IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


බීර මිල වැඩිකළ යුතු බව ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණ කියයි

(ඩයනා උදයංගනී)
 
මෙවර අයවැයෙන් බියර් මිල අඩුකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ දැඩි අප‍්‍රසාදය පළ කරන බව එහි සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි. 
 
ඒ මහතා මේ බව පැවසුවේ අද (14) ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණු පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
ශ්‍රී ලංකාව වැනි මත්පැන් පානය අඩු රටක මෙවැනි සහන දීම මත්පැන් පානයට ජනතාව දිරිගැන්වීමක් බව ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.ඉදිරියේදී මෙම යෝජනාව සංශෝධනය විය යුතු බව ද සඳහන් කළේය.



අදහස් (16)

බීර මිල වැඩිකළ යුතු බව ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණ කියයි

dilan Tuesday, 14 November 2017 12:47 PM

ඕගොල්ලන්ට දැන් තියන එකම ප්‍රශ්නය මේකද බීර මිල අඩු කර නැත....අඩු කර ඇත මේ රජය බලයට පැමිණි පසු වැඩි කරන ලද අධික මිලෙන් සොච්චමක්.....

:       0       32

rocky Tuesday, 14 November 2017 12:47 PM

බීර සහ අරක්කු මිල වැඩි කිරීමෙන් ලැබෙන ලාභයෙන් ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කෙරීම සුදුසුය.

:       0       64

palitha Tuesday, 14 November 2017 12:52 PM

එයාලා විතරක් නොව අපිද කියන්නේ එම කරුණම තමයි.

:       179       36

kalpa Tuesday, 14 November 2017 01:01 PM

පැණි බීම වලට බද්දක් පනවලා බියර් මිල අඩු කළා. මත්පැන් බීමට පුරුදු කරන්න වගේ නේද?

:       0       0

ධම්ම Tuesday, 14 November 2017 01:43 PM

'ශ්‍රී ලංකාව වැනි මත්පැන් පානය අඩු රටක'.. කොහේ තියෙන ශ්‍රී ලංකාවක් ගැනද මේ කියන්නේ..

:       0       165

Bamunuarachchi Tuesday, 14 November 2017 02:03 PM

කොහෙද මේක මත්පැන් පානය අඩු රටක් වෙන්නේ. බලන්න මත්පැන් වලින් එන ආදායම කොපමණද කියලා.

:       0       11

upali Tuesday, 14 November 2017 02:40 PM

මෙච්චරකල් බියර් වැඩි කරලනේ තිබුනේ, ඉතින් මත්පැන් පානය අඩු වුනාද? ඔබලා කොළඹ පළාතට වෙලා පයට දුවිල්ලක් පැගෙන්නේ නැතිව ඉන්න නිසා දුප්පතාගේ දුක තේරෙන්නේ නැහැ. මත් පැන් ගණන් වැඩි නිසා මිනිස්සු කසිප්පු වලට පුරුදු වෙලා ඉන්නේ.. ඒකෙන් මිනිස්සු ලෙඩ වෙනවා. ඒවාට වියදම් කරන්න ඕන,මහජනයා ගැන ඔච්චරම ආදරයක් තියෙනවානම් නිකරුනේ ඔබලාගේ සුඛවිහරණය සඳහා විනාස කරන මුදල් කන්දරාව මහජනයාගේ යහපත සදහා යොදවා ක්‍රියාවෙන් ආදර්ශමත් වෙන්න. එතකොට අපි බොහොම කැමැත්තෙන් ඔබලා කියන දෙය පිළිගන්නම්...

:       21       252

maheeTuesday, 14 November 2017 08:06 PM

ඔබ කියන්නේ සහතික ඇත්ත. අපිත් දන්නවා කියන්න ඕන හින්ද මේ මිනිස්සු ලකුණු දාගන්න හිතා ගෙන කිසිම පදනමක් නැතුව මොනවා හරි දොඩවනවා, තමන් හරහට යන ගමන්. එතනෝල් කාරයන්ට විරුද්ධව කට අරින්නේ නෑ, සුරා බද්ද ගෙවන්නේ නැතුව කට්ටි පනින ඉස්කාගාර හිමි ඇමතියන්ට විරුද්ධව කටක් අරින්නේ නෑ, හැබැයි මං සුදනා කියන්න දඟලනවා.

:       0       108

Dasa Tuesday, 14 November 2017 03:02 PM

බැරි වෙලාවත් ඕක වැඩි කරලා තිබුනානම් මේ ගොල්ල කියාවි අඩු කරන්න කියල

:       0       102

ANANDA Tuesday, 14 November 2017 03:22 PM

ලකුණු දා ගන්න කියන කථා.

:       14       228

රොෂාන් Tuesday, 14 November 2017 07:16 PM

මෝඩකම එයා ළඟ තිබුනට අපිට ප්‍රශ්නයක් නැහැ, නමුත් ඒක රටට ප්‍රදර්ශනය කරන එක තමයි ප්‍රශ්නේ. ඔය කතා හොඳයි කොන්දේ බැඳපු චීන්නුන්ට.

:       0       0

රජිත් Tuesday, 14 November 2017 08:43 PM

"ශ්‍රි ලංකාව වැනි මපැන් පානය අඩු රටක " සභාවේ තදින් සිනා

:       0       0

prakaash Wednesday, 15 November 2017 12:25 AM

මුන් වගේ පින් පඩි කන,හොරකම් කරන නිවට පින්ගුත්තරයින් රැලක් නඩත්තු කරන්න අන් අයව සුරාමතින් තබා මුන් හොරකම් කරන්න,මේවා විහිළු. මිනිසුන්ගේ දේවල් හුරගෙන කන ජඩ පාලකයෝ.බොරුවට මාධ්‍යට විකාර දොඩවනවා ප්‍රතිපත්තියක් ඇතිව වැඩ කරපල්ලා.යු එන් පී නඩේත් එක්ක ඉඳගෙන විහිළු සපයනවා.

:       0       0

rocky Wednesday, 15 November 2017 01:06 AM

මේ ගොල්ල බොන්නේ බීර නොවෙයි,, විස්කි!

:       0       88

නන්දිකඩාල් Wednesday, 15 November 2017 02:41 AM

මුන් සේරම බත් බැලයෝ.

:       0       118

bandara Kuwait Wednesday, 15 November 2017 03:11 AM

මේක නින්දෙන් ඇහැරලාද මේ කියන්නේ ආසියාවේ වැඩිම සර මත්පැන් බොන්නේ මේ පුංචි ශ්‍රී ලංකාවේ බව මේ 2.50 මන්ත්‍රී දන්නේ නැහැ වගේ ලොව හැම රටකම සැරමත්පන්වලට සාපෙක්සව බියර් 10,15% වගේ මිලක්වෙන්නේ

:       0       147

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 687 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 865 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 370 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site