IMG-LOGO

2025 ජනවාරි මස 24 වන සිකුරාදා


‘බෝම්බ දාන්නේ නැතිනම් පාර්ලිමේන්තුව ගිලෙන්ඩ ඕනෑ‘ - විමල්

චන්දන ප්‍රනාන්දු
 
ජනතාවගේ සල්ලි නාස්ති කරන පාර්ලිමේන්තුවට කවුරු හරි උඩින් ඇවිත් බෝම්බ දමන්නේ නැතිනම් භූමි කම්පාවක් ඇවිත් ගිලිලා යා යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
 
ඔහු මේ බව පැවසුවේ පුත්තලමේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.
 
‘මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබුණේ නෑ. එහෙම බහුතරයක් නොලැබුණු ආණ්ඩුවක පාර්ලිමේන්තුවට කැමති කැමති දේවල් කරන්න ජනතාව බලයක් දුන්නේ නෑ. ඒත් අද වෙද්දි මේ රට විනාශය කරා ගෙන යන්නට ඒ පාර්ලිමේන්තුවම වංචනික ලෙස යොදා ගැනිම වැලැක්වීමට හැකි හැමදෙයක්ම අපි කරනවා.  අපි ඒකයි කීවේ රටට බලපාන අහිතකර ව්‍යවස්ථාවක් ගෙනත් තිබෙන වෙලාවක ඒකට එරෙහිව කිසිම දෙයක් කරන්න බැරිනම් ඒක වලක්වන්න බැරිනම් මේ පාර්ලිමේන්තුව දත් නැති කටක් වගේ කියලා.  දත්නැති කටට අපි කියන්නේ ලොම්බ කටවල්. 
 
 මේ කටෙන් ප්‍රයෝජනයක් ගන්න නම් එක්කෝ මේ කටට අලුත් දත් සෙට් එකක් දාන්න ඔනෑ.  එහෙම නැත්නම් කිසිම වැඩක් ගන්න බැරිනම් ලොම්බ කටක් ලෙසම තියා ගන්න ඔනෑ.  ඒත් ඉතින් කෝටි ගණන් ජනතා මුදල් ගිලදාමින් වැටුප් දීමනා ගන්න පාර්ලිමේන්තුවේ ජනතාවට වගකියන ජනතා නියෝජිතයන් මේ අහිතකර අවස්ථාවේ එයට එරෙහිව වැඩ කරන්නේ නැත්නම් රටට බලපාන අහිතකර නීති එද්දි ඒක වලක්වන්න සම්මත කරන්න බැරිනම්  මිනිස්සු ජන්දේ දීලා පාර්ලිමේන්තු එවුවේ මොන කෙන්ගෙඩියක්  කරන්නද?  එහම දෙයක්වත් කරන්න බැරි පාර්ලිමේන්තුවක් ඇයි හත්වලාමේ තියාගෙන සල්ලි නාස්තිකරන්නේ? මේකට එක්කෝ කවුරු හරි උඩින් ඇවිත් බෝම්බ දාන්න ඕනෑ.  එහෙම නැත්නම් භූමි කම්පාවක් ඇවිත් ගිලිලා යන්න ඕනෑ.‘



අදහස් (30)

‘බෝම්බ දාන්නේ නැතිනම් පාර්ලිමේන්තුව ගිලෙන්ඩ ඕනෑ‘ - විමල්

Asanka Sunday, 29 October 2017 09:48 AM

මෙයාට මක් වෙලාද? මහජන ඡන්දෙන් සහ පිනට පාර්ලිමේන්තු ගියේ මේ වගේ මිනීමරු කතා කියන්නද?

:       672       691

aseSunday, 29 October 2017 10:56 AM

ඔය අය මොනවා කරන්නද? ගනන් ගන්න එපා

:       4       7

bamunu Sunday, 29 October 2017 01:36 PM

එයාට කරන්න පුළුවන් දේ තමයි මේ ආණ්ඩුව තුල කෙරෙන දේ පෙන්නා දීම. එයා කීව්ව කරුණු සත්‍ය නම් ඔබට පිළිගත හැකිනම් ලයික් එකක් දාන්න. නැතුව එයාගේ පැටිකිරිය සොයලා වැඩක් නැත.

:       28       150

bamunu Sunday, 29 October 2017 01:30 PM

ඔයා පාර්ලිමේන්තුව ගැන අප්‍රසාදය පළකරනවා. මමත් කියනවා රටබේරා ගත් නායකයා නැති අවස්ථාවක රට දෙමළුන්ට දෙන්න සුදානම් වූ අය පාර්ලිමේන්තුවේ ඉන්නවිට පාර්ලිමේන්තුවට හෙන 14 ක්ම ගහන්න ඕනෑ කියලා.

