IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බොරු කියමින් හිඟා කෑ කණ්ඩායමකට වැඩ වරදී

(විනීතා එම් ගමගේ)

විදේශ ගතවී සිටින තම බිරිඳ කරදරයට පත්ව සිටින බැවින්  ඇය මෙරටට ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලක්ෂ හතරක් ගෙවීමට ඇති බව කියමින් බස්වලට නැග මුදල් එකතු කරමින් සිටි සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

කොළඹ සිට බලංගොඩ දක්වා දිවෙන මගී ප‍්‍රවාහන බස්රථය තුළ ඉකුත් 13 වැනි දා හංවැල්ල ප‍්‍රදේශයේදී පුද්ගලයකු මගීන්ගෙන් මුදල් එකතු කර ඇති අතර එම අවස්ථාවේ කි‍්‍රයාත්මක වූ එම කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් එම බස් රථය නවතා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඔහුගේ බිරිඳ විදේශ ගත වී නොමැති බවත් මෙලෙස ව්‍යාජ තොරතුරු සපයමින් වසර ගණනාවක සිට යාචකයෙකු ලෙස සිඟමනේ යෙදෙන බවත් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.

ඔහු දිනකට රුපියල් 4000ක් පමණ එකතු කර ගන්නා බවත් එම මුදල් මත්ද්‍රව්‍ය භාවිතයට යොදා ගන්නා බවත් අනාවරණය වීයැයි එම කාර්යංශය කියයි.  

මෙලෙස විදේශ ගතවී සිටින කාන්තාවන් ගෙන්වා ගැනීමට මුදල් අවශ්‍ය බව පවසමින් මොහු යටතේ තවත් කණඩායමක් සිඟමනේ යෙදෙන බවත් අනාවරණය වී තිබේ.
 
මෙවන් පුද්ගලයින්ට නොරැවටෙන ලෙසත් යම්කිසි පුද්ගලයකු රැකියාවකට විදේශ ගත වී යම් කරදරයකට මුහුණ දී ඇත්නම් එම පුද්ගලයා ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සලසන බවත් විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.

මෙවන් පුද්ගලයින් ගැන එම විශේෂ විමර්ශන ඒකකය දැනුම්වත් කරන ලෙසත් අමාත්‍යතුමිය ඉල්ලයි.



අදහස් (1)

බොරු කියමින් හිඟා කෑ කණ්ඩායමකට වැඩ වරදී

minipe Thursday, 15 June 2017 04:07 PM

හේතුව කුමක් වුවද,යම්කිසි ජන පිරිසක් පිනට යම් දෙයක් තව කෙනෙකුට දෙනවා නම් අපට මොකෝ.මම නම් කියක් හරි පිනට දෙන්නේ හේතුව සොයල බලලා නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site