IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


බෝගම්බර ප්‍රකාශය එළි දකී

(ඩයනා උදයංගනී)
 

‘දැයම එක රොදකට‘ යන තේමාවෙන් බොදු බල සේනා සංවිධානය සංවිධානය කළ සිව් හෙළයේ මහා සමුළුව තෛයි නිකායික මහා සංඝරත්නයේ හා අති විශාල ජනකායකගේ  සහභාගීත්වයෙන් කන්ද උඩරට ඓතිහාසික සෙංකඩගල පුරවරයේදී අද  පැවැත්විණි.

රට ඉදිරියට ගමන් කළ යුතු දිශා නිතිය සඳහන් විශේෂ ප්‍රකාශයක්ද ‘ බෝගම්බර ප්‍රකාශය‘ නමින්  මෙහිදී එළි දැක්විණි.

සමුළුව ආරම්භවීමට ප්‍රථම මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වැඩම කළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේක්ම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය එම බෝගම්බර ප්‍රකාශය දළදා වහන්සේ ඉදිරිපිට පුජා කළහ. මතුවතු - අස්ගිරි මහතාහිමිවරු බැහැදැක උන්වහන්සේලාගේ ආශිර්වාදය ද ලබාගත්හ.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, බුද්ධි අංශ ශක්තිමත් කර නොබෙදු රටක් තුල සියලු දෙනාට පොදු නීතීයක් ක්‍රියාත්මක කළ යුතුය.ජාතික හා ජන වාර්ගික පදනම මත පාසල් ආරම්භකිරීම හා පාසල් තුළ අන්තවාදී ඉගැන්වීම් තහනම් කළ යුතුය,ජාතික උරුමයන් සුරැකිය යුතුය,සිංහල මව්වරුන් ඉලක්කකරගෙන වන්ධ්‍යාකරණයට එරෙහිව නීතී රීතී පනවා  ජන සංයුතිය ජාතික ප්‍රතිපත්ති රාමුවක් හරහා කළමනාකරණය කළ යුතුයි.සියලු පුරවැසියන්ට ප්‍රමාණවත් සෞගඛ්‍ය පහසුකම් බලා දිය යුතු අතර හලාල් වැනි ආහාර සහතිකරණයෙන් අදාළ ජනතාව වෙනුවෙන් පමණක් ඇති කළ යුතු ආදි කරුණු ඇතුළත් යෝජනාවලියක්ද මෙහිදී ඉදිරිපත් කෙරිණි. 



අදහස් (16)

බෝගම්බර ප්‍රකාශය එළි දකී

de silva berlin Sunday, 07 July 2019 03:30 PM

යුරෝපයේ රටවල වගේ "සියලුම රටවැසියන්ට පොදු නීතියක් "ගෙනඑන්න ඕනේ.., එහි කිසිම වැරැද්දක් නැහැ. මේක පනතක් මගින් පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගන්න.

:       138       869

Bamunuarachchi Sunday, 07 July 2019 05:16 PM

අපේ හාමුදුරුවනේ කියන්න ඕන ටික යුටියුබ් එකේ ලීවා .

:       12       5

Chanak los angeles Sunday, 07 July 2019 05:53 PM

බොරු වැඩ ... වර්ජනය කල යුතුයි .

:       307       51

Chanak los angeles Sunday, 07 July 2019 07:10 PM

බුදුන් සංඝයාට සියුර පැනෙව්වේ විකාරයන් කර කර කාලේ කන්න නොවේ .නියම බෞද්ධයාව මේ විකාරයන්ට රවටාගන්න ලැබෙන්නේ නැහැ .

:       184       24

Ajantha Monday, 08 July 2019 01:46 AM

රටේ පොඩි මිනිස්සු ගැන හිතන්න කවුරුත් නැහැ.

:       1       41

Chanak los angelesMonday, 08 July 2019 04:58 AM

පොඩි මිනිහාට කියා වෙනම කෙනෙක් නීතියක් නැහැ මුළු රටටම බලපාන පොදු නීතිය තමයි ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් සකසා තිබෙන්නේ . කරුමෙට එම නීතිය රටතුල ක්‍රියාත්මක නොවීමයි ප්‍රශ්නය ..

:       9       31

Laksitha paris Monday, 08 July 2019 02:35 AM

සිල්වා මයා සමග මමත් එකගයි..