:       31       395

Sathyayaa Sunday, 29 October 2017 11:18 PM

බමුණු! ඔයාගේ හෙන 14 මදි රට කාපු මහා මිනිහයි එයාගේ කට වාචාල අඬ හැරයයි නිහඬ කරන්න. ඒ දෙන්නටම ඔයා දියවන්නාවට එන්නමයි කියල අවධාරණයෙන් කිව්වොත් මා ගානේ තවත් 14ක් යම රජ්ජුරුවන්ට කියල ලබා දෙන්නම්.

:       2       1

kamal Sunday, 29 October 2017 09:54 AM

මේ පුද්ගලයා ඉස්සර අැඳුම් මහන්නෙක්.. අද කෝටිපති දේශපලනයෙක්.. කොහොමද මේක වුණේ? ඇයි අපි ලාංකිකයෝ මේවා බලන් ඉන්නේ? මේවාට විරුද්ධව පාරට බැහැපල්ලා ඔක්කොම හොරු... රටට ආදරේ මිනිස්සු පාර්ලිමේන්තුවට කැමැති නැහැ.. ඇයි හාමුදුරුවනේ මේක පේන්නේ නැද්ද?

:       654       1010

bamunu Sunday, 29 October 2017 02:00 PM

කෝටිපති දේශපාලකයෝ නොවන්නේ ඊයේ පෙරේදා පාර්ලිමේන්තු ආ අය පමණයි. මෙයා ගැන විතරද ඔබට පෙනෙන්නේ? මට නම් මෙයාගේ පුද්ගලික ජීවිතෙන් වැඩක් නැත. මෙයා කියන්නේ මොනවද කියන එකයි වැදගත්. මෙයා විතරක් නොවෙයි අලුත් මුදල් ඇමතිත් ඇඳුම් මහන්නෙක්. තම දේපළ නැති කරගෙන රටට සේවයක් කල නායකයෝ සිටියේ 1956 සිට 1970 දක්වා කාලයේ....

:       101       125

NuwanSunday, 29 October 2017 03:02 PM

විමල්ගෙන් ගෙයක් ලැබුන කෙනෙක් වගේ මෙයා ....

:       97       152

erdi Sunday, 29 October 2017 10:01 AM

අනිවාර්යෙන්ම ඒක ගිලෙද්දී ඔබත් එක්කම ගිලෙනවා නම් තමා මගේ ප්‍රාර්ථනාව. මොකද ජනතාවට සේවය කරන්න එද්දී බයිසිකලයක්වත් නොතිබුණු මිනිහා දැන් ඉන්න තත්වය බෝම්බ නැතිනම් ස්වභාවික විපතකදී හරි විනාශ වීම..

:       515       652

asa Sunday, 29 October 2017 10:06 AM

අපි මේ අයට බහුතර බලය දුන්නැති ඒක අැත්ත‍. ඒත් එතකොට විමලා කියන්නේ අපි විමල්ලගේ අාණ්ඩුවට 2/3 දුන්නා කියලද? ඒ අාණ්ඩුවත් ඔය පාර්ලිමන්ට් එක අැතුලේ හැම සෙල්ලමක්ම දැම්මේ කප්පම් වලට පගාවට ඔලුගෙඩි මාරු කරලා. අන්න ඒ වගේ අයගේ කටවල් වලට මුලින්ම බෝම්බ දාන්න ඕනෑ.

:       159       240

Vincent Sunday, 29 October 2017 10:20 AM

ජනතාවගෙන් නිතරම ඇසෙන්නේ මෙතුමා අටවෙනි පන්තිය පාස් දේශපාලකයෙක් වශයෙනි. මේවගේ ප්‍රකාශ කිරීමෙන් නැවත එය ජනතාව දෙකෙන් බෙදන්නට ඉඩ ඇත. පාර්ලිමේන්තුවේ පිහිටෙන් මාලිගා මවා ගත්ත කව්රුත් ඉන්න වෙලාවකම ඔය ගිලා බසින ප්‍රාර්ථනාව ඉටු වන්නේ නම් සතුටුවෙන අය බොහෝ ඇත.

:       84       105

Deepal Sunday, 29 October 2017 10:24 AM

ඔයා ඇතුලේ ඉන්න වෙලාවක ආවට කමක් නැද්ද?

:       110       131

ජයරත්න Sunday, 29 October 2017 10:25 AM

නව ව්‍යවස්ථාව ගැන තීරණයක් ගන්නේ මහජනතාව ජනමත විචාරණයේදී. ගේම් ගහලා ඒක කඩාකප්පල් කරන්න හදන්නේ පරදින බව දන්න හින්දයි.

