(මුදිතා දයානන්ද)
පාසල්වල පෙළ පොත් අවශ්‍යතාවයෙන් අඩක් පමණක් සපයන අධ්‍යාපන අමත්‍යංශය ඉතිරි පොත් මුදලට මුදලට විකුණන්නේ යැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
අධ්‍යාපන අමත්‍යංශයේ ග‍්‍රන්ථ ප‍්‍රකාශන අංශයෙන් මෙම පොත් අලෙවි කිරිම මේ දිනවල සිදුවන බවත් පොත් ලබාගැනීම සඳහා විශාල පිරිසක් පෝලිම්වල සිටිනු දැකිය හැකි බවත් මෙය පෙළපොත් සමස්ත ශිෂ්‍ය ප‍්‍රජාවට මුදලට විකිණිමේ ආරම්භයක් විය හැකි බවත් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං මහතා පවසයි.
පාසල්වල පෙළ පොත් අවශ්‍යතාවයෙන් සියයට පනහක් පමණක් සපයන අධ්‍යාපන අමාත්‍යංශය ඉතිරි අඩ පරණ සිසුන්ට ලබාදුන් පොත්වලින් සපුරා ගන්නා ලෙස දන්වා ඇති බවත් එහෙත් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ පොත් බහුතරයක් එලෙස නැවත භාවිතා කළ හැකි මට්ටමක නැති බවත් පවසන ස්ටාලිං මහතා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත 10 හා 11 වසරවල සිසුන්ගේ පොත්ද ඔවුන් විභාගයට පෙනී සිටින තුරු නැවත ලබා නොගන්නා බැවින් එම වසරවල සිසුන්ට අවශ්‍ය පොත් ප‍්‍රමාණය පරණ පොත්වලින් ලබාදිය නොහැකි බවද පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දැන් අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරගන්න කියල කෑගහපු අය.
ඔච්චර සල්ලි විනාශ කරන එකේ ළමුන්ට නොමිලේ අලුත් පොත් දෙන්න රජය ලෝභ වෙන්නේ මොකද?
මේක සම්පුර්ණ සත්තයයක්. අපොයි මෙහෙමත් ආණ්ඩුවක්. හිටන් කියයි මේක දැක්කෙත් පත්තරෙන් කියල.
මමත් 7 වසර පෙළ පොත් ගත්තේ මුදලට. මිලදී ගත්තේ රජයේම අධ්‍යාපනය සම්බන්ධ ආයතනකින් රිසිට් පතත් නිකුත් කරනවා. හැබැයි පොතේම ගහලා තිබෙනවා නොමිලේ නිකුත් කලයුතු බව...