(තරිදු ජයවර්ධන සහ ඩයනා උදයංගනී )
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය මගින් අද කතානායක කරුජයසූරිය මහතාට දුන්නේය.
එම යෝජනාවට පක්ෂව අත්සන් 66 ක් ලැබී තිබේ.
රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව සකස් කළ චෝදනා 10කින් යුත් මෙම විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන උදය ගම්මන්පිල මහතා ඇතුළු මන්ත‍්‍රීවරු පිරිසක් කතානායක කරු ජයසූරිය මහතාට අද (16) භාර දුන්හ.

COMMENTS
මෝඩ චූන් කියන්නෙ මේවට තමයි. ඇමතිතුමා වැරැදි වැඩක් කරල තියනවනම් ඒකට නීතිය අනුව කටයුතු කරන්න ඕනෑ. මේවගේ වැඩ වලින් වෙන්නේ තවත් මිනිස්සු ඇවිස්සෙන එක.
නායක තුමා අත්සන් කරාද ? අනිවා මේක හරියට කරලා නැහැ කියලා නිෂ්ප්‍රභ කරයි.
මේ ඇමතිතුමා සම්බන්දව මුලු සමාජයේම විශ්වාශය භංගවෙලා තියෙන්නේ. ඒත් ඇමතිවරුන්ට මෙයාව විශ්වාසයිලු. පාර්ලිමෙන්තුව කියන්නේ සමාජයේ නියෝජනයක් නෙමෙයිද? අනේ අපේ පාර්ලිමෙන්තුවේ බහුතරයකට මෙතුමගෙන් මොන වශීකර්මයක් කරලද මන්දා. සමාජයටම එපා උනත් එයලට එපා වෙන්නෙ නෑ
මම ගම්මන්පිලටත් විමල්ටත් කිසිම කැමැත්තක් නෑ... නමුත් මංගල, හිස්බුල්ලා, අසාද් සාලිට විරුද්ධව විශ්වාසභංග ගෙනාවොත් මැරෙන කම් මේ දෙන්නට ඡන්දේ දෙනවා.. මොකද මේක අපිට හොඳ අවස්ථාවක් අපේ රටට ආදරේ කරන්න 225 තෝරාගන්න. මට පුළුවන් හැමදේම කරනවා... රටට ආදරය කරන මිනිස්සු ඊළඟ පාර්ලිමේන්තුවට යවන්න. පුලුවන් නම් රනිල්ට, සිරිපාලට දෙවනුව විශ්වාසභංග ගේමු..
විශ්වාසභංගයකින් හරි මොනයම් විදියකින් හරි බදියුදීන්ව ඇමතිකමින් අයින්කරන්න. මොකද මේ අය ඇමති වරප්‍රසාදවලින් තවුහීත් ජමාත් එකට උදව් කරනවා සහ මහා පරිමාණ විල්පත්තුවේ ජනසමූහයක් එහෙ හොරෙන් පදිංචි කරනවා. මේක පාලකයින්ට කොතරම් කිව්වත්, බීරි අලින්ට වීනා වාදනය කරනවා වගේ කිසිම වැඩක් නැහැ. මේක ජාතික මෙහෙවරක්.
නොදෝකින්' මේ වෙලාවේ ගැටුම නැවත්වීම හා නැවත හිස නොඑසවීමට කළයුතු දේවල් හැර අනිත් ඔක්කොම මොවුන් කරනවා. ඔය කාලකන්නි 225නේද ඔය විශ්වාස භංගෙට අන්තිමට ඡන්දෙ දෙන්නේ. එ්කෙන් කොහොමද මෙයා වැරදිද නිවැරදිද කියලා කියන්නේ... මෙයා වැරදි බව හා තව අය ඉන්න බව හොඳටම ඔප්පුවෙලා තියෙද්දි මෙයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකර සී.අයි.ඩී වැනි අදාල පාර්ශවයන්ට එය ක්‍රියාත්මක කරන්නට බලය නොදී මොවුන් මේ දාන මෝඩ චූන් මොනවද? නිසි ක්‍රියාමාර්ග ගන්නට බල කරපියව්. එහෙම නැතුව 225ක් වැනි බලයට කෑදර හා තම්බින්ගෙන් සල්ලි ගත් අයට කරන්නට පුළුවන් ඉටිගෙඩියක් නෑ. ඔක්කොම උන්ගෙන් ගත්තු කුට්ටිවලට ණයයි.