:       135       142

piyalSunday, 29 October 2017 02:36 PM

ජයරත්න මහතා ජනමත විචාරණයක් ගැන නිතරම අදහස් දානවා. බලන්න කැටලෝනියාව වෙන්කර ගන්න ඉල්ලනවා ජනමතවිචාරණයක් නිසා. රටේ යුද්ධයක් යනකොට එජාපය සහ ජවිපෙ එකතුවෙලා රජය විවේචනය කරමින් ඒක ආපස්සට ගන්න හැදුවා අපිට නම් තාම මතකයි. එදා රජයට ශක්තියක් වුනේ විමල්. හොඳයි යුද්දේ දිනුවේ නැද්ද? ඔයා ඒ නිදහස භුක්ති විඳින්නේ නැහැ වගේ. මේ රට බෙදන ව්‍යවස්ථාවට එරෙහි සටනෙනුත් විමල් දිනනවා. ඒ නිදහසත් ඔබතුමා භුක්ති විඳීවි. බොහෝ දේශපාලකයෝ ලැවරිය වික්ක බයිසිකලෙන් ගිය කට්ටිය තමා. ඒක වෙනම කාරණයක්.

:       2       93

රජින්ද Sunday, 29 October 2017 10:40 AM

විමල්ගේ ඇඟිල්ල දිහා බලාගෙන ඉන්න මිනිස්සුන්ට මේ මනුස්සයා පෙන්නන දේ දිහා බලන්න වුවමනාවක් නැති එක අවාසනාවක්. මෙයා ගැන පුද්ගලික මත කොතෙක් තිබුණත් මේ ව්‍යවස්ථා සංශෝධනය මේ රට කඩන සංශෝධනයක්. එයට එරෙහිවීම මිස පුද්ගල දෝෂ වලට බැනීම අපේ ජාතියේ කරුමය බවයි වැටහෙන්නේ.

:       333       324

kapSunday, 29 October 2017 12:28 PM

ඔයා විමල් මහතාගේ නෑ කෙනෙක් නේද ? ඔයාට ගෙයක් දුන්නා නේ...

:       249       263

Lalith Sunday, 29 October 2017 10:43 AM

ඇත්ත, ඔක්කොම ඇතුලේ ඉන්න වෙලාවකම ඒක වෙන්න ඕනෑ.

:       17       64

Rohitha Sunday, 29 October 2017 10:54 AM

ඔව් ඔව් නියමයි, පාර්ලිමේන්තුව ගිලෙන කොට මෙයාට වතුර පෙවිලා අර උපවාසය අහක යයි! එතකොට තව ලෙමන් පෆ් එකක් හොරෙන්ම කා ගන්න පුළුවන්.

:       73       51

chaminda Sunday, 29 October 2017 10:57 AM

අනිවාර්යෙන්ම ඒක ගිලෙද්දී ඔබත් එක්කම ගිලෙනවා නම් තමා මගේ ප්‍රාර්ථනාව. මොකද ජනතාවට සේවය කරන්න එද්දී බයිසිකලයක්වත් නොතිබුණු කෙනා දැන් ඉන්න තත්වයට අනුව බෝම්බ නැතිනම් ස්වභාවික විපතකදී හරි විනාශ වීම..

:       109       142

justin Sunday, 29 October 2017 11:32 AM

අනේ ඉතින් ඇමතිකම් නැතුව විඳින මානසික පීඩනය සහ දුක! පව් !

:       61       87

Hafeel Sunday, 29 October 2017 02:31 PM

මේ පාර්ලිමේන්තුව ජනතාවගේ සල්ලි නාස්ති කරනවා යැයි කියලා මෙයා කියනවා. එතකොට රජයේ වාහන නීතිවිරෝධීව භාවිතා කරමින් මහජන මුදල් කෝටි 9ක් පාඩුකළැයි කියලා මෙයාට නඩුවකුත් තියෙනවා. ඕවා මෙයාට අමතක වෙලා වගේ...

:       36       74

ravindra Sunday, 29 October 2017 02:32 PM

දැන් ඔය කියන විදියට පාර්ලිමේන්තුවට බෝම්බ දාන්න හෝ නාය යන්න අවශ්‍ය වෙන්නේ විමල් ඔය ගොඩනැගිල්ලේ ඉන්න වේලාවකද? ගොඩනැගිල්ලෙන් පිට වෙන කොහේහරි ඉන්න වේලාවකද? කියලත් පැහැදිලි කරන්න.

