොමැති අතර  පසුව තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව අද (14) දහවල් බලන්ගොඩ මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය පිරිමි වාට්ටුව වසා දැමීමටත්, එක්ස් කිරණ අංශය වසාදැමීමටත් පියවර ගැනුණි. වාට්ටුවේ රෝගීන් 25ක් සහ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 ක්ද, එක්ස් කිරණ අංශයේ 3ක් ඇතුළු 38දෙනෙක් වෙන්කර තැබීමට පියවර ගෙන තිබුණි. එම නේවාසික රෝගීන්ට නිවෙස් වෙතින් ආහාර රැගෙන ඒම තාවකාලිකව නැවැත්වීමටද පියවර ගෙන තිබුණි.



අදහස් (0)

බලංගොඩ රෝහලේ පිරිමි ශල්‍ය වාට්ටුව හා එක්ස් කිරණ අංශය විවෘතවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site