චමිල් රූපසිංහ
රටේ මිනිසුන්ට බදු පනවා මිනිසුන්ගේ අතේ තියෙන මුදල් වලින් රජයේ තියෙන කටයුතු කරගන්නට පුලුවන් කියා රජය වැරදි අදහසක සිටින බව මැදගම ධම්මානන්ද අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී නාහිමියෝ පැවසූහ.
මැදගම ධම්මානන්ද නා හිමියන් මෙසේ පැවැසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සභාපති ජී එල් පිරිස් මහතා අද (13) වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන් හා අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී නාහිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීය.
මැදගම ධම්මානන්ද නාහිමියන් මෙසේද පැවැසුහ.
‘රටේ නිෂ්පාදනයන් වැඩි කරල විදේශ විනිමය උත්පාදනය කරගන්න ඕනෑ. කෘෂිකාර්මික වශයෙන් දියුණුවක් ඇති කරගන්න ඕනෑ. නමුත් ඒ කිසි දෙයක් නැතුව විවිදාකාරයෙන් බදු පැනවීමෙන් මිනිස්සු පීඩනයට පත්කිරීමෙන් මනුස්සයාගේ තියෙන දුක් ගැනවිලි වැඩිවීමක් වෙනවා. එවිට රටේ සංවර්ධනය සම්පූර්ණයෙන් ඇන හිටිනවා. රටේ ආර්ථිකය සතුටුදායකයි කියා අපිට කියන්නට හැකියාවකුත් නෑ.
අපි මේ සම්බන්බන්ධව රජයට විවිද අවස්ථාවලදි කියලා තියෙනවා. මේ විදිහට දිගින් දිගටම ගියොත් රටේ ආර්ථිකය වගේම ජනතාවත් දුගී දුප්පත් කමට පත්වෙනවා. මෙහෙම යෑම රටේ දේශපාලන අස්ථාවර භාවයට හේතුවක් වෙනවා. මේ අකාරයට දිගින් දිගටම යද්දි අපට හානි කරන්නට බලන් ඉන්න විදෙස් රටවල් වල පිරිස් වලට අපව යටත් කර ගැනීමේ අවකාශයක් ඇති වෙනවා. එනිසා දේශපාලනයේ ඉන්න කවුරුත් මේ දේවල් ගැන කල්පනාකාරි වෙන්න වෙනවා.‘‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට බණ නොකියා, මිනිස්සුන්ට බණ කියලා ගුණගරුක සමාජයක් ගොඩනගන්න හාමුදුරුවනේ...
අවසර හාමුදුරුවනේ... මහින්ද රාජපක්ෂ ගත්තු ණය ගෙවන්න වෙන විදිහක් තියෙනවා නම් අපිට කියලා දෙන්න.
මේවා ධර්ම මන්දිරවල ඇතුලේ ඉඳන් නොකියා පාරට බැහැලා කියනවා නම් ඔවුන් තමයි නියම බුදු පුතුන් වන්නේ අපේ හාමුදුරුවනේ...!
බුදු දහම ගැන හාමුදුරුවරු හිතන් ඉන්නේ වැරදි අදහසක්...
බදු විතරක් නොවේ. බුදු දහම ගැනත් යහපාලන රජය ඉන්නේ වැරදි අදහසක වගෙයි.
අපේ හාමුදුරුවනේ මහලු වයසට අපිට පිටරට රෝහල් වලට යන්න වත්කම් නැති නිසා... අර්තසාධකයට ලැබුණු මුදල්, අාගම දහමට අනුව ජි්වත් වීමෙන් ඉතුරු කරගත් මුදල්, බැංකුවේ ස්ථාවර තැන්පතු දැමීම... ලැබෙන පොලී මුදල උද්දමනයටවත් ප්‍රමාණවත් නැහැ. ඒත් මේ හිඟන රජය බදු ගහනවා. මම යෝජනා කරන්නේ මන්ත්‍රී , අැමතිවරුන්ට පඩියක් නොව දීමනාවක් දිය යුතුයි. වාහන සාමාන්‍ය වාහන විය යුතුයි. අනිවාර්යයෙන්ම අසාධාරණ පැන්ශන් එක ඉවත් කළ යුතුයි. මෙයින් රජයට සාධාරණ මුදලක් ඉතිරිකර ගතහැකියි.
