(හර්ෂණ තුෂාර සිල්වා)
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැයෙන් බියර් මිල අඩු කිරීමට යෝජනා කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය නොසලකා හැරීමක් යැයි ජාතික සංඝ සභාව අද (13) අවධාරණය කළේය.
ආර්ථික ප්‍රතිපත්ති හා අයවැය සකස් කිරීමේදි රටේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති හා ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තැකීමක් කරන්නේ නැතිදැයි ද ජාතික සංඝ සභාව විමසා සිටියේය.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති හෑල්ලුවට ලක් කරන මංගල සමරවීර මහතා තවදුරටත් මුදල් අමාත්‍යධුරයේ තබා ගැනීම සුදුසු ද යන්න විමසා බලන්නැයි ජනාධිපතිවරයාට යෝජනා කරන බව ද ජාතික සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලා කීහ.
ආණ්ඩුවලට දුරාචාරයට සහාය නොදීමේ ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු බව ද ජාතික සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලා පෙන්වා දුන්හ.
රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර ජයශේඛරාරාමයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ජාතික සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලා එම කරුණු කීහ.
COMMENTS
මත් කුඩු ප්‍රශ්නයක් නොවිච්ච බියර් ප්‍රශ්නයක් වෙච්ච සංඝ සභාවක් ....
ජනාධිපතිතුමා දුන් පොරොන්දුවක් තමයි මතට තිත සංකල්පය. අවුරුදු 3ක් කිට්ටුවෙන කොට තිතට මත වෙලා.
මිනී මෑරුම්, හොරකම්, කුඩු, කසිප්පු නෝ ප්‍රොබ්ලම්.... බියර් අඩු කිරීම බුදු අම්මෝ, බිග් ප්‍රොබ්ලම්... අදම යමු උපවාස, වර්ජන, තර්ජන, උද්ඝෝෂණ කරන්න.
හාමුදුරුවරුනේ මොන කතාවක්ද ඔය කියන්නේ? බීර මිල අඩු කිරීම කොහොමද දුරාචාරයට මුල වෙන්නේ. ඉස්කාගාර මත්පැන්වල මිල වැඩිකලාම මිනිස්සු කසිප්පු බොනවා එතකොට එක දුරාචාරය නොවෙයිද? ඒ දුරාචාරයට මුල මොකක්ද ඉස්කාගාර මත්පැන්වල මිල වැඩිකිරීම නේද? ඊළඟට බියර් වල මිල අඩු කලාට කෑ ගහනවා මඩකලපුවේ අලුතින් ස්කාගාරයක් අරිනවා එ්කට කතා නැහැ. එ්ක දුරාචාරය නොවෙයිද? මොනවාද හාමුදුරුවනේ මේ හතර බීරි කතා.
අනේ හාමුදුවරුනේ, රටේ මැතිඇමැතිවරුන්ට ඔවුන්ගේ භාර්යාවන්ට අයිති අරක්කු තැබෑරුම් බාර් කොච්චර තියෙනවද? දේශපාලකයන් අතරේ කුඩු මුදලාලිලා කී දෙනෙක් ඉන්නවද? කී දෙනෙකුට ඉස්කාගාර තියෙනවද? ඒවාට එරෙහිව කතා කරන්න මොකෝ බැරි? මේ නිසා මුළු සාසනේම බෞද්ධයින්ට එපාවෙන දවසකුත් ලඟා වෙන්න පුළුවනි.
බියර් කිව්වත්, කසිප්පු කිව්වත් ඔක්කොම ඇල්කොහොල්.. අපේ ගෑණු පිටරට වහල්කම් කරනවා. මිනිස්සු බීලා මැරෙනවා. පුදුමයි..
ජාතිය ගොඩ නගන්නේ කොහොමද බොන්නේ නැතුව ...?
බයිලා ගහන්නේ නැතුව මේ රටේ හොර දේශපාලකයන්ව එලවන්න කෑ ගහන්න......අර වන විනාශය ගැන කෑ ගහන්න, රටේ ඉන්න පාතාලේ නවත්වන්න කෑ ගහන්න.
අනේ රටකට ගිය කලක්
හාමුදුරුවො සියලුම මත් ද්‍රව්‍ය වලට විරුද්ධව කතා කරනව දැකල නැති උන්, බාර් ලයිශන් වලට විරුද්ධව ගමේ මිනිස්සු එකතු කරගෙන උද්ඝෝශන කරපුව, අමධ්‍යප සංවිධාන හදාගෙන කතා කරපුව මුන් නොදන්නේ මේ රටේ ඉන්න පිරිසක් වෙන්න බෑ.
මහ සංඝයා බල බලා ඉන්නේ ආණ්ඩුවට ගහන්න. වැඩක් කරන්නෙත් නැහැ.කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ.මෙහෙම ගියොත් බෞද්ධයාට බුදු දහමත් එපාවේවි.තුට්ටු දෙකේ කතා නැතුව පහුගිය ජනපතිගේ හොර කල්ලියේ ක්‍රියාකාරකම් ගැන දේශනා කරන්නේනම් මැනවි.
සිංගප්පූරුව, මලයාසියාව ,තායිලන්තය වැනි රටවල පොඩි කඩයකින් උනත් සැර බීම ගන්න පුළුවන් . හැබයි ලංකාවේ වගේ බේබද්දෝ නෑ. ප්‍රංශයේ පාරදී උනත් කොල්ලයි කෙල්ලයි ඉඹ ගන්නවා . හැබයි ලංකාවේ වගේ පිරිමින්ට අසහනයක් නැ. ගණිකාවොත් නැ . එතොකොට ප්‍රශ්නය මොකද්ද ?
සඟ සභාව බියර් නොවෙය්නේ වැඩිපුර පාවිච්චි කරන්නේ, ඉහල මට්ටමේ සැර ජාතිනේ.
ප්‍රභා, ඔය කියන ගණන් හිලවු කොහෙන්ද අහුලා ගත්තේ. නොදන්නා දේවල් ගැන බොරු කියන්න එපා!