ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
පළාත් පාලන මැතිවරණය පැවැත්වු කොට්ඨාස ක්‍රමයටම පාළාත් සභා මැතිවරණය ද පැවැත්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහස යැයි පළාත් සහ ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා අද (21) පක්ෂ නායක රැස්විමේදී පවසා තිබේ.
එම මතයට විරුද්ධ වී ඇති ශ්රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා පවසා ඇත්තේ පළත් සභා මැතිවරණය පැරණි මානය ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවයි.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකිර්ණයේ දී අද (21) සවස පැවැත්විණි.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මෙසේ පාර්ශව දෙකක මත දෙකක් පලවීම නිසා ඒ සම්බන්ධව විශේෂ විවාදයක් පැවැත්වීමට කතානායකවරයා යෝජනා කර ඇති අතර ඊට පක්ෂ නායකයින් එකඟ වී තිබේ.
ඒ අනුව පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු ක්‍රමය සම්බන්ධව සභාව කල් තැබිමේ විවාදයක් ජුලි 6 වැනි දා දවස පුරා පැවැත්වීමට තිරණය කර ඇත.
ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාවක් අනුව සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධව විවාදයක් ජුලි 18 වැනි දා පැවැත්වීමටද පක්ෂ නායකයින් එකඟ විය.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන පාර්ශව දෙක මත 2ක්