(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල ජලාශයකන්ද ප‍්‍රදේශයේ නිවසක තාප්පයක ඇති කවුළුවක සඟවා තිබූ ජීව අත්බෝම්බ දෙකක් අද (16) සොයා ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
මෙම නිවසේ නිවෙස් හිමිකරු විසින් තම නිවසේ තාප්පයක ඇති කවුළුවක පොලිතීන් වලින් ඔතා ඇති නාදුනන යමක් ඇති බවට පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට ලබා දුන් තොරතුරක් අනුව බණ්ඩාරවෙල පොලීසිය විසින් මෙම ජීව අත්බෝම්බ දෙක සොයා ගෙන ඇත.
කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ජීව අත්බෝම්බ දෙක රැගෙන විත් පොලිතීන් කවරයක ඔතා මෙම තාප්පයේ කවුළුවක සඟවන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
මෙම ජීව අත්බෝම්බ දෙක නිෂ්ක‍්‍රීය කිරීම සඳහා හපුතලේ පොලිස් විශේෂ කාර්යය බළකායේ නිළධාරීන්ට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd