( චමිල් රුපසිංහ )
බෝගම්බර දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවූ රැඳවියන් තිස් දෙනකු පමණ ආහාර වර්ජනයක යෙදෙමින් දිවා ආහාරය ප්‍රතික්ෂේප කර තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා කියයි.
රැඳවියන් පිරිස අද (14) දහවල් සිට ආහාර වර්ජනය ආරම්භ කර ඇති අතර රජයේ අවධානය මේ සඳහා යොමු නොවුණහොත් මේ ආහාර වර්ජනය ඉදිරි දිනවලදී සෙසු බන්ධනාගාර දක්වා ව්‍යාප්ත වීමේ අවදානමක්ද තිබෙන බව බන්ධනාගාර රැඳවියන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුවේ සභාපති නීතීඥ සේනක පෙරේරා මහතා පවසයි.
සේනක පෙරේරා මහතා පැවැසුයේ සිරකරු සමාලෝචනය යටතේ මරණීය දණ්ඩනය නියමවූ සිරකරුවන්ට ජීවිතාන්තය දක්වාත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවූවන්ට වසර 20 ක සිර දඬුවමක්ද ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ ප්‍රතිපාදන තිබුණත් ඒවා සාධාරණ ලෙස ක්‍රියාත්මක නොවීමට විරෝධය දක්වා රැඳවියන් මෙලෙස ආහාර ප්‍රතික්ෂේප කර තිබෙන බව ද ඒ මහතා පැවැසිය.
රජය රැඳවියන් වෙනුවෙන් ආහාර සඳහා වෙන්කරන මුදලට සරිලන ප්‍රමිතියෙන් යුත් ආහාර වේලක් ඔවුන්ට නොලැබෙන බවත් බන්ධනාගාර තුළ ඇතැම් නිලධාරීන් සිරුකරුවන්ට වධහිංසා පමණුවන බවත් මෙම සියලු කාරණා වර්ජනයට හේතුවී තිබෙන බවත් ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු සහ මිනීමරුවන් කොටසක් බන්ධනාගාර රෝහලේ තබාගෙන කරන අසාධාරණය නිසා සියලු බන්ධනාගාරවල කැරැල්ලක් ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇත. කරුණාකර මේ ජාතික විහිලුව නවත්වන්න. දියවැඩියාව ආදී රෝහල්ගත නොකළයුතු සාමාන්‍ය ලෙඩ සහ රෝග ලක්ෂණ වලට කුඩුවේ තබා බෙහෙත් දෙන්න. ලලිත් සහ පැල්පිට වහාම කුඩුවට යවන්න.
බන්ධනාගාර රෝහලේ පදිංචි වීමටත්, දොස්තරවරුන් ලවා බෙහෙත්වලට අමතරව සෙල්ෆෝන් ලබා ගැනීමටත්, ප්‍රධාන ජෙලරගේ කාමරයට වෙලා කෑම ගැනීමටත් අවසර ඉල්ලා උපවාස කළා නම් මීටත් වඩා සාධාරණයි.