රිෂාඩ් ඇමතිතුමා කිසිම වරදක් කරලා නෑ. මේ විපක්ෂය පහුගිය දින 52 එතුමා ඔවුන්ට එකතු වුනේ නැති නිසා පලි ගන්නවා. මේක අර අයිසිස් ලා කරපු බලු වැඩක් මිසක් මේ රටේ කිසිම් මුස්ලිම් ඇමතිකෙනෙක් සම්බන්ධ නෑ. ආණ්ඩුව සම්බන්ධ නෑ. මේක ජාතිවාදී අරගලයක් කරන්න විපක්ෂය කැස කවනවා.
එතකොට අර දේශප්‍රේමී රට බේරාගන්නට යන කණ්ඩායම? එකේ නායකවරු සහ මහා නායකවරු?
මන්ත්‍රීවරු 225 ටම විශ්වාසභංග ගෙනාවත් කිසිම අවුලක් නැහැ .
මේ විකාර ඕනේ නැහැ...... මැතිවරණයක් ඉල්ල ගන්න.... කාට කාටත් මහජනතාව විශ්වාස භංගය පෙන්නාවි...
එවගේම විශ්වාසය භංග වූ කෙනෙන් විසින් භාරදීම තමා විහිලුව...එකට ආණ්ඩුව කරනකමිම දෙන්න පුලුවන් හැමදේම දීල ශක්තිමත් කරල..දැන් තමන්ගේ රැහේ නැති නිසා අවස්ථාවාදී දේශපාලන වාසියට මිසක් රටට ආදරයට කරන දෙයක් කියලනමි මෙිකට කියන්න එපා..සුදු ඇන්දට චරිත කලුයි...
ඔය භාරදෙන අයත් හොඳ මිනිස්සු නෙමෙයි ඉතින්. මේවා ඔක්කොම බොරු සංදර්ශන.
ඔබතුමාලා 225 දෙනාගෙම විශ්වාසභංගවෙලා තියෙද්දී තවත් මොන භාගද? රටේ මිනිස්සුන්ට තවත් පව් නොදී ගෙදර ගියා නම් තමයි වඩාත්ම හොඳ...
මේ වගේ වනලා එලෝ විකාරෙන් මෙලොව අතගානවා වගේ ගෙනත් තියෙන ජාතියේ දෝෂාභියෝග නම් ඕකේ ඉන්න 225ටම ගෙනාව හැකියි. මේක අපිව අන්දන්න ගෙනාව එකක්. තවත් පට්ට ගොන් ජෝක් එකක්. බලපල්ලා ඕක වැඩක් වෙන්නේ නැහැ. බදුර්දීන් එක්ක කතාවෙලා අපේ හොර දේශප්‍රේමීන් අපිව අන්දන්න කරන බොරුවක්. මේ කමෙන්ට් එකට වල්ගේ පාගා ගන්නේ නැතිව ඉවසලා ඉඳලා බලාපියව්....
අයියෝ වැලේ වැල්නැතුව ඉන්න ආණ්ඩුවට ඔක්සිජන් දෙනවා දැන් මේක පරාජය වුණු ගමන් පොහොට්ටුව නිකන්ම ජාතිවාදී වෙනවා. බදුර්දින් හිටියට වඩා හොඳින් එයාගේ කාරිය කරගෙන යනවා.
රාජපක්ෂවරු අස්සන් කරලද බලන්න
ලංකාවේ කොහෙද ඇමතිලා ඉන්නේ බොලව්, හරක් මිස......
පළමුවත් දෙවනුවත් තෙවනුවත් මව්බිම කියලා පපුවට ගහගන්න එක්කෙනා අත්සන් කරලා නෑ නේද?
බලමු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙනවද නැද්ද කියල. මේ විශ්වාසභංගය ගෙනාපු මේ උදවියම, මීළඟ ආණ්ඩු පිහිටුවන්න පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි මදිවුනාම,
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. නිකම්ම නිකං හරක් නොව කුළු හරක් .
අර දවස් 52 කේ ආණ්ඩුව පිහිටුවන්න බහුතරය ගන්න කෝටිගණන් දීලා ඔය කියන සමහර කට්ටිය බාගන්න කොට මොකද දන්නේ නැහැ මේ ගොල්ලෝ මොනවත් කලේ නැත්තේ...? වරුවේ ඇමතිකම් එහෙම ලැබුණු නිසාද?
අය්යෝ 66යි ද අත්සන් කලේ. 159ක් ම අත්සන් කරලා නැහැ. මේකෙන් පේනවා මෙයාට තියන සහය
පේන්නේ නැද්ද ඇමතිලා නොවෙයි ඉන්නේ ඇමැතිතුමාලා. මෙහෙව් රටකට හරියාවිද?
මෛත්‍රීයි මහින්දයි එකතුවෙලා අගමැති එක රැයින් අයින් කලේ. මෙයාට එහෙම කරන්න බැරි ඇයි.