(ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
ගාල්ල බන්ධනාගාරයේ අමුත්තන් බැලීමේ කාමරය අසලදී පාතාල කල්ලියක ගෝලයින් පිරිසක් සිරදඬුවම් විදිනු ලබන රැඳවියකුට පහරදී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
මෙම රැඳවියා බන්ධනාගාර නිලධාරින් විසින් කඩිනමින් කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන විත් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු බන්ධනාගාර රෝහලට යළි රැගෙන ගොස් තිබේ.
සිරදඬුවම් විදිනු ලබන රැඳවියාගේ මුහුණට පහරදී ඇති අතර මෙම ගැටුම බන්ධනාගාර නිලධාරින් විසින් ක්ෂණිකව මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.
කොස්ගොඩ සුජි නැමැති පාතාල කල්ලියේ ගොලයින් පස්දෙනෙකු මෙම රැඳවියාට පහරදී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම රැඳවියා උපක්‍රමශිලිව අමුත්තන් බැලිමේ කාමරය අසලට ගෙන්වා ගෙන පහරදී ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු හා මෙම රැඳවියා අතර මීට දිනකට පමණ ඉහතදී ආරවුලක් ඇති වී තිබේ.
එයට පළිගැනීමක් වශයෙන් සිරදඬුවම් විදිනු ලබන රැඳවියාට පහරදී ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳ ගාල්ල බන්ධනාගාර අධිකාර ජගත් චන්දන වීරසිංහ මහතාගෙන් අප කළ විමසුමක දී මෙසේ කිවේය.
සිරදඬුවම් විදිනු ලබන රැඳවියකුට පහර දිමක් වෙලා තියෙනවා. ඔහුගේ මුහුණට තමයි පහරදිම වෙලා තියෙන්නේ මොහු කරාපිටිය රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමෙන් පසු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තියෙනවා.
මෙම ගැටුම බන්ධනාගාර නිලධාරින් විසින් ක්ෂණිකව මැඩපැවැත්වීමට කටයුතු කළා. බන්ධනාගාර නිතිරිති වලට අනුව මෙකී පහරදිමට සම්බන්ධ අය බන්ධ විනිශ්චය මණ්ඩලය හමුවට පමුණුවා දඬුවම් ලබාදීමට කටයුතු කරනවා යැයි ද බන්ධනාගාර අධිකාරිවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බන්ධනාගාරයේ රැඳවියකුට පතාල කල්ලි පිරිසක් පහර දීලා
රවින් Thursday, 14 June 2018 08:51 AM
පාතාලේ ගිහිල්ල තියන දුර.