හාමුදුරුවෝ හරියටම හරි. බදු වැඩිකරනවා කියන්නේ මහජනතාවගේ බඩට ගහනවා කියන එකයි. මේ ආණ්ඩුව බලන්නේ පුළුවන් තරම් බදු ගහල රටේ ණයබර මොහොතින් ගෙවල දමන්න. එකෙන් වෙන්නේ දුප්පත්ම මිනිස්සුන්ගේ එක කෑම වේලක් නැති කරලා දමන එක කියලා මෙයාල හිතන්නේ නැහැ. බදු ගහන්න ඕන හරියට මීමැස්සා මල නොතලා රොන් එකතු කරනවා වගේ කියලයි හැමෝම කියන්නේ.
දේශපාලක අම්බරුවන්ගෙන් ඔය නායක උන්නාන්සේලාට අවුරුද්දකට අටපිරිකර අසු හාරදාහක් විතර හම්බවෙනවා ඇති. හැම දේශපාලකයාම දැන් වලිගේ ගහගෙන උන්නාන්සේලා ලඟට දුවන එක මෝස්තරයක් වෙලා. මාර බෞද්ධයෝ නේ!
රජයේ අනවශ්‍ය වියදම් අඩු කළා නම් බදු ගහන්න ඕනේ නැ. රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්න මාසෙකට බිලියන 45ක් විතර යනවා. නමුත් රජයේ සේවය තනිකරම අකාර්යක්ෂම යි. වැඩ නොකර පඩි ගන්න අය එමටයි.
1977 ජේ.ආර් ආණ්ඩුව මේ රටේ දේශිය කර්මාන්ත හා කෘෂිකර්මාන්ත විනාශ මුඛයට ඇද දමමින් මේ කාබාසිනියාකාර විවෘත ආර්ථික ක්‍රමය හදුන්වා දුන්නා.එදා ඉදන් අද දක්වා පත් වුණ කිසිම ආණ්ඩුවක් රටේ කාර්මික හා කෘෂිකාර්මික නිශ්පාදනයට මැදිහත් වුණේ නැහැ.තියෙන සම්පත් විකුණ විකුණ ලෝකයට ණය වෙවී රට පාලනය කලා විතරයී.එහි කූඨ ප්‍රප්තිය උනේ පසුගිය ආණ්ඩුව වැඩි පොලියට ණයට අරගෙන ආර්ථික වශයෙන් රටට කිසිම ථලදායිතාවයක් නැති සෝබන ව්‍යාපෘති ගොඩක් රටට ඉතිරිකර රට ආර්ථික අගාධයකට දැමීම වන අතර එදා එම රජයට අර්ථයෙන් ධර්මයෙන් අනුසාණා කරන්න කිසිම ආගමික නායකයෙක් ඉදිරිපත් නොවිම මේ කණගාටුදායක ඉරණමට එක් හේතුවක් වි ඇත.
පහුගිය ආණ්ඩුවේ ණය පියවීමක් නොවෙයි මේ සිදුවන්නේ. සිංගප්පූරු කාරයෙක්ව ලොක්ක කරලා රනිල් දීපු මහබැංකු මහ මංකොල්ලය නිසයි. නමුත් මේ පින්ගුත්තරයින් කතා කරන්නේ (ප්‍රතිචාර දමන සමහරු) නොදන්නා සේය. මේ ද්‍රෝහී ආණ්ඩුව ජනතාවට කිසිම සේවයක් නොකරන, බොරු කියන, හොරකම, වංචාව පිරි, රට වනසන පිරිසක් බව කිව යුතුමයි.
අැඟේ මාලු නටන මෙවැනි කාරණාවලදි මෙයා වැනි අසික්කිත මිනිසුන්ට වීරයින් වීමට අවස්ථාව යෙදෙනවා. මතක තියාගන්න මෙයා බොරු ෂෝ දාලා ගුටි කෑවා. ඒකේ තරහට කුඩ්ඩෝ ලවා එතන නෝනා කෙනෙකුගේ පිට කැපුවා. මෙවැන්නන් වතුර නැතිව පාරේ මැරුණත් පැත්තවත් නොබලා යන්න හිත ශක්තිමත් කරගන්න.