IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බේරේ වැව දෙපස පැල්පත් ඉවත් කිරීම නොවැම්බර් මුල සිට

(විනීතා එම් ගමගේ)

ගාලූමුවදොර සිට ඩී. ආර්. විජයවර්ධන මාවත තෙක් ඇති සියලූ පැල්පත් කඩා ඉවත් කිරීම නොවැම්බර් 7 වැනිදා ආරම්භ කරන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේය.

බේරේ වැව වටා අලංකාර ලෙස සකස් කිරීමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා මේ අනුව ඉවත් කරන සියලූ දෙනාට නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ගෙවල් ලබාදෙන බව ද කීය.

එමෙන්ම කොල්ලූපිටිය සිට දෙහිවල දක්වා වෙරළ තීරය සංවර්ධනය කරන බව ද කී ඔහු වරාය නගරයට පහළින් සංචාරක ආකර්ෂණය ඇති කෙරෙන මැරීනා නගරයක් ඉදිකෙරෙන බවත් මේ  කටයුතු සඳහා ශක්‍යතා අධ්‍යයන සිදුකරමින් සිටින බවත් කීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාධ්‍යවේදීන් සමග අද(25) පෙරවරුවේ වරාය නගරයේ කළ සංචාරයක දීය. 



අදහස් (14)

බේරේ වැව දෙපස පැල්පත් ඉවත් කිරීම නොවැම්බර් මුල සිට

ගගන Wednesday, 25 October 2017 09:12 AM

අනවසරයෙන් පන්සල විසින් ඉදිකළ වැව අයිනේ තියෙන විශාල මෙලෝ රහක් නැති බිල්ඩිමත් ඉවත් කලොත් හොඳයි, වාස්තු විද්‍යාත්මකව මෙවැනි වැදගත්කමක් ඇති මෙම වැව අයිනේ ඉදිකරන්න සුදුසු බිල්ඩිමක්ද මේ? වෙන රටක නම් මෙවැනි ස්ථානයක කුමන නිර්මාණයක් කරයිද?

:       940       1061

janatha anuira Wednesday, 25 October 2017 10:09 AM

පස් දෙනෙක් ඉන්නවා ඔබතුමාගේ සහයට. පිටකොටුව පැත්තේ පදිකවේදිකා කඩ එහෙම කොච්චර ලස්සනට නිම කරලා තියෙනවද ? ඒවා ගැනත් ලියන්න පන්සලේ වැඩ එහෙම වගේම පල්ලියේ වැඩත් එහෙම නොවැ.

:       518       61

PerakumWednesday, 25 October 2017 10:34 AM

මේ නම් ඉතාමත් කාලෝචිත යෝජනාවක්. අවශ්‍ය නම් ඊට උචිත අන්දමේ ගොඩනැගිල්ලක් සාදා දෙනවට අපේ කිසිම විරුද්ධත්වයක් නෑ.

:       14       78

Ruwan Wednesday, 25 October 2017 09:18 AM

ඔබගේ සැලැස්ම අනුවම මෙය කරන්න. ඡන්ද ගැන බල බලා රටේ අනාගතය තීරණය කරන එක අප අපේක්ෂා නොකරමු. එම නිසා මරිනා නගර සැලැස්ම සහ බෙරේ වැව වටා සිටින පිරිස් ඉවත් කිරීමට සැලසුම ක්‍රියාත්මක කරන්න.

:       1       62

Perakum Wednesday, 25 October 2017 09:28 AM

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හදන්නේ ලංකාවත් සිංගප්පුරුවක් කරන්න වගෙයි...!

:       1       78

rama Wednesday, 25 October 2017 09:33 AM

අනේ දැනටම හදලා ඉවරයිනේ සෙල්ලම් ගෙවල් වගේ... ෂෝක් අනේ ඔයා...

:       37       66

Raveendra Wednesday, 25 October 2017 10:34 AM

මේක හොඳ වැඩක්. "ඔහේ සත් ක්‍රියාවෙන් අවංකව කරනවා යන්න" අප සිතන අතර මෙය ඡන්දය බලාගෙන කරන්නේ නම් එහි ප්‍රතිඵල හොඳින් දැකගත හැකිවනු නියතය. කෙසේවෙතත් ලොකු මන්දිර වැනි ගෙවල් වල සිදුවෙන නොයෙකුත් නරකාදි වැඩ මෙම පැල්පත් අශ්‍රිතව ද කිසිඳු අඩුවකින් තොරව සිදුවන බව ප්‍රසිද්ධ රහසකි.

:       0       168

jayampathi Wednesday, 25 October 2017 10:43 AM

සැලැස්ම හොඳයි... නමුත් මේ දවස්වලට ඒ පැත්තේ ගමනක් බිමනක් යන අය පාරවල් අවහිරකරන්න උද්ඝෝෂණ බලාපොරොත්තුවෙන් එන්න.

:       0       60

saman Wednesday, 25 October 2017 12:56 PM

අර දියවන්නාවේ මැද හදල තියන එක අවසර ඇතුව උනත් කිසිම කිසිම වැඩකට නැහැ. අපේ සල්ලි නාස්ති කලා මදිවට තවත් නාස්ති වෙනවා. අන්න ඒක ගැනත් හිතල බැලුවනම්.

:       0       83

wasantha Wednesday, 25 October 2017 03:16 PM

ඔබතුමා කියන දේ කරන ඇමතිවරයෙක් නිසා අපට යම් කිසි බලාපොරොත්තුවක් තියෙනවා. මුඩුක්කු වෙනුවට හොඳ නිවාස පද්ධතියක් ඉදි කරමු. කොළඹ සිට කෝට්ටේ දක්වා විදුලි බලයෙන් දුවන බස් රථ සේවයක් අරඹන්න. කැළණි ගඟ දෙපස සුද්දකොට උද්‍යාන සහ හෝටල් ඇතුළු වෙනත් පහසු කම් ඇති කරන්න. වෙනසකට මුල පුරමු.

:       27       34

sathyayaa Wednesday, 25 October 2017 03:36 PM

පැල්පත් වල ඉන්න මිනිසුන්ගේ සිහිනය උදේට (බාගෙට) කෑවට පස්සේ දවල්ට කන්නේ කොහොමද කියන එක.

:       0       22

minipe Wednesday, 25 October 2017 06:23 PM

මේ පැල්පත් අටවාගෙන ජිවත් වෙන්නේ අනවසරෙන් හා රටේ නීතියට පටහැනිව නම් උචිත ක්‍රියා මාර්ගයක් ගැනීම රජයේ කාරියකි. මේ පැල්පත් අද වෙනකම් තිබුනේ දේශපාලකයන් වරදිනි. චන්දය ලබාගන්නට කෑදර කමිනි.

:       0       33

sathyayaa Wednesday, 25 October 2017 08:34 PM

කටින් හිටවන බතල පොළවේ හිටවපු බතල වලට වඩා හොඳින් අල බහිනවා. හිටෙව්වේ කටින් උනාට (දුප්පතාගේ) වැලත් මැරෙනවා. (පොහොසතාගේ) අලත් බහිනවා. මේ ජවනිකා එක සංදර්ශනයකින් කෙළවර වන්නේ නැහැ.

:       3       0

de silva Thursday, 26 October 2017 06:11 AM

ඔය පැල්පත් වාසීන්ට නිවාස දුන්නට, ටික කලක් යනකොට ඔවුන් අායෙත් ඇවිත් මෙහේ පදිංචි වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site