කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16) පැවැති නිදහස් කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 කින් පරාජය කරමින් බංග්ලාදේශය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 159 ක් ලබාගත්තේය. බංග්ලාදේශ කණ්ඩායම ඕවර 19.5 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 160 ක් ලබාගත්තේය.
තරගාවලියේ අවසන් මහ තරගය බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ලබන ඉරිදා (18 වැනිදා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි.
තරගයේ වැඩි විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.
COMMENTS
පුද්ගලික කෝන්තර පිරිමහගන්න දක්ෂයෝ කැපුවම ඔහොම වෙනවා කියන එක දැන්වත් තේරුම් ගියොත් අනාගතේ ගැනවත් බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්.
අපේ ක්‍රිකට් ටීම් එකත් මේ රට වගේ තමා.. මුල ඉදන්ම ගොඩනගන්න වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් දේශපාලන අතපෙවීම් වලින් මුදා නොගත්තොත් ඉවරටම ඉවරයි.
දේශපාලුවන්ගේ හිතුමනාපෙට ක්‍රීඩකයන් එහෙ මෙහෙ කරනවාට හොඳ පාඩම.
අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවත් (අපේ සීයා කියන්නේ "කිරි කොස්" කියලා) නියම සුදු අලියෙක් වෙලා! යන යන තැන පරිප්පු කනවා. මැච් දහයක් ගහලා එකක් දිනුවොත් නියමෙට තප්පුලනවා.. අනේ මෙහෙමත් දෙයක්. මේකට වැය කරන සල්ලි වලින් දුෂ්කර පළාත්වල අසරණ පාසල් දරුවන් කී දාහකට පාසල් පොත්, නිල ඇඳුම්, පාවහන් ලබා දීමට පුළුවන් වෙන බව තවම ක්‍රීඩා ඇමතිවරයාට තේරුම් නොගැනීම දරුවන්ගේ අවාසනාවක් නොවේද?
බංගලදේශයෙ ක්‍රීඩකයන් අන්තිම පන්දු වාරයේ හැසිරුණු වීදිය අන්තිම නරකයි. ඒ ගැන තරග තීරක තීරණයක් ගත යුතුයි .
අපේ රටට ඇවිත් අපිටම ගහලා ගියේ නෑ. අපි දන්න ඇති කාලෙක... පාලකයෝ මොනවද කරන්නේ? පුහුණුකරුගේ වැරැද්දක් නෑ.