(තිළිණි ද සිල්වා)
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබූ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු හා පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාල කටයුතු පිළිබඳ අමාත්‍ය ආලෝක් ෂර්මා මහතා එම සංචාරය අත්හිටවූ බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ මහත්මිය විසින් බ්‍රිතාන්‍ය තුළ හදිසි මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟ අමාත්‍ය අලෝක් ෂර්මා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අත්හිටවූ බව ද එම මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.
මෙරට තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය විදේශ කටයුතු හා පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාල කටයුතු පිළිබඳ අමාත්‍යවරයා බ්‍රහස්පතින්දා(20) දිවයිනට පැමිණීමට නියමිතව තිබිණි. ලබන සෙනසුරාදා (22) තෙක් මෙරට රැඳී සිටීමට නියමිතව තිබූ හෙතෙම එම කාලය තුළ රජයේ නියෝජිතයින් පිරිසක් හමුවීමට යොදාගෙන තිබුණි.
තවද හෙතෙමෙ කොළඹ හෝර්ටන් පෙදෙසේ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා ආයතනය විසින් සංවිධානය කර තිබූ බ්‍රිතාන්‍ය බ්‍රික්සිට් ගිවිසුමෙන් ඇති වූ අවස්ථා සහ අභියෝග මැයෙන් දේශනයක් පැවැත්වීමට සූදානමින් සිටියේය.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බ්‍රිතාන්‍ය විදේශ ඇමති ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවයි
saman Wednesday, 19 April 2017 12:06 PM
කොළඹ කුණු ගොඩ ගැහිලා ගඳ හින්දලු එන්නේ නැත්තේ...