(ඉන්දිකා රාමනායක)
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා රට පුරා කි‍්‍රයාත්මක කළ මෙහෙයුමේ දී මාස දෙකකට ආසන්න තුළ අත්අඩංගුවට ගත් රියදුරන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් දඩ මුදල් වශයෙන් රුපියල් කෝටි 30 ට අධික මුදලක් රජයට උපයා දී ඇති බව රථවාහන පොලිසිය කියයි.
ඉකුත් ජුලි මස 5 වැනි සිට අගෝස්තු මස 3 වැනි දින දක්වා කි‍්‍රයාත්මක කළ මෙම මෙහෙයුමේ දී බීමත් රියදුරන් 12,199 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම මුදල් උපයාගෙන ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව බාර අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසයි.
මෙම මෙහෙයුමේ දී වැඩිම බීමත් රියදුරන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප‍්‍රදේශයේ බවත් එම පිරිස අතර 617 දෙනෙකු සිටින බව ද ඒ මහතා පවසයි.
සෙසු වැඩිම ප‍්‍රදේශ වු ගල්කිස්ස, මාතර, තංගල්ල, රත්නපුර, මහනුවර, අනුරාධපුරය, බිමත් රියදුරන් 500 ට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා පැවසීය.
මේ අතර වැඩි පිරිසක් ති‍්‍රරෝද රථ රියදුරන් හා යතුරුපැදිකරුවන් බවද පොලිසිය පවසයි. බීමත් රියදුරන් අතින් සිදුවන අනතුරු අවම කර ගැනීම සදහා මෙම මෙහෙයුම් අඛණ්ඩව තවදුරටත් කි‍්‍රයාත්මක කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සලකනවා මදිනේ ....
මං මේ කාරුණික ඉල්ලීම කරන්නේ බීමත් රියදුරන්ගෙන්. කරුණාකර බීමත්ව රිය පදවල අහුවුනාම ඒ දඩය ගෙවල දාන්න. එක එක පන්දම් මාර්ගයෙන් නඩුවෙන් බේරෙන්න හදන්න එපා. ඔබට අභිමානයෙන් යුතුව කියන්න පුළුවන් "රට ගොඩ නැගීමට ලොකුම දායකත්වය අපෙන්" කියල. කාටද නම්බු?
බීමත් රියදුරන් දිනපතා ඇල්ලීම ඉතාමත් හොඳයි. ඒ වගේම කන් බිහිරි කරන හොර්න් ගහන් යන අය අල්ලන්නේ නැද්ද? අපරික්ෂාකාරීව අධික වේගයෙන් රිය පදවන රියදුරන් අල්ලන්න . නමුත් ඉර කපන එක නෙමෙයි අල්ලන්න ඕනේ ඉර කපන්නේ පාරේ ඉඩ නැතිවුනහම...
මේ හැම දෙයකින්ම ගම්‍ය වන්නේ කුමක්ද? නුඹලා සල්ලි තියෙනවා නම් ඕනෑතරම් බීලා වාහන එලවපිය කියන එක නොවේද? එක පැත්තකින් අපේ අනාගත පරපුරටද එය හොඳ ආදර්ශයක්ද? තව පැත්තකින් බීමත්ම රියදුරු අසුනේ ඉඳගෙන වාහනය පදවන අය නිසා පාරේ නීතිගරුකව යන පුරවැසියන්ට වෙන හානිය ජීවිත විනාශය ගැන අැයි මේ ගොන්තඩියන් කතා නොකරන්නේ? ලැබුණු මුදල ගැන උඩ පැනපැන කියන එකද සුදුසු? ඇත්තෙන්ම අප ජාතියක් හැටියට කණගාටු විය යුතුයි.. මෙතරම් බේබද්දන් අපේ රටේ සිටින එක ගැන.
ඇත්තටම අපි ජාතියක් වශයෙන් ලැජ්ජා විය යුතුයි ඩෝපර් ඩ්‍රයිවර්ලාගෙන් මේ විදියට ගාන කපන එක ගැන... මොකද බීමතින් රිය ධාවනය නීති විරෝධී කටයුත්තක්... මේ මුදල් ආණ්ඩුවේ ආදායම් වලට අරගෙන දේශපාලුවන්ගේ විකාර වැඩවලට වියදම් කරනවාට වඩා බීමතින් රිය පදවන එක අඩුකිරීම සඳහා කෙරෙන වැඩවලට යොදාගන්න ඕනෑ. රිය අනතුරු වලින් කීදෙනෙක් මැරෙනවද? අනාථ වෙන්නේ දරු පවුල් විශේෂයෙන්ම ළමයින් සහ කාන්තාවන්...