:       19       34

rohana Sunday, 29 October 2017 03:10 PM

අසංක කියනවා වගේ මෙයා පිං මන්ත්‍රී කෙනෙක් මෙයාට පුළුවන් නම් එයාගේ පක්ෂෙන් තනියෙන් ඇවිත් ඡන්ද 1000 අරන් පෙන් වන්න කියන්න.

:       39       67

සරණ Sunday, 29 October 2017 03:31 PM

අනේ මන්දා. කොච්චර කෑගැසුවත් සාටකයේ එල්ලිලා මිසක් තනියම එනවා බොරු තමයි...

:       30       66

රාජුන් Sunday, 29 October 2017 06:36 PM

ඊරිසියා කරන්න එපා පින්වතුනි, ඊරිසියා කරන්න එපා. ඔබටත් මැර බලය තිබේ නම්, අහස පොලොව උසුලන්නේ නැති බොරු ඇද බාන්න පුලුවන්නම්, හොරුන්ගෙත් හොරු වගෙ වංචා කරන්න ,කිසි හිරිකිතක් නැතුව ඕනෑම කෙනෙක්ගේ දේ කඩා වඩා ගන්න පලුවන්නම්, ලොක්කෙකුගේ වල්ගෙ එල්ලිලා අශූචි නාමින් කිසි ගානක් නැතුව ගුන වයන්න පුලුවන්නම් ඔබටත් මේ තත්වයට පැමිනෙන්න පුලුවන් . එමනිසා පින්වතුනි උත්සාහ කරන්න, දිරි වඩන්න, ඊරිසියා කිරීමෙන් වලකින්න.

:       0       1

සුහුරුබඩුව Sunday, 29 October 2017 11:00 PM

පරම්පරාවෙ සිතුම් පැතුම් තමයි කියවෙන්නෙ

:       0       0

Rohana Sunday, 29 October 2017 11:16 PM

ගිලුනොත් ගිලෙන්නේ ඒකාබද්ද විපක්ෂයේ ඉන්න අය කරපු වැඩවලට.

:       0       1

kalpa Monday, 30 October 2017 01:24 AM

කැලේ මාරුවුනාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැතිලුනේ 1971 කාලයේ මොහු නැතිවුනත් 1988 සහ 1989 කාලයේ මොවුන්ගේ වැඩ ඔක්කොම දන්නවනේ ජම්මෙට වඩා පුරුද්ද ලොකුය කියනවා වගේ මොහුට ඒකාලේ කරපුව කරන්න හිතිලා

:       0       0

rocky Monday, 30 October 2017 01:48 AM

මේ වගේ හිස් වාචාල බස් දොඩන මිනිසුන් පහල නොවෙන රටක ලබන ආත්මයේදී වත් උපදින්නට ලැබේව!

:       0       0

අජී Monday, 30 October 2017 03:39 AM

"බෝම්බ දාන්නේ නැතිනම් පාර්ලිමේන්තුව ගිලෙන්ඩ ඕනෑ." ඔව් ඔව්... ඔයත් එක්ක

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අයිස් සමඟ දෙන්නෙක් මාට්ටු
2025 ජනවාරි මස 24 33 0

කළුතර සහ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදාහැරීම සදහා යොදාගත් යතුරු පැදි පහක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨා


ඇමති වියදම් ගැන ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්
2025 ජනවාරි මස 24 301 0

රජයේ අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ පහසුකම් සම්බන්ධයෙන් සීමා පනවමින් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා වි


පළාත් කීපයකට අදත් තද වැසි
2025 ජනවාරි මස 24 78 0

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මදුරන්කුලියේ වත්තක මුරකරුට වෙඩි තියලා
2025 ජනවාරි මස 24 242 0

මදුරන්කුලිය උනාවෙලිය හෙට්ටිවත්තට ආයුධ සන්නද්ධව කඩා වැදිනු පිරිසක් සිදුකල වෙඩි තැබිමකින් එම වතුයායේ මුරකරු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇ


ට්‍රම්පේ යෝජනාවට රුසියාවෙන් ප්‍රතිචාර
2025 ජනවාරි මස 23 4500 0

යුක්රේන යුද්ධය අවසන් කර සාම සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට කළ යෝජනාවට පළමුවරට ප්‍රතිචාර දක්වමින් සාම සාකච්ඡා


ට්‍රම්ප්, බයිඩන්ට දෙහි කපයි
2025 ජනවාරි මස 23 2037 0

ඇමෙරිකාවේ නව ජනපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවට පෙනී සිටිමින් ජනපති ට්‍රම්ප් හිටපු ජනපති ජෝ බයිඩන් විවේචනය කර ඇතැයි ව


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 13 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 519 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 637 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site