:       1       7

Chanak los angeles Monday, 08 July 2019 05:02 AM

මේ ඉටුකරන්න හදන්නේ ගෝඨලාගේ කොන්ත්‍රාත්තුවක් කියා නොසිතෙන කෙනා මෝඩයෙක් ..

:       515       133

sharm warn Monday, 08 July 2019 06:09 AM

චානක් , ඔයා ඉන්නේ ලංකාවේ නෙමෙයි නිසා සමහර දේවල් ඔයා දකින්නේ නැහැ නමුත් අපි නොදකින සමහර දේවල් ඔයාලා දකින බව මම පිලිගන්නවා . අපිට අත් විදින්න වෙලා තියෙන අසාධාරණ බොහොමයි . මහා සංඝයා වහන්සේලා ට පමණයි අපේ කුහක දේශපාලකයෝ මෙල්ල කරගන්න හැකි වෙලා තියෙන්නේ . ඒ නිසා උන්වහන්සේලාට ඉදිරියට එන්නම සිද්ධ වෙලා . එහෙම නොකලොත් ඇතැම් රටවල බෞද්ධ ජනතාවටත් භික්ෂුන්වහන්සේලාටත් විදින්න වෙලා තියෙන සහාසික ඉරණම අපේ රටෙත් පටන් ගන්න පුළුවන් වාතාවරණයක් හැදීගෙන ආවා . එකේ එක උච්ච මොහොතක් තමයි අප්‍රේල් 21 අපි හැමෝම අත් වින්දේ . ඒ තරම් තොරතුරු ලැබිලත් රටේ නායකත්වය මොකද කලේ කියලා ඔයා දන්නවනේ . අඩු ගානේ ඊට පස්සෙත් මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන මොන වගේ සහතිකයක් ද දුන්නේ කියලත් දැක්කනේ . අපේ පරිස්සම අපිම බලාගෙන ඉන්නේ . තවමත් උවදුර පහ වෙලා නැහැ . අපේ රටේ දේශපාලනය කියන්නේ කුරය දෙකට බෙදිච්ච සත්තුන්ගේ පොර පිටියක් වෙලා . ඒ නිසා අපි කිසිම දේශපානඥයෙක් විශ්වාස නොකරන තත්වයක ඉන්නේ . කොහොම හරි දුක් විදින මිනිස්සුන්ට යහපතක් වෙනවද කියලා තමයි අපිත් බලන් ඉන්නේ . එතැනදී එක පාරට ම අපිට මේ වගේ දේවල් පිලිකෙව් කරන්නත් බැරි තත්වයක් අපිට තියෙන්නේ.

:       158       216

sharm warn Monday, 08 July 2019 06:10 AM

චානක් , ඔයා වැරදියි හෝ නිවැරදියි කියන්න බැරි තත්වයක් තමයි අපිට උදා වෙලා තියෙන්නේ

:       12       3

sharm warn Monday, 08 July 2019 06:12 AM

මෙහි පිටපතක් ලබා ගන්න කැමතියි . කියවා බලා දැනගැනීම පිණිස ....

:       0       8

Muthu Monday, 08 July 2019 07:58 AM

අන්තිමට සාරි පොටේ එල්ලිලා හරි ගොඩ යන්න හදනවා..

:       19       7

wimal Monday, 08 July 2019 08:49 AM

චානක්, ඝෝඨාහට ඔච්චර බයද? කොහොමත් ඉදිරියේදී රට බාරගන්නේ එතුමාලා නිසයි. කලාවන් වෙච්ච සිංහල පරට්ටයෝ නිසා හැමදාම රට පස්සට යනවා... හරි මිනිහෙක් අපි හොයාගන්න ඕනෑ. ඉදිරියේදී දැඩි තීරණ ගන්න කෙනෙක් එනවා.

:       34       117

athuraMonday, 08 July 2019 09:42 AM

බය නොවී කොහොමද විවේචනය කලොත් මරණය දොරකොඩම ඉදිවී. අනෙක ගෝඨා බලයට ආවත් පිටිපස්සෙන් ඉන්නෙ පරණ හොරු ටිකමනේ.

:       81       41

Chanak los angelesMonday, 08 July 2019 09:37 PM

විමල් මොනවද මේ අහන්නේ

:       0       0

Chanak los angeles Tuesday, 09 July 2019 09:11 PM

අතක් පපුවේ තියාගෙන මොකක්ද මේ ජපකරන්නේ? ගහමු, වනසමු, ගිනිතියමු කියාද දන්නේ නැහැ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1589 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1380 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site