ප්‍රසාද් රුක්මාල්
පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයට බලය හිමිව තිබූ බදුල්ල මහනගර සභාව අද (28) පොදුජන පෙරමුණේ ප්‍රියන්ත අමරසිරි මහතා නගරාධිපති ලෙස විවෘත ඡන්දයෙන් තේරිපත් විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී රංගේ අසිත නලින්ද මහතා නියෝජ්‍ය නගරාධිපති ලෙස තේරිපත් විය.
බදුල්ල මහනගර සභා රැස්වීම් ශාලාවේදී මෙම රැස්වීම් පළාත් පාලන කොමසාරිස් මංගල රංදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නගරාධිපති තනතුර සඳහා බදුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු,මෙන්ම හිටපු විපක්ෂ නායකයා වූ ඇම්.ඩී.ඒ.හේමචන්ද්‍ර මහතාගේ නම යෝජනා වූ අතර ඡන්දය විමසීමේදී ඔහුට ඡන්ද 9ක් ලැබුණු අතර ,නගරාධිපති වූ ප්‍රියන්ත අමරසිරි මහතා ඡන්ද 12ක් ලබාගත්තේය.
නියෝජ්‍ය නගරාධිපති තනතුර සදහා එක්සත් ජාතික පක්ෂයේ ජේ.ඇම්. අසාර් මහතාගේ නම යෝජනා වු අතර ඔහුට ඡන්ද 9ක් ද නියෝජ්‍ය නගරාධිපති වු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රංගේ අසිත නලින්ද මහතා ඡන්ද 12ක් ලැබිණි.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු තිදෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
බදුල්ල මහ නගර සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී 3 ක්, එජාප මන්ත්‍රී 9ක්, එජනිස 5ක්,පොහොට්ටුව 8ක් වශයෙන් මන්ත්‍රිවරු 25ක් තේරි පත්ව සිටිති.





2025 දෙසැම්බර් මස 18
561
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුල්ලෙත් පුරපති පුටුව පොහොට්ටුවට