(මහින්ද නිශ්ශංක)

බතලේගොඩ සහල් පර්යේෂණාගාරයේ දී සහ කාර්මික තාක්ෂණ ආයතනයේ දී පරීක්ෂාවට ලක් කළ සහල් සාම්පලවල ප්ලාස්ටික් අඩංගු නොවන බවත් පරිභෝජනයට සුදුසු බවත් පාරි‍භෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ චන්ද්‍රිකා තිලකරත්න මහත්මිය පැවසුවාය.

ප්ලාස්ටික් සහල් වෙළඳපොළට පැමිණ ඇති බවට ප්‍රචාරය වීමත් සමග ලංකා සතොස අලෙවිසල් ඇතුළු අලෙවිසල්වලින් ලබාගත් සහල් සාම්පල් 11ක් මෙහි විද්‍යාගාරවලදී පරීක්ෂාවට ලක් කෙරුණු බව ඇය කීවාය.

මේ අතර සහල් සම්බන්ධ ව්‍යාජ මත පැතිරවූ සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් සෙවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව ලංකා සතොස සභාපති ටී.එම්.බී.කේ.තෙන්නකෝන් මහතා පැවසීය.