(නිශාන්ත කුමාර)
කන්දකැටිය මුඩගමුව ගම්මානයේ දී අඹුසැමියන් අතර ඇතිවූ බව කියන ගැටුමකදී දර පොලු පහරකට ලක්ව මිය ගිය සිඟිත්තාගේ මරණය සම්බන්ධයෙන් සැකකාර පියා ජූනි 6 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කිරිමට බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය.
ඉකුත් 12 දා පෙරවරුවේ සිදුවූ මෙම සිද්ධීයෙන් මිය ගියේ කන්දකැටිය වැවතැන්න උඩගම ගම්මානයේ ආර් ඩී සචින්ත සදරුවන් සම්පත් නම්වූ මාස පහක් වයසැති දරු සිගිත්තෙකි.
සිගිත්තාගේ මරණයෙන් පසුව අතුරුදන්ව සිටි සැකකරු පසුගිය 15 වැනි දා ඔහුගේම නිවසේ සැඟවී සිටියදී කන්දකැටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් ඔහුව අත් අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසුව රිමාන්ඩ් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට ඉවසීම නැති වුනාම තැන නොතැන මොකක්ද කියල තේරෙන්නේ නැහැ ඕනෑම මෝඩ දෙයක් කරනවා. මේ මරණය හිතාමතා කල එකක් නොවන නිසා සුළු දඬුවමක් තමයි ලැබෙන්නේ. නමුත් ඔහුට ජීවිත කාලය පුරාම මානසික වේදනාව විඳීමට සිදුවෙනවා.