කාබුල්හිදීය (රොයිටර්)
කාබුල් ගුවන් තොටුපොළට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දිවි බේරාගැනීමට ඇෆ්ඝනිස්තානයේ උප ජනාධිපති අබ්දුල් රෂීඩ් දොස්තම් සමත්විය.
දේශපාලන ප්‍රතිවාදීන්ට වදහිංසා හා පීඩා කළ බවට එල්ල වූ චෝදනා නිසා ඔහු රටින් නෙරපා සිටි අතර වසරකට ආසන්න කාලයක් තුර්කියේ රැඳි සිටියේය. නැවත ඇෆ්ඝනිස්තානයට පැමිණි අවස්ථාවේදී ඔහු ඉලක්ක කරගනිමින් අද (22) මෙලෙස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
අබ්දුල් රෂීඩ් ගුවන් තොටුපොළෙන් පිටවී මිනිත්තු කිහිපයකින් පිපිරීම සිදුව ඇත. ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් යැයි ද වාර්තා වේ.
දහයකට ආසන්න පිරිසක් තුවාල ලබා හෝ මියගොස් ඇතැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක නජීබ් දනිෂ් පැවැසීය.
ගුවන් තොටුපොළේ ප්‍රධාන පිවිසුම අසලදී පිපිරුම සිදුව ඇති අතර එම ස්ථානයේ උප ජනාධිපතිවරයාට සුබ පැතීමට ඔහුගේ ආධාරකරුවන් එහි පැමිණි සිටි බව ද කාබුල් පොලිසිය සඳහන් කළේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd