IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘බැඳුම්කරය ගැන මොනවා කීවත් තමන් අවනත විය යුත්තේ තමන්ගේ හෘද සාක්කියටයි’ - කතානායක


 
 
ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ

 
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කවුරුන් මොනවා කීවත් තමන් අවනත විය යුත්තේ තමන්ගේ හෘද සාක්කියට පමණක් යැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.


පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වු අවස්ථාවේදී රැස්වීම ආරම්භයේදීම කතානායක නිවේදන යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා එසේ පැවසීය.


කතානායකවරයා මෙසේ කීය.


බැඳුම්කර වාර්තා අරමුණු  කරගනිමින් පාර්ලිමේන්තුව තුළත් පිටස්තරවත් ප්‍රකාශ වනු ඇතැම් කරුණු හා වාර්තා ගැන කතානායකවරයා වශයෙන් පැහැදිලි කිරිමක් වහා කළ යුතු බව මාගේ හැඟීමයි.


අසත්‍ය,ගොතන ලද සමහර විට ද්වේශ සහගතව ප්‍රකාශ වුණු හා ප්‍රකාශ වෙන විවිධ අදහස් නිසා සියලුම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ටත්,පාර්ලිමේන්තුවටත්, පොදුවේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයටත් විශාල කැලලක් ඇතිවී තිබෙන බව සඳහන් කරන්නේ බලවත් සංවේගයෙනි.


කවුරුන් හෝ ගොතන ලද අල්ලස් ගත් මන්ත්‍රීන් 118 වෙනුවට එය 166 දක්වා වැඩිකර ඉන් නොනැවතී සිවිල් සමාජයේ පිළිගත් චරිත කීපයකටද අසාධාරණ ලෙස පරිභව කරමින් සීමාවක්  නොමැතිව කෙරෙන මෙම පදනම් විරහිත චෝදනා නවතන ලෙස පිළිගත් මාධ්‍යයද ඇතුළුව සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.


බැඳුම්කර වාර්තාවලට ඇතළත් විය යුතු සියලු අදාළ ලිපි ලේඛන සියල්ල මා වෙත කඩිනමින් ලබා දෙන ලෙස ජනාධීපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති අතර ඔහු දිවයිනට පැමිණි විගසම නිතිපතිවරයාගේ හා පොලිස්පතිගේ සහයෝගයෙන් අදාළ සියලු ලියකියවිලි පාර්ලිමේන්තුවට ලැබෙනු ඇත.


මුදල් ලබාගත් මන්ත්‍රීවරුන්ගේ හෝ වෙනත් අයගේ කිසිම ලැයිස්තුවක් නොපවතින බවට ඊඨ වගකිව යුතු සියලු අංශ විසින් මා දැනුවත් කර ඇත. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් 25 දෙනෙකුගෙන් ප්‍රශ්න කළ බවට පැතිරුණ ආරංචියද සම්පුර්ණයෙන් ම අසත්‍ය ප්‍රවෘත්තියක් බවට පොලිසිය මා වෙත දන්වා ඇත.
 



අදහස් (14)

‘බැඳුම්කරය ගැන මොනවා කීවත් තමන් අවනත විය යුත්තේ තමන්ගේ හෘද සාක්කියටයි’ - කතානායක

Bamunuarachchi Thursday, 07 June 2018 06:38 AM

හෘද සාක්කියට අවනත වෙන්න හදවතක් තිබෙන්න ඕනනේ. අනික ඔබලා කවදාද හෘද සාක්කියට අවනත උනේ. ඔබලා හෘද සාක්කියට අවනත උනත් නැතත් අපිට කමක් නැත. බැංකු කොල්ලය නිසා වැටුන අගාදයෙන් මිදීමක් අපි සොයන්නේ. හෙට අනිද්දා වෙනකොට ඩොලර රු 160 වෙනවා 2020 වෙනවිට ඩොලරය රු 200 වෙනවා. එතකොට ණය බර තවත් වැඩිවෙනවා. එතකොට ඔයකියන හෘද සාක්කියෙන් අපිට වැඩක් නැහැ නේද? අපි අහස දිහා බලාගෙන ඉල්ලන්නේ මොනවාද කියා දන්නවාද?

:       722       602

MaheeThursday, 07 June 2018 07:17 AM

බමුණු සමග මුළුමනින්ම එකඟයි. හදවතක් නෙමෙයි, මොලයකුත් නැති එකේ ලැජ්ජාවක් කියලා දේකුත් නැති එකේ, දිගට හරහට මහජන මුදල් හොරකම් කර කර සුර සැප විඳින එක හැර වෙන මොනවද මොවුන් කරන්නේ? හෘද සාක්කිවලින් අපට ඇති වැඩක් නැහැ, අපෙන් හොරකම් කරපු සල්ලි ටික ආපහු දෙනවා නම් ඒ ඇති.

:       208       187

faizerThursday, 07 June 2018 08:12 AM

මත පලකිරීමම අපරාදයක්.

:       0       2

ramaThursday, 07 June 2018 08:23 AM

හදවතක් නැති මිනිස්සු ළඟ සැකසී කොහෙන් හොයන්නද අපි ඉල්ලන්නේ වැහි නැති හෙන ඔය ඉන්න 225 දෙනාටම.

:       13       141

RavendraThursday, 07 June 2018 08:57 AM

ඔබගේ අදහස් 100% නිවැරදියි. දියවන්න ඔයේ එක අයෙක්ටවත් ඔය කියන හෘද සාක්කියද මොකක්ද මගුල නැහැ. එය නම් ඉරහද මෙන් විස්වාසයි. එසේ තියෙනවා නම් මේ මොහොත වෙනකොට දියවන්නඔය නාඩගම් මඩුව හිස්.මොකද හෘද සාක්කියට එකඟව ඔතන කිසිම කෙනෙකුට ඉන්න බැහැ. හැබැයි ඔතන ඉන්න 225 ටම තියෙන්නේ "මලකඩ කාපු , හිල් වෙච්ච, කුණු වෙච්ච " හෘද සාක්කි.

:       0       0

samThursday, 07 June 2018 09:05 AM

ඩොලර් එක 160 වෙලා. 200 වෙන්න වැඩි දවස් යන්නේ නැහැ මේ විදිහට රට අරාජික වෙනකොට

:       0       0

BamunuarachchiThursday, 07 June 2018 09:34 AM

අපි අහස දිහා බලා ගෙන ඉල්ලන්නේ ඔබලාට අයහපතක් ප්‍රාර්ථනා කරමින්

:       0       0

sam Thursday, 07 June 2018 07:21 AM

අවනත වෙන්න එහෙම එකක් තියෙන්න ඕනේ නෑ. විකාර කියන්න එපා මහත්තයෝ, මේවා කරනඅයට යන්න අපායක් හදන්න වෙනවා.

:       5       144

සතයපාල Thursday, 07 June 2018 07:57 AM

හෘද සාක්ෂියක් තියන අයව මේ රටේ මිනිස්සු පාර්ලීමේන්තුවට යවලා නැහෑ. එහෙම වෙන්නේ රටේ බහුතරයකටත් හෘද සාක්ෂියක් නැති නිසයි. තමන්ට හෘද සාක්ෂියක් තියෙන්න ඕන පළමුව. තමන් තමන්ගෙන්ම අසා ගත්තා නම් හරි සුදුසු නිවැරදී පුද්ගලයන්වද තමන් පාර්ලීමේන්තුවට යැව්වේ කියලා.

:       0       292

Senarath Thursday, 07 June 2018 08:01 AM

කලින් හිටපු කතානායකලා නම් හිතට එකගව වැඩ කළා බොහෝදුරට. එත් මෙතුමා නම් එහෙම කරන්නේ නැහැ කියලා කිහිප වරක්ම ඔප්පු කරලා පෙන්නුවා.

:       13       304

saj Thursday, 07 June 2018 08:07 AM

ෂුවර් එකටම කතානායකත් සල්ලි අරගෙන ඇති.?

:       18       572

සුපු Thursday, 07 June 2018 08:59 AM

හෘද සාක්ෂියට අවනත විය හැක්කේ හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ට පමණි

:       0       8

asanka Thursday, 07 June 2018 10:00 AM

කතානායකතුමා පවසන පදනම් විරහිත චෝදනා බොහෝ විට ඇති වන්නේ සත්‍ය හෙළි නොකිරීම නිසයි. එම නිසා හැකි ඉක්මනින් මේ ගනු දෙනුවට සම්බන්ධ අයගේ නම් හෙළි කිරීමෙන් ඔය කියන "පදනම් විරහිත චෝදනා" කිරීම නවතා ගත හැකියි.

:       0       11

rasika Thursday, 07 June 2018 02:35 PM

දැන් මේ කතානායක කවද ආරක්ෂා කරන්න හදන්නේ කියල බලන්න ඕනේ..මේ ආණ්ඩුව හත්පොලේ ගාගෙන ඉන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site