අනීෂා මානගේ
පුද්ගල ඝාතන හා මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙක් විදේශීය රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක් හා කඩුවක් සමග තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් අද(10) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රන්න අදුපැලෑන ප්‍රදේශයේ පදිංචි බිංදු නම් අන්වර්ථ නාමයකින් හදුන්වන විසිහය හැවිරිදි පුද්ගලයෙකි.
දැනට මාස කිහිපයකට ඉහතදී වීරකැටිය කොටබෝව ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය සිදු කිරීම, හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම යන සිද්ධිවල ප්‍රධාන සැකකරු මොහු බව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බින්දු බින්දු තාරකා කඳුළු මල් විලේ.... උමතු වී මිනී මරයි